නාම යෝජනා දුන්නත් චන්දය අවිනිශ්චිතයි - Exclusive Exposed
හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ කියන්නාක් මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේ ජයග්‍රහණය නාමයෝජනා වලදීම වත්මන් සභාපති ශම්මි සිල්වා තහවුරු කළා. ලබන මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවණයේ ඔහුගේ ජයග්‍රහණය වැලැක්වීමට නම් මැජික් එකක් කළ යුතුව තිබෙනවා. එය ඉටු කිරීමට රණතුංග පාර්ශ්ව සමත් නොවනු ඇතැයි කීමට බැහැ. දිය රෙද්දෙන් බෙල්ල කැපීම් සිදුවන ක්‍රිකට් නිලවරණයේ දිය යටින් ගින්දර ගෙන යාම් ඕනෑ තරම්. ක්‍රිකට් නිලවරණය මේ වන විට ප්‍රකාශ කර ඇති දිනට නොපැවැත්වීමේ ඉඩ බොහෝමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් මුල් පුටු සීතල යුද්ධය ආරම්භ වීම හා එහිදී සිදුවීමට නියමිත විපර්යාස ගැන සටහනක් මෙතැන් සිට දිග හැරෙන්නේ ප්‍රථම මාධ්‍ය අනාවරණය ලෙසයි.
2021 එනම් මෙම වසරේ ජනවාරි 07 වැනිදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී නිලවරණ කමිටුව පත් කළා. එහි සභාපති ලෙස කටයුතු කරන්නේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්නයි. එහි සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික උපරිමාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා හා හිටපු ජේෂ්ඨ ලේකම් D.M.R.B දිසානායක පත් කළා. ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සදහා නාම යෝජනා භාර ගැනීම ඊයේ සවස 03.30 ට අවසන් වුණා. මෙවර ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා භාරදීමේදීම තම බලය හා ජයග්‍රහණය ශම්මි සිල්වා පාර්ශ්රවය තහවුරු කළා. ඊට නාමයෝජනා ලබා දුන් රණතුංග පාර්ශ්‍රව මෙවර නිලවරණය ප්‍රකාශිත දිනට නොපැවැත්වෙන බවට ඉගි කර තිබෙනවා. ඉතිහාසයේ පළමු වරට ඊට භික්ෂූන් වහන්සේ නමක් ඉදිරිපත් වී සිටින්නේ නාමයෝජනා වලින්ම ප්‍රතික්ෂේප වන බව තහවුරු කරයි.
මේ වන විට ප්‍රකාශිත දිනට අනුව ක්‍රිකට් නිලවරණ සටනට වත්මන් සභාපති ශම්මි සිල්වා පාර්ශ්රවය ඡායා පාර්ශ්වයක්ද සමගින් නාම යෝජනා භාර දුන්නා. ඒ අනුව තනතුරු හත සඳහාම ප්‍රධාන අපේක්ෂකයන් සමගින් ඡායා අපේක්ෂකයන් නම් කර තිබෙනවා. ප්‍රධාන අපේක්ෂක නාම යෝජනාව භාර ගත් විට ඡායා පාර්ශ්ව ඉල්ලා අස් වනවා. එය ක්‍රිකට් නිලවරණ ඉතිහාසයේ සිදුවන සාමාන්‍ය ක්‍රියා පිලිවෙතයි. මේ අනුව සභාපති ලෙස වත්මන් සභාපති ශම්මි සිල්වා නාම යෝජනා ඉදිරිපත් කරද්දී ඡායා සභාපති අපේක්ෂකයන් ලෙස වත්මන් ලේකම් මොහාන් ද සිල්වා හා වත්මන් උප සභාපති ජයන්ත ධර්මදාස ඉදිරිපත් වී තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන පාර්ශ්වයේ උප සභාපතිවරුන් ලෙස වත්මන් උප සභාපති රවීන් වික්‍රමරත්න හා ජයන්ත ධර්මදාස වනවා. ඡායා පාර්ශ්ව යටතේ උප සභාපති සටනට නලීන් අපොන්සු හා සමන්ත දොඩන්වලගේ නම් ලබා දී තිබෙනවා. ප්‍රධාන පාර්ශ්වයේ ලේකම් ලෙස වත්මන් ලේකම් මොහාන් ද සිල්වා ඉදිරිපත් වෙද්දී ඡායා පාර්ශ්වයෙන් බන්දුල දිසානායක හා නලීන් අපොන්සු නාම යෝජනා භාර දුන්නා. උප ලේකම් ධූරයට වත්මන් එම තනතුර දරණ ක්‍රිෂාන්ත කපුවත්ත ඉදිරිපත් වෙද්දී ඡායා අපේක්ෂක වන්නේ ශම්මි ප්‍රසන්නයි. වත්මන් භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ ප්‍රධාන පාර්ශ්වය යටතේ නාම යෝජනා දෙද්දී සුජීව ගොඩලියැද්ද එහි ඡායා අපේක්ෂකයායි. උප භාණ්ඩාගාරික ලෙසත් වත්මන් උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද ඉදිරිපත් වෙද්දී ඡායා පාර්ශ්ව යටතේ ඒ. කුමාර ඉදිරිපත්ව සිටිනවා. මේ අනුව වත්මන් ක්‍රිකට් තනතුරු දරණ සියල්ල ප්‍රධාන පාර්ශ්ව නියෝජනය කරන අතර එම නාමයෝජනා ප්‍රතික්ෂේප වුවහොත් ඉදිරිපත් වීමට ඡායා පාර්ශ්වය සිටිනවා. මෙම නාමයෝජනා භාරදීමේ විශේෂත්වය වන්නේ ක්‍රීඩා සමාජ 65 ක් මෙම යෝජනා සදහා අත්සන් කර තිබීමයි. එය නිලවරණයේදී ඡන්ද 100 කට ආසන්න වනවා.
ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම ලෙස රණතුංග පාර්ශ්ව මෙවර ඉදිරිපත් කර ඇත්තේ රජ තුන් කට්ටුවක් ලෙස තනතුරු තුනක් සදහා අපේක්ෂකයන් පමණයි. ඒ සභාපති ලෙස හිටපු ක්‍රිකට් උප සභාපති කේ. මතිවානන්, හිටපු ලේකම් නිශාන්ත රණතුංග ලේකම්ධූරයට හා උප සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක බන්දුල වර්ණපුරයි. එම නාම යෝජනාද අවසන් මොහොතේ එනම් සවස 03.30 ට ඔන්න මෙන්න කියා තිබියදී භාර දී තිබුණා. ඊට අත්සන් කර ඇත්තේ බ්ලූම්ෆීල්ඩ්, කෝල්ස් හා ඕල්ඩ් කේම්බ්‍රියන්ස් යන ක්‍රීඩා සමාජ තුන පමණයි. ක්‍රිකට් නිලවරණ ඉතිහාසයේ පළමු වරටයි රණතුංග පාර්ශ්ව යටතේ මෙලෙස නාමයෝජනා තුනක් පමණක් ඉදිරිපත්ව ඇත්තේ. ඔවුන් අවසන් මොහොතේ නාමයෝජනා ලබා දීම හා පූර්ණ කණ්ඩායම නිලවරණ සටනට ඉදිරිපත් නොවීමෙන් කියා පාන්නේ මේ වන විට නිලවරණය පැවැත්වීමට නියමිත බව කියන, මැයි 20 වැනිදා එය නොපැවැත්වෙන බවයි. ඒ සදහා ඉදිරි සැලසුමක් තිබීම මෙම සිදුවීමෙන් කියා පන්නේ ලෙහා බැලීමට දෙයක් නෑ ඔබල බලල තක්කෙටම ඇති දේ කීමට හැකි ලෙසයි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණ ඉතිහාසයේ පළමු වරට භික්ෂූන් වහන්සේ නමක් මෙවර ඊට ඉදිරිපත් වී සිටිනවා. ඒ පසුගිය ජනාධිපතිවරණ තුනටම ඉදිරිපත් වූ ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි ස්වාධීන අපේක්ෂකයෙක් ලෙසයි. උන්වහන්සේ උප සභාපති තනතුර සදහා නාම යෝජනා ලබා දී ඇත්තේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජන කරමිනුයි. එම ක්‍රීඩා සමාජයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේ ඡන්ද හිමි නොවීම හේතුවෙන් උන්වහන්සේගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වනු ඇති. උන් වහන්සේ Lankasportsnews අප වෙත කියා සිටියේ තමන් වහන්සේ ඉදිරිපත් වූයේ ක්‍රිකට් විනාශය වැලැක්වීමට බවයි. තමන් වහන්සේ ක්‍රිකට් ක්‍රීඩා නොකළත් පරිපාලනය සදහා ඉදිරිපත් වීමේ ගැටළුවක් නොදකින බවත් උන් වහන්සේ කියා සිටියා. රටේ ව්‍යවස්ථාව අනුව ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ බවයි උන්වහන්සේ වැඩි දුරටත් කියා සිටියේ. එහෙත් ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව එහි ප්‍රධාන තනතුරු සදහා පත් වීමට නම් ප්රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබීම අනිවාර්ය වනවා.
මේ අතර පසුගිය 15 වැනිදා (2021/02/15) අභියාචනාධිකරණය හමුවේ රිට් පත්සමක් ගොනු කරමින් මෙවර ක්‍රිකට් නිලවරණයට පෙර එහි ව්‍යවස්ථාව වෙනස් කිරීමට උපදෙස් දෙන ලෙස ඉල්ලීමක් කළා. ඒ හිටපු ක්‍රිකට් අතුරු කමිටු සාමාජිකයින් හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු 12 දෙනෙකුයි. මේ අනුව අභියාචනාධිකරණය නොතේසි නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට හා ක්‍රිකට් සභාපති ඇතුලු පිරිසට ඒ පිලිබද ලබන මාර්තු 15 වැනිදා කරුණු දක්වන ලෙස නියෝග කළා. මේ වන විට ප්‍රකාශ කර ඇති ක්‍රිකට් ආයතන නිලවරණයේදී ඡන්ද 144 ක් භාවිත වීමට නියමිතයි. එම ක්‍රිකට් නිලවරණ ඡන්ද ප්‍රමාණය බොහෝ අඩු වීමට ඉඩ ඇති අතර නව ක්‍රිකට් ව්‍යවස්ථාව වත්මන් කමිටුව යටතේම සකසා ඉදිරිපත් කරනු ඇති. එවිට නිලවරණය ප්‍රකාශ කර ඇති මැයි 20 වැනිදා පැවැත්වීමට නොහැකි වේවි. එවිට නව ව්‍යවස්ථාව යටතේ නිලවරණය නව නිලවරණ කමිටුවක් යටතේ අලුත් නාමයෝජනා සමගින් පැවැත්වෙනු ඇතැයි සිතිය හැකියි. එම උපකල්පන සියල්ල රණතුංග පාර්ශ්‍රවයේ නාමයෝජනා භාරදීමේ අසංවිධාත්මක බව හා අභ්‍යන්තර තොරතුරු Lankasportsnews අප වෙත තහවුරු කළා. මේ අනුව ක්‍රිකට් ආයතන බලය යලි තහවුරු කර ගැනීමට නම් වත්මන් සභාපති ශම්මිට අධිකරණයේ විභාග වන නඩුවෙන් වැඩි වාසි ලබා ගත යුතු වනවා. එම නඩුව අවසන් වන විට හිටපු සභාපති තිලංග සුමතිපාලගේ ක්‍රිකට් නිලවරණ මාෆියාව අතුගා දැමීම බලාපොරොත්තුවයි. එය අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් හේතුවෙන් වැඩිදුරටත් කරුණු දැක්වීමට Lankasportsnews අප කටයුතු කරන්නේ නැහැ.
No comments