• Breaking News

    දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ හිමිකරුව මුදල් විශුද්ධිකරණයට අත්අඩංගුවට ගනී


    අලි මදිවට හරක් කියන්නාක් මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කබලෙන් ලිපට වැටීමේ සිදුවීමක් වාර්තා වනවා. මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ ලෝකයේ පළමු තැන දිනා සිටින ශ්‍රී ලංකාව එය නැවත තහවුරු කිරීමක් බවට මෙය පත්වනු ඇත්දැයි පවතින්නේ දෙගිඩියාවක්. පසුගිය දෙසැම්බර් මාසයේදී පැවති ලංකා ප්‍රිමියර් ලීග් LPL 2020 ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස පෙනී සිටි සචින් ජෝෂිව මුදල් විශුද්ධිකරණයට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 36 හැවිරිදි ඉන්දීය ජාතිකයකු වන ඔහුට ඉන්දීය රුපියල් කෝටි 87 ක් ලැබී ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියෙන් පසු බුකීකරුවන්ගෙන්දැයි සැක මතුව ඇතැයි සදහන්. ඒ පිලිබද තොරතුරු මෙතැන් සිට පෙල ගැස්වෙනවා.


    ඉන්දීය චිත්‍රපට නලුවෙක් හා ED සමූහයේ ව්‍යාපාරික සචින් ජෝෂි පසුගියදා මෙරටදී නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස පෙනී සිටියා. එම කණ්ඩායමේ නායකත්වය දැරුවේ දසුන් ශානකයි. කණ්ඩායමේ හිමිකරු ලෙස පෙනී සිටි ජෝෂිව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය ආධායම් බදු දෙපාර්තමේන්තුවයි. එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් කියා සිටියේ ජෝෂි ඔම්කාර් සමූහයේ හා වයිකිං සමූහයේ මුදල් ඉපැයීම් සැක සහිත බවයි. ඉන්දීය රුපියල් කෝටි 1500 ක් වෙනුවෙන් මෙම මුදල් විශුද්ධිකරණ නඩුව පවරා ප්‍රශ්න කිරීමට ඔහුව පසුගිය සදුදා (15) එරට පොලීසිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර එම ආධායම් බදු දෙපාර්තමේන්තු නියෝජිතයෙක් ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ ඉන් කෝටි 87 ක් ලංකා ප්‍රිමියර් ලීග් LPL 2020 ක්‍රිකට් තරගාවලි අනුග්‍රාහකත්වය ලබා දීමෙන් පසු සැක සහිත ලෙස උපයා ඇති බවයි. බුකීකරුවන්ගෙන් එම මුදල ලැබුනේදැයි ඔහු සැක පල කරනවා.

    ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියේදී දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස සචින් ජෝෂි පෙනී සිටියත් කණ්ඩායම සමග එහි කළමණාකරු ලෙස කටයුතු කළ ඉන්දීය ජාතිකයා සැබෑ හිමිකරු බව ක්‍රීඩකයින් පවසනවා. කෙසේ වෙතත් එම කණ්ඩායම තේරීමේ සිට සියළු මෙහෙයුම් සිදුකරනු ලැබුවේ ජෝෂියි. කණ්ඩායම තේරීම සදහාවත් නායක දසුන් ශානක හෝ පුහුණුකරුව එක්කරගෙන තිබුණේ නැහැ. දසුන්ට ක්‍රීඩා කිරීමට සිදුවූයේ ජෝෂි තෝරා දුන් කණ්ඩායම සමග බව Lankasportsnews අපට වාර්තා වනවා. මාලින්ද පුෂ්පකුමාර මුදලට තරග පාවාදීමේ අවස්ථාවක් දැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සි ප්‍රශ්න කිරීමට පවා මෙම තරගාවලියේදී ලක්වුණා. මාලින්ද පුෂ්පකුමාර නියෝජනය කළෙත් දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමයි.

     

    මාලින්ද පුෂ්පකුමාර නෝ දැම්මේ ස්පොට් ෆික්සිං වලට ? Exclusive Exposed Video


    මෙම තරගාවලිය ඉන්දීය බුකීකරුවන්ගේ ග්‍රහණයට හසුව ඇතැයි ද Lankasportsnews අප මුල සිටම කරුණු වාර්තා කළා. කෙසේ හෝ තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළේ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමයි. ඉන්දීය පෙලීසිය සිදුකරන ප්‍රශ්න කිරීම් වලදී ලංකා ප්‍රිමියර් ලීග් LPL 2020 ක්‍රිකට් තරගාවලියේ බුකීකරුවන්ගේ ක්‍රියාකාරකම් එළිදරව් වීම මෙමගින් ආරම්භ වනු ඇතැයි සැක මතුව තිබෙනවා. පරාජයන් රැල්ලකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් මුදලට තරග පාවාදෙන්නන් වෙනුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් LPL 2020 ක්‍රිකට් තරගාවලිය පවත්වා ඇතැයි අනාවරණය වුනොත් එය කිසිදා මැකිය නොහැකි කැළලක් වනු ඇති. එහෙත් බුකීකරුවන්ට ක්‍රිකට් පවාදුන් පිරිස නිදැල්ලේ ක්‍රිකට් තවදුරටත් පාලනයට පිඹුරුපත් සකසන බව අවසන් වශයෙන් මතක් කළ යුතුයි.


    ඉන්දීය ක්‍රිකට් බුකියෙක් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) මිලට ගනී - Exclusive Exposed


    රොෂාන් අබේසිංහ බුකී ඒජන්තයෙක් ? Exclusive Exposed



    රවින්ගේ LPL ක්‍රිකට් සල්ලි කෝටි 13.65ක් පිල්ලි ගිහින්




    No comments