ක්‍රිකට් කණ්ඩායමේ 28 ක් පාස් 04 ක් ෆේල් - Video - Exclusive Exposed
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශරීර යෝග්‍යතා පරීක්ෂණය ඊයේ (12/02/2021) කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. ඊට හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ඇතුලු කමිටුවෙන් තෝරා දුන් ක්‍රීඩකයින් 36 දෙනෙකු එක්වීමට නියමිතව සිටියා. එහෙත් පෞද්ගලික හේතු මුල් කර ගනිමින් ක්‍රීඩකයින් 04 දෙනෙකුට ඊට එක් නොවීමට අවසර ලබා දී තිබෙනවා. ඒ අතර එදින සිය විවාහ උත්සවය පැවති කුසල් මෙන්ඩිස්ද වනවා. විවාහ දිවියට Lankasportsnews අප කුසල්ට සුභ පැතීමට කැමතියි.
මේ අනුව කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ පැවති ශරීර යෝග්‍යතා පරීක්ෂණය සදහා එක්ව සිටියේ ක්‍රිකට් ක්‍රීඩකයින් 32 දෙනෙකු පමණයි. ඔවුන් කාල ගණන කිලෝමීටර් දෙකක් දුර දිවීම සම්පූර්ණ කිරීම සදහා සුගතදාස කෘත්‍රිම ධාවන පථයේ වට 5 ක් ධාවනය කළා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ශරීර යෝග්‍යතා කළමණාකරු ලුඩෙන්ගේ අධීක්ෂණය යටතේයි. එම වීඩියෝව පහතින්.
මෙම ශරීර යෝග්‍යතා පරීක්ෂණයෙන් ක්‍රීඩකයින් 28 දෙනෙක් සමත්ව ඇති අතර 04 දෙනෙක් අසමත් වී තිබෙනවා. කුසල් ජනිත් පෙරේරා, භාණුක රාජපක්ෂ, දිල් රුවන් පෙරේරා හා දනුෂ්ක ගුණතිලක මෙලෙස ශරීර යෝග්‍යතා පරීක්ෂණය අසමත්ව තිබෙනවා. නියමිත ක්‍රමවේදය අනුගමනය කළහොත් මෙම ක්‍රීඩකයින් හතර දෙනාව ඉදිරි දින 40 තුල පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි සදහා නම් නොකළ යුතුයි. එම කාලයේ ඔවුන් සිය ශරීර යෝග්‍යතාව නැංවීම සදහා පුහුණුවීම් ව්‍යායාම සිදුකළ යුතු වනවා. ඉන් අනතුරුව ඔවුන් සදහා යලි මෙම ශරීර යෝග්‍යතා පරීක්ෂණය වත්වා ඉන් සමත් වන්නේ නම් තරගාවලි සදහා නම් කිරීමයි පිලිගත් ක්‍රමවේදය වන්නේ. එහෙත් මෙම ශරීර යෝග්‍යතා පරීක්ෂණය නැරඹීමට ක්‍රිකට් තේරීම් කමිටුවක් එක්ව සිටියේ නැහැ. ඒ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් පත් කිරීමට යෝජනා වී ඇති ක්‍රිකට් තේරීම් කමිටුව නම් කිරීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ දිනෙන් දින කල් දැමීම හේතුවෙනුයි.
කෙසේ වෙතත් ඉදිරි සති කිහිපය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරගාවලියක් සදහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරයකට එක්වීමට නියමිත වනවා. මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවලංගු වුණා. ඒ වෙනුවටයි මෙම එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ. එමෙන්ම ලබන මාර්තු මාසය වන විට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙරට ටෙස්ට් ක්‍රිකට් සංචාරයකට එක්වීමට නියමිත වනවා. එහිදී ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ලබන අප්‍රේල් මාසයේදීයි. ශරීර යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ ක්‍රීඩකයින් හතර දෙනා හරිනම් එක්විය යුතු වන්නේ මෙම බංග්ලාදේශය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියටයි.
No comments