• Breaking News

    නිදා සිටි නාමල් හදිසියේ නැගිට දැඩි තීරණ රැසක් ගනී - Exclusive Exposed


    ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කුම්බකරණ නින්දකට වැටී ඇතැයි Lankasportsnews අප පසුගිය කාලය පුරාම වාර්තා කළා. මේ හේතුවෙන් අනතුරේ වැටෙන්නේ මෙරට ක්‍රීඩාව පමණක් නොව ඔහුගේ දේශපාලන අනාගතය බව එහිදී අප කරුණු සහිතව පෙන්වා දුන්නා. සමාජ මාධ්‍ය මෙන්ම අප හා ඊට එක්වූ අතලොස්ස දිගින් දිගටම සිදුකළ කෑමොර දීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ වන විට අවධි වී අත පය දිග ඇරීම ආරම්භ කර තිබෙනවා. මේ අනුව අමාත්‍යවරයාගේ දැනුම්දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු තනතුරෙන් පළමුව ඉවත් වූ අසන්ත ද මෙල්ට, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිධූරයෙන්ද ඉවත් වන ලෙස සිදුකළ දැනුම්දීම වටා තොරතුරු මෙතැන් සිට දිග හැරෙනවා.


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට පරාජයන් රැල්ලකට මුහුණ දී සිටිනවා. ඊට ප්‍රධාන හේතුව වැරදි තේරීම් බව Lankasportsnews අප කරුණු සහිතව පෙන්වා දුන්නා. මේ අතර නිමාවූ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අතර ක්‍රීඩකයින් ඕමි ක්‍රීඩා කරන ආකාරය ලෝකයම දැක ගත්තා. මෙලෙස කණ්ඩායමේ විනය පිරිහීම ගැන අප සිදුකළ වාර්තා කිරීමට පසු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ දැනුම් දී තිබුණේ අසන්තට කණ්ඩායම් කළමණාකරු තනතුරින් ඉවත් වන ලෙසයි. මේ අනුව ඉන් ඉල්ලා අස්වීම ප්‍රකාශ කරමින් ඊට වඩා කණ්ඩායමේ විනය පිරිහී ඇති බව කීමට ඔහු කණ්ඩායමට ලිංගික අනාචාරයේ හැසිරීමේ ගල් පැලෙන බොරුවක් සමාජ මාධ්‍යයේ පැලකළා. එම මුසාව පිටුපස ඇත්තේ මෙම ඉවත් කිරීමේ ආරෝව බව Lankasportsnews අප කරුණු සහිතව මෙලෙස අනාවරණය කළා.


    ලිංගික චෝදනා දාලා ක්‍රිකට් වනසන කුමන්ත්‍රණයේ සුලමුල - Exclusive Exposed


    යන යකා කොරහත් බිදන් ගිය බව Lankasportsnews අප සිදුකළ වාර්තා කිරීම සත්‍යක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ තහවුරු කර ගැනීම හේතුවෙන් අසන්තට කණ්ඩායමේ තේරීම් කමිටු සභාපතිධූරයෙන්ද ඉල්ලා අස්වන ලෙස නියෝග කර තිබෙනවා. මේ අනුව ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමත් සමග ක්‍රීඩා අමාත්‍යාංශය කඩි ගුලක් මෙන් ඇවිස්සී ඇත්තේ නව තේරීම් කමිටුවක් කඩිනමින් පත් කිරීමටයි. ඒ සදහා මේ වන විටත් සාකච්ඡා රැසක් ක්‍රියාත්මක වන්නේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධනගේ උපදෙස් මතයි. ඔවුන් හිටපු තේරීම් කමිටු සාමාජිකයින් පිරිසක් සමග කේවල් කරමින් ඇති අතර කපිල විජේගුණරත්නත් ඊට ඇතුලත්. මේ අතර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය හා ශරීර යෝග්‍යතාව ගැනත් වැඩි අවධානයක් යොමු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. එමෙන්ම දක්ෂතා මත ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවීම් සිදු කිරීමට නව ක්‍රමවේදයක් කඩිනමින් සකස් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබා දී ඇත්තේ. එමෙන්ම තරඟකාරී පළාත් හා ක්‍රීඩා සමාජ තරගාවලි පැවැත්වීමටත් අමාත්‍යවරයා මෙහිදී ක්‍රිකට් ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පුහුණුකරුවන්ට අවශ්‍ය සහය ලබා දීමටත් යාන්ත්‍රණයක් සකස් කිරීමට නියමිතයි.

     


    කෙසේ වෙතත් ලබ්බට තියපු අත පුහුලට තබා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හරීවි කියා බලාපොරොත්තු වීමට බැහැ. ඒ වත්මන් ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා බලය නැති කාලයේත්, CCC ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායමේ නාමල් රාජපක්ෂට ලබා දුන් තැනට  කලගුණ සැලකීමක් ලෙස පමණක් නොවේ. පසුගියදා නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියේ ප්‍රවාහන හා හෝටල් පහසුකම් සැපයීමට නාමල් රාජපක්ෂගේ මාමාට පවරා ලොකු කුට්ටියක් කඩා ගැනීමට, ක්‍රිකට් ආයතනය ඉඩ සැලසීම වැනි ව්‍යාපාර සහය හේතුවෙනුයි. මේ අතර එළඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය බොහෝ වෙනස් එකක් වනු ඇති. ඊට මේ වන විට පාර්ලිමේන්තු සම්මත පනතක් මගින් ක්‍රිකට් ආයතන දොරටු වසා ඇති හිටපු සභාපති තිලංග සුමතිපාල පස්සා දොරෙන් රිංගීමට සූදානම් වනවා. ඒ බැසිල් රාජපක්ෂ හරහා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට බලපෑම් කර එම පනත අවලංගු කර බව සදහන්. මෙවර මහ මැතිවරණයෙන්ද පරාජයට පත්වූ  තිලංග සුමතිපාල පුංචි බොරැල්ලේ සිට ඒ සදහා කුමන්ත්‍රණය කරමින් සිටින බව වාර්තා වනවා.


    කෙසේ වෙතත් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී නියත ලෙස වත්මන් උප සභාපති රවීන් වික්‍රමරත්න එලියට දැමීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ තීරණය කර තිබෙනවා. ඒ දේශීය ක්‍රිකට් තරග පවාදීමට හා ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියේ සිදුකර ඇති අක්‍රමිකතා රැසක් සාක්ෂි සහිතව අනාවරණය වීමත් සමගයි. මීටර් සියය ධාවන තරගය ලෙස මැරතන් තරග ධාවන කර ජයගත හැකි වන්නේ නැහැ. මෙතෙක් දිනක් සුව නින්දේ සිටි නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා දැන් ධාවනය ආරම්භ කර ඇත්තේ එවන් මැරතන් තරගයක් බව සිහි තබා ගත යුතුයි. මෙම ලබාගත් ආරම්භය යලි නිදාගෙන පිටුපසට නොගොස් දිනුම් කණුව බවට පත්වන මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණය දක්වාම රදවා ගැනීම ඔහු සතු අභියෝගය වනවා. තාරුණ්‍යයේ ජවය සමගින් එය ඉටුකර ගැනීමට ඔහුට හැකියාව පවතින බව අවසන් ලෙස සටහන් කරනු කැමතියි.



    No comments