• Breaking News

    ශ්‍රී ලංකා ක්‍රිකට් එංගලන්තයෙනුත් කුජීත කළ මෙල් ඇතුළු වරදකරුවන්ට එරෙහිව නාමල්ගේ දැඩි පියවර කෝ ? Exclusive Exposed


    ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විට උරුලෑවා ගිය පාර වගේ බව අමුතුවෙන් කිව යුතු නැහැ. කණ්ඩායමේ විනය පිරිහීමේ සිට පරාජයක් රැල්ලක් උරුම කර ගැනීම නිසා ප්‍රේක්ෂකයන් ක්‍රිකට් ගැන කතා කරන්නේ දැඩි කලකිරීමකිනුයි. ටෙස්ට් ක්‍රිකට් තරගවලදී ශ්‍රී ලංකාවට වාසනාව ගෙනෙන බව කියන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී එංගලන්තය හමුවේ හතර විලි ලැජ්ජා සහිත පරාජයක් උරුම කර ගත්තේ වාර්තා අලුත් කරමිනුයි. කණ්ඩායම මෙතැනට වැටීමට හේතු වූ කරුණු මෙතැන් සිට පෙළ ගැස්වෙනවා.


    ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට පෙර සිටම Lankasportsnews අප එහි ඇති අඩුපාඩු මෙන්ම එළඹෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලි සදහා ඉන් මතුවන අවධානම පෙන්වා දුන්නා. එහෙත් එවිට LPL උන්මාදයෙන් මත්ව සම හරක්, Lankasportsnews අපට බැණ වැදුණා. එම තරගාවලිය පැවැත්වූ කාලය ඊට නුසුදුසු වීම හා එය සංවිධානය කිරීමේදී පැවති දුර්වලතා මේ වන විට හතර ගාතේ වැටී සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ඉරණමට සෘජුව වගකිව යුතුයි. එළඹෙන ටෙස්ට් තරගාවලි සදහා ක්‍රීඩකයින් පුහුණු නොකර ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) තරගාවලියේ විස්තර විචාරකයෙක් ලෙස එක් වුණා. එම තරගාවලියේ අවසන් මහා තරගය පැවති දිනට පසුදින දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටව ගියා. මේ අනුව දින පහේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් ගියේ පන්දුවාර විස්ස තරගාවලි රිද්මයේ සිටයි. මේ හේතුවෙන් එම තරගාවලිය තරග දෙකට බින්දුවක් ලෙස අන්ත පරාජයක් ලැබුවේ ක්‍රීඩකයින් රැසක් ආබාධයන්ට ගොදුරු වෙමිනුයි. ශරීර යෝග්‍යතා පරීක්ෂණය හොරට සිදුකිරීම හේතුවෙන් ආබාධිතව ඊට එක්වූ ඕෂද ප්‍රනාන්දු තරගාවලිය පුරාම බංකුවට වී සිටියේ තරග නරඹන්නෙක් වෙමින් බව ඔබට මතක ඇති. එමෙන්ම එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරය සදහා තිසර පෙරේරා සිය ශරීර යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්ව ඇත්තේද ශරීර යෝග්‍යතා පුහුණුකරු වන සුද්දාට  අල්ලස් ලබා දී බව Lankasportsnews අප තහවුරු කරනු කැමතියි.


    LPL උන්මාදයෙන් අප්‍රිකා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉනිමකින් පැරදුනේ ඇයි ? Exclusive Exposed


    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ටෙස්ට් තරගය 293 ක් ක්‍රීඩා කර ඉන් 92 ක් ජයගෙන තරග 113 ක් පරාජය වී තිබෙනවා. ජයපැරදුමෙන් තොරව අවසන් වූ තරග ගණන 88 ක්. කෙසේ වෙතත් අවසන් වසර දෙක තුලදී ටෙස්ට් තරගය 13 ක් ක්‍රීඩා කර තරග 4 ක් ජය ගනිද්දී පරාජයන් 7 ක් ලබා තිබෙනවා. ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් වසර පහ තුලදී ටෙස්ට් ක්‍රිකට් තරග 18 ක් ක්‍රීඩා කර ඉන් 8 ක් ජය ගනිද්දී 10 ක්ම පරාජය වී තිබෙනවා. ඉන් තරග 8 ක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පවත්වා ඇති අතර ඉන් තරග 4 බැගින් ජයග්‍රහණ හා පරාජයන් ලෙස සටන්. ඒ අතරට එක්වූ නිමාවූ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 7 කින් හා දෙවන තරගය කඩුලු 6 කින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජය වුණා. එම පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දින පහම ක්‍රියාත්මක වූයේ විටින් විට වර්ශාව පතිත වීම හේතුවෙනුයි. එම තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු 135 ක් ලබා අසාර්ථක වීම පරාජයට හේතු වූ බව කියා සිටියා.  එහෙත් දෙවන ටෙස්ට් තරගය දින 4 න් අවසන් වුණේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 381 ක් ලෙස සටහන් වුණත් දෙවන ඉනිම ලකුණු 126 කට සීමා වෙමින් වැස්ස සහය නොදීම හේතුවෙනුයි.


    අසන්ත හා මිකීගේ ක්‍රිකට් තේරීම් මාෆියාවෙන් මැච් පරදිද්දී ඇමති නාමල් නිදි - Exclusive Exposed


    මෙලෙස දිගින් දිගටම පරාජයන් උරුම කර ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් උගුරට හොරා බේත් බොන්නාක් ලෙස කණ්ඩායමට ඇතුලත් වන්නේ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් හා චමින්ද මෙන්ඩිස් ඇතුලු හීතලයින්ගෙන් පිරුණු තේරීම් කමිටුවේ උදව්වෙනුයි. පසුගිය වසරේ තේරීම් කමිටුව සමන්විත වුණේ සභාපති අසන්ත ද මෙල් සමගින් විනෝදන් ජෝන් හා චමින්ද මෙන්ඩිස්ගෙනුයි. හාස්‍යට කරුණක් වන්නේ හෙජින් ගිවිසුමෙන් පාඩු කළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස අසන්ත කටයුතු කරද්දී චමිදත්, ජෝනුත් එහිම සේවකයන් ලෙස කටයුතු කළ ගෝලබාලයින් වීමයි. එනිසාම අසන්තගේ පදේට නටන රූකඩයන් බවට ඔවුන් පත්ව තිබෙනවා. මෙලෙස ඔවුන් දිගින් දිගටම විනිවිඳ භාවයකින් තොරව සුපුරුදු කිහිපදෙනා නම් කරන්නේ දක්ෂයින්ට දොර වසා වීම මෙම කඩා වැටීමට ප්‍රධාන සාධකයක් වනවා. සාමාන්‍යයෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ තණතීරුව දඟ පන්දු යවන්නන්ට වැඩි සහයක් ලබා දෙනවා. මේ හේතුවෙන් සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයෙන් ක්‍රිකට් ඉගෙනගෙන ඔවුන්ටම මෙරටදී ක්‍රිකට් ඉගැන්වූ පෞඩ ඉතිහාසයකට හිමිකම් කියනවා. එහෙත් මෙවර එම වාසිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත්තේ ලසිත් ඇඹුල්දෙණිය පමණයි. ඉතිහාසය උඩි යටිකුරු කරමින් මෙවර එම වාසිය එංගලන්ත දඟ පන්දු යවන්නන් හිමිකර ගත්තා. මේ අනුව ශ්‍රී ලංකාව යලි එංගලන්තයෙන් ක්‍රිකට් ඉගෙන ගත යුතු බව දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් කලිසම ඇදන් ප්‍රසිද්ධියේ කියා සිටියා.


    ක්‍රිකට් හතරගාතේ වට්ටපු අසන්ත ද මෙල්ගේ පැටිකිරිය - Exclusive Exposed


    මෙම තරගාවලියට පසු අසන්ත යන විට ක්‍රිකට් කණ්ඩායමේ විනය හදන්න කියා හිසේ ඇම්මට කොට්ටේ  මාරු කරනවාක් වැනි නිෂ්ඵල ක්‍රියාවක් කරමින් රෝහිත රාජපක්ෂගේ මාමන්ඩිය වන ජෙරම් ජයරත්නට එය ලබා දී තිබෙනවා. එය සිදු කිරීමට නියමිත බව Lankasportsnews අප වාර්තා කිරීමෙන් පසු ලැව් ගින්නක් මෙන් බොහෝ වෙබ් අඩවි වාර්තා කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන්ම එම පත්වීම නිවේදනය කළා. මේ අනුව ඉදිරියේදී කණ්ඩායමේ විනය හදන්න මැදිහත් වන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට කීම හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් පමණක් වනු ඇති. කෙසේ වෙතත් අමාත්‍යවරයා පසුගියදා කියා සිටියේ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් සංචාරයට පසු දැඩි තීරණයක් තමන් ගන්නා බවයි. එය කටින් බතල හිටවීමක් නොවී ගන්නවා කී තීරණය ගන්නා තුරු රටම බලා සිටිනවා. එම තීරණය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනාගතය රටට තහවුරු කරන්නක් වනු ඇත්තේ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියමන සනාථ කරමිනුයි.


    ක්‍රිකට් ජෙරම්ට තවත් සුවිප් වාසනාවක් - Exclusive Exposed










    No comments