මාධ්‍යට ලිංගික බේගලේ ගෙතුවේ ක්‍රිකට් මාධ්‍ය ඒකකයෙන් - Exclusive Exposed
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පළමු ටෙස්ට් තරගය අතර කණ්ඩායමේ වෛද්‍යවරිය සමග ලිංගිකව එක්ව ඇතැයි ගල් පැලෙන බොරුවක් රූපවාහිනී හා සමාජ මාධ්‍ය තලු මරමින් වාර්තා කරනවා. මෙය පරාජයන් රැල්ල සමග මතුවූ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විරෝධය යටපත් කිරීමට ගෙතූවක් බව අප කරුණු සහිතව අනාවරණය කළා. ඒ ඊට වගකිවයුතු පාර්ශ්‍රව හෙලිදරව් කරමිනුයි. එම වාර්තාවට පසු මෙම ගල් පැලෙන බොරුව සමාජ ගත කිරීමට මුල්වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ කුප්‍රකට නිලධාරීන් දෙදෙනෙක් බව අපට වාර්තා වුණා. එම තොරතුරු අලගිය මුලගිය තැන් සමග මෙතැන් සිට දිග හැරෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ආබාධවලය ලක්වන අතර පරාජයන් රැල්ලක් උරුම කර ගනිමින් සිටිනවා. ඊට හේතුව වැරදි තේරීම් බව Lankasportsnews අප තොරතුරු සහිතව වාර්තා කළා. මේ අනුව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැඩි මහජන විරෝධයක් එල්ල වුණා. එම විරෝධය උත්සන්න කරමින් පළමු එංගලන්ත ටෙස්ට් තරගය අතර ක්‍රීඩකයින් ඕමි ක්‍රීඩා කරන ආකාරයත් ලෝකයටම දැක ගැනීමට ලැබුණා. මේ අනුව කණ්ඩායමේ කළමනාකරු ලෙසත් කටයුතු කරන අසන්ත ද මෙල් කණ්ඩායමේ පරිපාලනයට අසමත් බව පෙනීයාම මෙල් ඉවත් කිරීමේ ගිණි රැල්ලට පිදුරු දැම්මාක් වුණා. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සියල්ල අඳ ගොලු බිහිරි ලෙස බලා සිටීම ප්‍රෙක්ෂකයන්ගේ උදහසට හේතු වූ බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙලෙස පරිපාලනයට එල්ලවන පීඩනය යටපත් කිරීමට පිරිසකගේ සහයෙන් ක්‍රීඩකයින් කණ්ඩායමේ වෛද්‍යවරිය සමග අනාචාරයේ හැසිරීමේ කතාව එලියට පොම්ප කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ බඩ මහත සද්දන්ත හිටපු පුවත්පත් වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදියෙක් හා වැඩක් නැතුව පඩි ගන්නා රූපවාහිනී නිවේදකයෙක් සිටිනවා. ඔවුන් දෙදෙනාටම සේවයක් නැතත් මාසය අවසානයේ රුපියල් ලක්ෂය ඉක්මවූ වැටුපක් ලබා දෙනවා. මෙලෙස පින් පඩි ලැබීමට ඔවුන් දෙදෙනට හේතු වී ඇත්තේ හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලගේ සුවච කීකරු කුක්කන් දෙදෙනෙක් වීමයි. පුවත්පත් මාධ්‍යවේදියා දේශපාලන මඩ නිර්මාණය කිරීමේ තිලංගගේ චක් ගෝලයායි. රූපවාහිනී නිවේදකයා තිලංගගේ දේශපාලන ප්රචාරක ව්‍යාපෘතිය කරට ගත් බත්බැලයායි. හිටපු කතානායක තිලංගට මෙවර පාර්ලිමේන්තු අසුන නැති වීමෙන් මෙම දෙදෙනාගේ හැකියාව ගැන ඔබට තක්සේරුවක් ලබා ගත හැකියි. කෙසේ වෙතත් හිටපු ක්‍රිකට් සභාපති වත්මන් ක්‍රිකට් සභාපතිට සිදුකළ ඉල්ලීමකට අනුව ක්‍රිකට් නිලවරණය අවසන් සමයේදීම මෙම දෙදෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන රැකියාව ලබා දුන්නා. එදා සිට බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ කියන පිරුළ මෙම දෙදෙනාව දුටුවිට බලාගත හැකි බව ක්‍රිකට් ආයතන සේවකයින් පවසනවා. එමෙන්ම ඔවුන් දෙදෙනා ක්‍රිකට් ලොක්කන් වෙනුවෙන් කත් ඇදීමටත් රුසියන් බව සදහන්.
ක්‍රිකට් පරාජයන් නිසා එල්ල වූ පීඩනය යටපත් කිරීමට මඩ නිර්මාණය රැකියාව කර ගත් මේ දෙදෙනා ලිංගික අනාචාරයේ කතාව ගොතා තිබෙනවා. ඒ කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරියා වන උපාලි මනු කුලරත්න හා අසන්තගේ සහයෙන් බවයි වාර්තා වෙන්නේ. පසුව ඊට කණ්ඩායමේ ශරීර යෝග්‍යතා පුහුණුකරු හා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ නිලධාරීන් අටුවා ටිකා සපයා තිබෙනවා. මෙලෙස නිර්මාණය වූ මෙම හිතලුව සමාජ ගත කිරීමට පිලිගත් ජාතික මාධ්‍ය ජාලයක් හා සමාජ මාධ්‍ය යොදාගෙන ඇත්තේ ක්‍රිකට් ආයතනය විසිරුවන තුරු හැමදාම ඇගිලි ගණින පිරිසේ සහයත් ඇතුවයි. මේ අනුව පිලිගත් සියලු මාධ්‍ය ආචාර්ය ධර්ම උල්ලංඝනය කරමින් සෑම විටම ලෝකයේ එක පැත්තක් පමණක් දකින මාධ්‍යක මෙය ප්‍රචාරය වනවා. මේ කතාව එලෙස පත්තු කිරීම පිටුපස ඔවුන්ට ඉදිරි විදෙස් සංචාර සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රාහකත්වය ලබා දීමේ එකඟතාව ඇති බව කිව යුතුයි. එමෙන්ම එම එකඟතාව ඇතිව මේ වෙනුවෙන් දරදිය ඇද්ද අනෙක් වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් ගැනත් Lankasportsnews අප මෙලෙසම ඉදිරියේදී අනාවරණය කිරීමට සූදානම්.
ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකය එක් වරක් පමණක් රුපියල් ලක්ෂ ගණනක් වැයකර මුද්‍රණය කළ බව කී, එහෙත් කිසිවෙකුටත් පිටපත් හිමි නොවූ සගරාවකට ඉහත අප කී ක්‍රිකට් මාධ්‍ය ඒකකයේ නිලධාරියා ලිපි ලියූ බව කියනවා. ඔහු සමගින් ක්‍රිකට් ආයතනයේ සිටින විද්‍යුත් මාධ්‍යවේදියා ක්‍රිකට් ලොක්කන්ට ලංකාවේ සියලු මාධ්‍ය තමන්ගේ අල්ලේ බව මෙම සිදුවීමට පසු සදහන් කර ඇතැයි වාර්තා වනවා. ඒ මෙම මුසාව වසංගතයක් ලෙස පැතිර ගිය ආකාරය පෙන්වමිනුයි. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා පිටියේ සිට වාර්තා කිරීමට අවසර හිමි නොවීම හේතුවෙන් ඉංග්‍රීසි පුවත්පත් ජේෂ්ඨ මාධ්‍යවේදීන් දෙදෙනෙක් ගාලු කොටුවේ සිට තරග ආවරණය කරනු ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ විශේෂ කතා බහට ලක්කළ සිදුවීමක් වුණා. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මෙම හිටපු වෘත්තීය මාධ්‍යවේදීන් දෙදෙනා, ඔවුන්ට කතා කර වතුර පොදක්වත් දෙන්න විමසා නැති බව සටහන් කරන්නේ ඔවුන්ට අවශ්‍ය ලොක්කන් සතුටුකර පිං පඩිය රැක ගැනීම පමණක් බව පෙන්වා දීමටයි.
මේ අතර මෙම සිදුවීම පිලිබද වහාම වාර්තාවක් කණ්ඩායම් කළමණාකරු අසන්ත ද මෙල්ගෙන් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා. එම වාර්තාවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත්තේ. කෙසේ වෙතත් මේ තරගයෙන් පසු තමන් කණ්ඩායම් කළමණාකාරීත්වයෙන් ඉවත් වන බව අසන්ත කියා තිබෙන්නේ ක්‍රීඩාවේ ඉහළම බලධාරියකු විසින් එසේ කරන ලෙස ඔහුට කරන ලද දැනුම් දීමක් නිසා බවත් මින්පසු කණ්ඩායමේ කිසිම කටයුත්තකට කාන්තාවක් යොදා නොගත යුතු බවට තීරණයක් ගෙන ඇති බවත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ පිලිබද අපක්ෂපාත පරීක්ෂණයක් ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස සිදුකරන ලෙසත් Lankasportsnews අප මීට පෙරත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට යෝජනා කළා. ක්‍රීඩාව රැක ගැනීමට සිටින ක්‍රීඩා අමාත්‍යවරයාට මෙම ගැටළුව විසදා සිය කීර්තිය පතල කර ගැනීමටත් අවස්ථාවක් උදා වී ඇති බව මතක් කරනවා. ඉතින් එය අපතේ නොහරින ලෙස ඉල්ලා සිටින්නේ මැණික් ගලේ පය වැදුනට සමහරු අහුලා නොගන්නා බවත් මතක් කරමිනුයි.
කෙසේ වෙතත් ගාල්ලේදී අද ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිතිකරුවන් හය දෙනෙක්, එක් තුන් ඉරියව් දඟ පන්දු යවන්නෙක් හා විශේෂඥ පන්දු යවන්නන් හතර දෙනෙක් සමග පිවිසෙන බව නායක දිනේෂ් චන්දිමාල් ඊයේ කියා සිටියා. කුසල් මෙන්ඩිස් වෙනුවට ඕෂද ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට නියමිත බවත් රමේෂ් මෙන්ඩිස් කණ්ඩායමට කැදවන බවත් ඔහු එහිදී කියා සිටියා. එම මාධ්‍ය හමුවේදී ක්‍රීඩකයින් හා වෛද්‍යවරිය ලිංගික හැසිරීමේ වාර්තා ගැනත් මතු වුණා. එම මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝව පහතින්.
No comments