• Breaking News

    මීළඟ ක්‍රිකට් නිලවරණයට සනත් ජයසූරිය ? Exclusive Exposed


    දිය යටින් ගින්දර ගෙනියන හා දිය රෙද්දෙන් බෙල්ල කපන තැනක් ඇහුවොත් බය නැතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔබට පෙන්විය හැකියි. එහි බලයට පැමිණීමට තිරය පිටුපස ඇත්තේ රටේ ජනාධිපතිවරණ සටනටත් එහා ගිය බල අරගලයකි. සෑම විටම පාහේ ක්‍රිකට් නිලවරණයක  ප්‍රධාන පාර්ශ්ව දෙකක් දැකිය හැකියි. එකක් සුමතිපාල හිතවාදීන් නියෝජනය කරන අතර අනෙක රණතුංග හිතවාදීන්ට වෙන් වනවා. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අලුත් මුහුණුවරකින් පැවැත්වීමට සූදානම් වීමේ මූලික සැලසුම් දියත්වීම පිටුපස ඇති කතාවක් මෙලෙස දිග හැරෙනවා.


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය මෙම වසරේ මැයි මාසය දක්වාම පමා කිරීමේ නීතිමය හැකියාවක් තිබෙනවා. එහෙත් සියලු පාර්ශ්ව වල කැමැත්තට අනුව එය ලබන මාර්තු මාසය වන විටම පවත්වා අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුවයි පසුගියදා ක්‍රිකට් නිලවරණ කමිටුව පත් කිරීමට කටයුතු කළේ. මෙම ත්‍රිපුද්ගල කමිටුවට අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා හා අමාත්‍යාංශ කිහිපයකම ලේකම්වරයෙක් ලෙස කටයුතු කර ඇති ආචාර්ය එම්.ආර් දිසානායක ඇතුලත් වනවා. ඔවුන්ගේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයට හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ඉදිරිපත් කිරීමට සූදානම් වනවා. ඒ උප සභාපතිධූරයක් සදහා බව සදහන්.


    හිටපු කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේ නම යෝජනා කර ඇත්තේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයෙක් විසිනුයි. ඒ වත්මන් ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න දොට්ට දැමීමේ අරමුණ ඇතුව බවයි Lankasportsnews අප වෙත වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මෙවර ක්‍රිකට් ආයතන නිලවරණය මින් පෙර කිසිදා නොපැවති එකක් ලෙස පැවැත්වීමට නියමිතව තිබෙනවා.මේ අනුව ක්‍රිකට් ආයතන නිලවරණයේ තනතුරු වෙනුවෙන් සුවහසක් බලාපොරොත්තු පොදි බැදන් සිටින ඇතමුන්ට ඒවා ඉටු නොවීමට බොහෝ ඉඩ තිබෙනවා. එමෙන්ම දැනට තනතුරු දරණ ඇතමුන්ට ඒවා අහිමි වීමටත් වැඩි ඉඩක් නිර්මාණය වී අවසන්.


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවණයට නටන්න කවුරු වෙස් බැන්දත් තිරය පිටුපස සියල්ල මෙලෙස ඔබවෙත ගෙන ඒමට Lankasportsnews අප සූදානම්ව සිටිනවා.  




    No comments