ලංකා ප්‍රිමියර් ලීග් LPL කඩාකප්පල් කරන්න හැදූ හිටපු ක්‍රිකට් ලොක්කා - Video - Exclusive Exposed
හෙලුවෙන් යනවිට එය පෙන්වාදීම කියන්නේ එම ගමන කඩාකප්පල් කිරීමක් නොවේ. එහෙත් හෙලුවෙන් යනවිට එය පෙන්වා නොදී කකුල් මාට්ටු දැමීම කියන්නේ එම ගමන කඩාකප්පල් කිරීමයි. මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කලේ මේ පිළිබඳ අවබෝධයක් නැති පිරිස බොහෝ බව පසුගිය කාලයේ Lankasportsnews කළ හෙලිදරව් කිරීම් වරදවා වටහා ගනිමින් කර තිබූ පාඨක අදහස් දැක්වීම් නිසාමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2020 තරගාවලියේ අඩුපාඩු අප පෙන්වා දුන්නේ එය වඩා හොද තරගාවලියක් ලෙස ප්‍රේක්ෂක ඔබට තිලිණ කිරීමේ අරමුණ ඇතුවයි. එහෙත් ක්‍රිකට් ආයතනය තුලම සිටි පිරිසක් එය කඩාකප්පල් කිරීමට උත්සාහ කළා. ඔවුන් සදහා Lankasportsnews අප කිසිදු විටක සහය ලබා දුන්නේ නැහැ. තරගාවලියේ අඩුපාඩු පෙන්වා දුන් අප, ඔවුන් පිලිබද මෙලෙස හෙලිදරව් කරන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ඔබත් මේ ගැන දැනුවත් විය යුතු නිසයි.
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2020 ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමාවට පත්වුනේ ප්‍රදේශ පහක කණ්ඩායම් අතරින් ගාල්ල අනුශූරතාවය දිනා ගනිද්දී යාපනය කණ්ඩායම ශූරයින් බවට පත් වෙමිනුයි. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගාවලිය පුරාම සිදුවූ තිරය පිටුපස බොහෝ සිදුවීම් ඔබවෙත ගෙන ආ එකම මාධ්‍ය වූයේ අප පමණයි. වරක් එහි විස්තර විචාරකයෙක් ලෙස එක්වූ රොෂාන් අඹේසිංහ මුදලට තරග පාවාදෙන බුකීකරුවන්ගේ ඒජන්තවරයෙක් ලෙස කටයුතු කිරීම Lankasportsnews අප වාර්තා කළා. එම අනාවරණයට පසු ඔහු Facebook සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ එම ක්‍රියාව සම්පූර්ණයෙන් අතහැර දැම්මා. අප මෙම අනාවරණය කළේ ඔහු සමග පෞද්ගලික හේතුවක් නිසා නොව ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙනුයි. එම අනාවරණය පහතින් බලන්න.
රොෂාන් අබේසිංහ බුකී ඒජන්තයෙක් ? Exclusive Exposed
කෙසේ වෙතත් දිගින් දිගටම අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අඩුපාඩු පෙන්වා දෙන විට එය දඩමීමා කර ගැනීමටත් සම හරක් උත්සාහ කළා. ඒ ඔවුන්ගේ පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීම සදහායි. හිටපු ක්‍රිකට් ලොක්කෙක් නිතර කියූ කාරුණක් වූයේ ශ්‍රී ලංකාවට වැඩිම මුදලක් උපයා දුන් තරගාවලි පැවැත්වූයේ තමන් හා පිරිස ක්‍රිකට් ආයතනය පරිපාලනය කළ කාලයේ බවයි. මෙම තරගාවලිය පැවැත්වීමට දිනෙන් දින ආසන්න වන විට ඔහුගේ ඇහේ කටු අනින්නාක් මෙන් වුණා. ඒ අනුව ඔහු තරගාවලියේ අනුග්‍රාහකත්වය ලබාදුන් ව්‍යාපාරිකයන් අමතා මුදල් ලබා නොදෙන ලෙසත් මෙම තරගාවලියේ ඇති අවාසිත් පෙන්වාදීමට කටයුතු කළා. ඒ පිළිබඳ තරගාවලියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න මෙලෙස අනාවරණය කළා.
රවීන් වික්‍රමරත්න කියන මෙම නිලධාරියා ක්‍රිකට් ආයතනයට යලිත් රිංගා ගැනීමට බොහෝ බලාපොරොත්තු තබා සිටින්නෙක් බව Lankasportsnews අප තහවුරු කර ගත්තා. ඒ ඔහු අපටද විටින් විට සිදුකළ විවිධ යෝජනා මේ සමග ගැලපීමෙන් පමණක්ම නොවේ. මෙම ක්‍රිකට් ලොක්කා ගැන Lankasportsnews අප මෙලෙස අනාවරණය කරන්නේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂත් ඔවුනෙන් ප්‍රවේසම් විය යුතු බව පෙන්වා දෙමිනුයි. ඒ අනාගත ක්‍රිකට් ආයතනය භාර ගැනීමට මෙම හිටපු ක්‍රිකට් ලොක්කා ඇගිලි ගනිමින් සිටින නිසා පමණක් නොවේ. ඒ සදහා ඔහුට සැලැස්මක්ද ඇති බව Lankasportsnews අප මාධ්‍ය කණ්ඩායම අනාවරණය කරගෙන සිටීම නිසාවෙනුයි. කවුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිපාලනයට ආවත් Lankasportsnews අප සෑම වීටම සිට ගන්නේ නිවැරැදි පැත්තේ බව අවසන් ලෙස සටහන් කළ යුතුයි.
No comments