• Breaking News

    නාමල්ගේ ජාතික ක්‍රීඩා සභාවේ පටලැවිල්ලක් - Exclusive Exposed


    අන්තෝ ජටා බහී ජටා යන කියමන යෙදෙන්නේ ඇතුලත් ප්‍රශ්න පිටත් ප්‍රශ්න යන්න පැහැදිලි කිරීම සදහායි. එම ඉරණම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පත්වීම් ලිපි ලබාදුන් ජාතික ක්‍රීඩා සභාවට අත්වී තිබෙනවා. පුදනකොටම කාපි යකා කියමින් එහි පත්වීම් ලබාදෙන විටම අඩුපාඩු රැසක් පැවතියා. ඒවා එකින් එක ලෙහා ගනිමින් ඇවිත් මේ වන විට එකක් කඩතොලු වසා ගැනීමට ගොස් දෙකක් කඩතොලු හදා ගත්තයි ඉදුරුවේ ආචාරියා කියන්නාක් වැනි සිදුවීමකට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මුහුණ දී සිටිනවා. මහේල ජයවර්ධනගේ සභාපතිත්වයෙන් පත්කළ ජාතික ක්‍රීඩා සභාවේ සිදුකළ සියළු පත්වීම් මේ වන විට නීත්‍යානුකූල නැති වීමේ කතාව මෙතැන් සිට දිග හැරෙනවා
    .


    ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ භාර ගනිමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ලෝකයට අඩබෙර ගසමින් ජාතික ක්‍රීඩා සභාව පත්කළා. පසුගිය අගෝස්තු 20 වැනිදා ඔවුන්ට ඊට අදාල පත්වීම් ලිපි බෙදා දීම සිදුවුණා. හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනගේ සභාපතිත්වයෙන් පත්කළ ඊට රටේ ලොකු පෙරලියක් සිදුකළ හැකි බව ඇතැම් මාධ්‍ය වාර්තා කළා. නමුත් ඊට අවශ්‍ය පදනම ක්‍රීඩා අමාත්‍යවරයා සකස් කළ යුතු බව Lankasportsnews අප පෙන්වා දුන්නා. එහෙත් මෙහිදී සිදුකළ පත්වීම් නීත්‍යානුකූලදැයි ප්‍රශ්නයක් මතුවුණා. ඒ පිලිබද Lankasportsnews අප සිදුකළ අනාවරණය පහතින් බලන්න.


    නාමල් පත්කළ ජාතික ක්‍රීඩා සභාවේ යෝධයින් ලිලිපුට්ටන් වෙයිද ? Exclusive Video


    මෙලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ජාතික ක්‍රීඩා සභාවේ පත්වීම් ලිපි 2020-08-20 වැනිදා බෙදා දීමෙන් පසු සම හරක් සිතුවේ එය ක්‍රීඩාවේ සිතූ පැතූ සම්පත් ලබාදෙන කප්‍ රුක බවයි. එහෙත් රාජ්‍ය ඇමතිගේ ආයතනයකට කැබිනට් ඇමතිට පත්වීම් ලබා දිය හැක්කේ නැහැ. මේ අනුව එම පත්වීම් වල නීත්‍යානුකූල බව වහා සොයා බැලීමට Lankasportsnews අප කටයුතු කළා. එහිදී තහවුරු වුණේ නාමල් රාජපක්ෂ අඩබෙර ගසමින් බෙදා දුන් පත්වීම් ලිපි සදහා අත්සන් කර ඇත්තේ ක්‍රීඩා රාජ්‍ය ඇමති තේනුක විදානගමගේ බවයි. එම 2020-08-09 වැනිදා නිකුත් කළ ගැසට් පත්‍රය පහත දැක්වෙනවා.






    මෙම ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් කිහිප දෙනෙක් පිලිබද ලබැදියාවේ ගැටළු (Conflict of interest) පැවතියා. ජාතික ඔරු පැදීමේ සංගමයේ සභාපති රොහාන් ෆනෑන්ඩු මෙම පත්වීම සිදුකර සති කිහිපයකට පසු ජාතික සංගමයෙන් ඉල්ලා අස්වුණා. එහෙත් ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික ජුලියන් බෝලින් තවමත් පුහුණුකරුවෙක් ලෙස සේවය කරන බව වාර්තා වනවා. එමෙන්ම ඊට පත්කළ මේජර් ජනරාල් රාජිත අම්පේමොහොට්ටි තවමත් ආබාධ සහිත වූවන්ගේ ජාතික ක්‍රීඩා සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කටයුතු කරන බව සදහන්. මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්තාවක් මගින්ම චූදිතයකු කර ඇති රුවන් කෑරගල එම අමාත්‍යාංශයට උපදෙස් දෙන මෙම කමිටුවට පත්වීම හාස්‍යට කරුණක් වුණා. නිමා වූ දකුණු ආසියා ක්‍රීඩා උළෙල සදහා බොක්සිං ක්‍රීඩකයෙක් නම් කිරීමේදී සිදුවූ විශමාචාරයකට සෘජුව ඔහු සම්බන්ධ බවටයි සදහන් වුණේ. එහෙත් ජාතික ක්‍රීඩා සභාවේ මෙම පත්වීම් සමගින්ම එම දකුණු ආසියා ක්‍රීඩා උළෙල පිලිබද සිදුකළ ක්‍රීඩා අමාත්‍යාංශයේ එම වාර්තාව කුණු කූඩයට දමා ඇතැයි සදහන්.


    සාෆ් ප්‍රගති සමාලෝචන වාර්තාව අතුරුදන් - නිලධාරීන් අලුත් ඇමතිවත් අන්දයි


    එවන් වටපිටාවක ජාතික ක්‍රීඩා සභාව යලි ක්‍රීඩා අමාත්‍යවරයා යටතේම 2020-12-11 වන දින ගැසට් කරනු ලැබුවා. මේ අනුව මීට පෙර අඩබෙර ගසා ලබාදුන් ජාතික ක්‍රීඩා සභාවේ සියළු පත්වීම් අවලංගු වුණා. මේ අනුව යලි මෙම පිරිසම ජාතික ක්‍රීඩා සභාවට පත් කරන්නේ නම් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යලි ඔවුන් සදහා පත්වීම් ලිපි ලබාදිය යුතු වනවා. එසේ නොවන තාක් ජාතික ක්‍රීඩා සභාවේ කටයුතු නීත්‍යානුකූල වන්නේ නැහැ. සංශෝධනය කළ නව ගැසට් පත්‍රය පහත දැක්වෙනවා.





    ජාතික ක්‍රීඩා සභාවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා  බලාපොරොත්තුවන කරුණු ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය මේවා Lankasportsnews අප වෙත කියා සිටියා. ක්‍රීඩාවේ දියුණුවඑහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම ඔවුන්ගේ කාර්‍යභාරය බවයි. එමෙන්ම  ක්‍රීඩා අමාත්‍යවරයාගේ  නියමය පරිදි නව ක්‍රීඩා පනතක් හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සදහා සැළසුම් සකස් කිරීම, ක්‍රීඩකයින් වෘත්තීමය තත්වයකට නන්වාලීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජාතික සංචිත තේරීමේදී අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, පාසල් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව පාසල් ක්‍රීඩා නැංවීමේ සැලැස්මක් සකස් කිරීම, ක්‍රීඩාවේ පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය සුරැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම, නව ප්‍රවණතාවන් හා ඊ-ස්පෝර්ට්ස් වැනි නව අංශ හරහා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මුලික කර ගත් විශේෂ වැඩසටහන් සදහා මග පෙන්වීමද අයත් වනවා. ඔවුන් නාමිකව උපදෙස් පමණක් ලබා දෙන ක්‍රීඩා සභාවක් වෙනුවට ක්‍රියාකාරී බලතල සහිත ජාතික ක්‍රීඩා සභාවක් ලෙස අභිනව පත් කළ ජාතික ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බවද අමාත්‍ය නාමල් රාජපක්ෂ පෙන්වා දී තිබෙනවා. එහෙත් වත්මන් නීති තත්වය සමගින් ඒවා ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක් ලෙස හදුනා දිය හැකියි.


    මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ක්‍රිකට් ආයතනය ඉදිරියේ එහෙයියෙක් බවට පත්ව තිබෙනවා. මේ වන විට දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 22 නෙකුගේ සංචිතයක් පසුගියදා එරට බලා ගොස් අවසන්. ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවූයේ පසුගිය 17 (දෙසැම්බර් 17) වනදායි. එහෙත් පසුගිය නොවැම්බර් මස 13 වැනිදා වන විට මෙම ක්‍රීඩකයන් 22 දෙදෙනාව තෝරාගෙන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී විශේෂ පුහුණු කඳවුරක්ද ආරම්භ වුණා. ඒ වන විට ක්‍රිකට් ජේෂ්ඨ තේරීම් කමිටුවක් සිටියේ නැහැ. මේ අනුව හොර පාරෙන් එම තෝරාගැනීම් සිදුවූ බවට Lankasportsnews අප අනාවරණය කළා. එම තෝරාගත් ක්‍රීඩකයින් පසුව නම් කළ අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් ජේෂ්ඨ තේරීම් කමිටුව දැනුවත් කර ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ලබා මෙලෙස පිටව ගොස් තිබෙනවා. මේ අනුව ක්‍රිකට් තේරීම් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතන අල්ලේ නටන රූකඩ වී අවසන්. මේ පිලිබද පහත දැක්වෙන අපගේ පසුගිය ලිපිය හා ක්‍රිකට් ආයතන නිවේදනය මගින් මේ බව ඔබට තහවුරු වනු ඇති.


    තේරීම් කමිටුවක් නැතුව හොර පාරෙන් අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් - Exclusive Exposed




    මේ අතර මෙම තරගාවලියට නම්කර සිටි දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක්ට කොරෝනා වැලදීම නිසා ඉවත්ව තිබෙනවා. අනෙක් ක්‍රීඩකයින් සදහා එරට සෞඛ්‍ය අංශ PCR පරීක්ෂණ ක්‍රමිකව සිදු කරන බව සදහන්. එහෙත් සංචිතය නිරෝදායනයට යොමිකර තිබුනේ දින තුනක කාලයක් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. එය දැඩි අවධානම් ගැනීමක් ලෙසයි එහි සදහන් වුණේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගින් මෙරට වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් දෙදෙනෙක් එරට රැදී සිටිනවා. ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කොරෝනා වසංගතයෙන් කිසිදු අනතුරක් නොවේවා යන්න Lankasportsnews අපේ පැතුමයි. මේ අතර මේ කරුණු මතින් පෙන්නුම් කරන්නේ කැබිනෙට් ඇමතිවරයකු වුවත් උපදේශකයන් පිරිසක් වටකර ගෙනත් නාමල් රාජපක්ෂ තවමත් කටයුතු කරන්නේ ආධුනිකයකු ලෙස බවයි.



    No comments