• Breaking News

    මාලින්ද පුෂ්පකුමාර නෝ දැම්මේ ස්පොට් ෆික්සිං වලට ? Exclusive Exposed Video


    ශ්‍රී ලාංකිකයන්ට පාවාදීම අලුත් දෙයක් නොවේ. ඉතිහාසය සාහිත්‍යට අනුව එහි මුල්ම සටහන හමුවන්නේ රාම රාවණා පුරාවෘත්තයේ සිටයි. ලෝකයේ පාවාදෙන්නන්ගේ රාජ්‍ය බවට පත් වෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලොව දූෂිතම ක්‍රිකට් රට ලෙසත් ලංකාව නම් කළා. ඒ ක්‍රිකට් තරග මුදලට පාවාදීම් සිදුවීම් වැඩිම සංඛ්‍යාව වාර්තා වීම හා ඊට දඩුවම් ලැබූ වැඩිම පිරිස ලංකාවේ වීම හේතුවෙනුයි. මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය පාවාදෙන්නන්ගේ ග්‍රහනයට හසුව ඇති බව Lankasportsnews අප වාර්තා කළා. එහිදී බුකීකරුවන්ගේ අවශ්‍යතාව සදහා මාලින්ද පුෂ්පකුමාර නිපන්දුවක් (නෝ බෝල්) යැවූ බවට මේ වන විට පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා. මේ එම පරීක්ෂණයේ ඇතුලත තොරතුරු සටහනයි.


    පසුගිය 28 වැනිදා දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම හා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. මෙම තරගයේදී කාසියේ වාසිය දිනා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 195 ක් ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩාකළ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පන්දුවාර 9 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 84 ක් ලබා සිටියදී වර්ශාව හේතුවෙන් තරගය අතහැර දැමුණා. මේ අනුව ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 ක ජයක් දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමට හිමිවුණා. තරගයෙන් පසු ක්‍රීඩායින් හෝටලයේ කෑම කමින් සිටියා. එතැනට කඩා වැදුණු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් දෙදෙනෙක් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් දෙදෙනෙක් ආහාර ගනිමින් සිටි මාලින්ද පුෂ්පකුමාරව ප්‍රශ්න කිරීම් සදහා කැදවාගෙන ගියා.


    දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ වමත් දග පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර මෙම තරගයේ පිලිතුරු ඉනිමේ ක්‍රියාත්මක කළ පස්වන පන්දුවාරයේ අවසන් පන්දුව නිපන්දුවක් ලෙස යොමු කළා. සාමාන්‍යයෙන් පන්දුවාර විස්සයි විස්ස තරගයකදී දග පන්දු යවන්නෙක්ගෙන් මෙවන් නිපන්දුවක් යොමුවීම අසාමාන්‍ය වනවා. සීමා ඉරට බොහෝ ඉදිරියෙන් පන්දුව යොමු කරමිනුයි ඔහු එම නිපන්දුව යොමු කළේ. එම අවස්තාවේදීම තරග විස්තර විචාරකයන්ද මෙම නිපන්දුව අසාමාන්‍ය බව කියා සිටියා. ඒ එම  පන්දුවාරයේදීම ඔහු කඩුල්ලක්ද දවාගෙන, හොදින් පන්දු යවමින් සිටියදී වීම නිසාවෙනුයි. ක්‍රිකට් ක්‍රීඩා කරන විට සීමා ඉර ඉක්මවා නිපන්දු යොමු වීම පන්දු යවන්නන් අතින් සිදුවනවා. එහෙත් සීමා ඉර මෙලෙස බොහෝ ඉක්මවා නිපන්දුවක් යොමු කිරීමට නම් පන්දු යවන්නා දැඩි ප්‍රහාරයකට ලක්ව මානසික පීඩනයෙන් යුතු විය යුතුයි. එහෙත් මෙය සිදුවන්නේ මාලින්ද හොදින්ම පන්දු යොමු කළ පන්දුවාරයේ වීම කැපී පෙනෙනවා. මේ දක්වෙන්නේ එම පන්දුවයි.


    තරගයෙන් පසු මාලින්ද පුෂ්පකුමාරගේ ජංගම දුරකථනයේ සිදුකළ පරීක්ෂාවේදී ඔහුට දුරකථන ඇමතුම් 30 කට අධික සංඛ්‍යාවක් එම තරගයට පෙර ලැබී ඇති බව සොයා ගත් බව වාර්තා වනවා. ඒ අතර විදේශයක සිට නොදන්නා දුරකථන අංකයකින් ද සැක සහිත ඇමතුමක් ලැබී තිබෙනවා. මාලින්ද පුෂ්පකුමාර මෙම තරගය ක්‍රීඩා කිරීමට නොවේ පළමුව තීරණය කර සිටියේ. එහෙත් නිරෝදායන නීති පවා නැවීමට ලක් කරමිනුයි ඔහුව තරගයට ඇතුලත් කර ඇත්තේ. ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ පළමු ක්‍රීඩක වෙන්දේසියට මාලින්ද පුෂ්පකුමාර ඇතුලත් වුණේ නැහැ. ඊට ක්‍රීඩකයන් තෝරා ගත්තේ කිසිදු පිලිගත් ක්‍රමවේදයට අනුව නොවන බව Lankasportsnews අප අනාවරණය කළා ඔබට මතක ඇති. මේ නිසාම දක්ෂ ක්‍රීසකයින් රැසක් වෙන්දේසියට ඇතුලත් නොවුනු බව අප වාර්තාව පහතින් බලන්න.


    ලංකා ප්‍රිමිය ලීග් (LPL) යට සැගවුණු ඇත්ත කතාව - Exclusive Exposed


    ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලි ක්‍රීඩක වෙන්දේසියට ලැතුලත් නොවූ නිසා අනතුරුව මුරුසියේ පැවැත්වීමට නියමිත ටී10 ක්‍රිකට් තරගාවලියක් සදහා එක්වීමට ඔහු සූදානම් වුණා. ඊට එක්වන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් 10 දෙනෙක් සමග ඔහු ඩුබායි රාජ්‍ය වෙත ගොස් තිබෙනවා. මෙම ටී10 ක්‍රිකට් තරගාවලියට එක්වන්නේ ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්‍රීඩකයන් පමණක් බවයි වාර්තා වන්නේ. එහෙත් ප්‍රමුඛපෙළ පවා ක්‍රීඩාකරන තවමත් සමු ගැනීමක් නොකළ මාලින්ද පුෂ්පකුමාර ඊට එක්වීමට සූදානම් වීම කැපී පෙනෙනවා. ඊට එක්වීම සදහා ඩුබායි රාජ්‍යයේ සිටියදීයි දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ බලධාරීන් දුරකථන ඇමතුමක් ලබාදී මාලින්දව ලංකාවට ගෙන්වාගෙන ඇත්තේ. විදේශයක සිට පැමිණි විට සම්පූර්ණ කළ යුතු අවම ස්වයංනිරෝධායන කාලය පවා සම්පූර්ණ නොකර මෙම තරගයට ඔහුව ඇතුලත් කිරීමටයි කණ්ඩායම් බලධාරීන් තීරණය කර ඇත්තේ. එම තරගයට ක්‍රීඩා කිරීමට වෙනත් ක්‍රීඩකයෙක් සිටියදී පැරශුට් තේරීමක් ලෙස මාලින්ද පුෂ්පකුමාරව මෙලෙස ඇතුලත් කිරීමත් ගැටළු සහගත වනවා.


    යොවුන් ක්‍රීඩකයන් අන්දන LPL ක්‍රිකට් ප්‍රෝඩාව - Exclusive Exposed


    මේ අතර තරගාවලියේ පස්වන තරගය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම හා දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා. එහිදී පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 218 ක් ලබා ගත්තා. එම තරගයට පන්දු යවන්නෙක් ලෙස දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමට මාලින්ද පුෂ්පකුමාර ඇතුලත්ව සිටියා. එහෙත් එකදු පන්දුවාරයක් හෝ ඔහුට යැවීමට ලබා දුන්නේ නැහැ. එහෙත් පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට ඔහු ඉනිමේ 10 වන පිතිකරු ලෙස පැමිණ කිසිදු ලකුණක් නොලබා දැවී ගියා. ඒ ඔහු මුහුණදුන් දෙවන පන්දුවේදීයි. සියලු දෙනා දැඩී දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමට ලබා ගත හැකිවූයේ ලකුණු 152 ක් පමණයි. මේ අනුව ලකුණු 66 ක ජයක් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සතු වුණා. මෙහිදී මාලින්ද පුෂ්පකුමාරට පන්දු යැවීමට ඉඩ ලබා දුන්නේ නැත්තේ පරීක්ෂණය ක්‍රියාත්මක වීම නියයි. නිපන්දුව යොමුකර පාවාදීමක් සිදුකළ බව මූලික විමර්ශනයෙන් ඔප්පු උවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල පරීක්ෂණයට පෙර ඔහුව තරගාවලියෙන් ඉවත් කරනු ඇති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරියෙක් Lankasportsnews අප වෙත ඒ බව තහවුරු කළා.


    තරගාවලිය ආරම්භ වීමට පෙර කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ දකුණත් පිටදග පන්දු යවන 24 හැවිරිදි යොවුන් ක්‍රීඩක තරිදු රත්නායකටත් මෙලෙසම තරග පාවාදීම් සදහා ආරාධනා කර තිබුණා. ඒ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක බවයි වාර්තා වුණේ. එම යෝජනාව පැමිණ පැය 24 ක් ගතවීමටත් පෙර ඒ පිලිබද මෙම ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් දැනුවත් කර තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානී තේජක වනිගසේකර කියා සිටියේ තරගාවලිය ආරම්භයට පෙර පන්ති 6 ක් ලෙස ක්‍රීඩකයන් දැනුවත් කළ බවයි. 2019 අංක 24 දරණ ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ පනත යටතේ මෙම තරගාවලියේ ගුණාත්මක භාවය රැකීමට කටයුතු කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. එම පනත යටතේ මුදලට තරග පාවාදීම, දූෂණ වංචා, නීති විරෝධී මෙහෙයවීම, නීති විරෝධී ඔට්ටු ඇල්ලීම සාපරාධී වරදක් වනවා. එහෙත් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක ආයතනයම ඔට්ටු ඇල්ලීමේ මෘදුකාංගයක් වනවා. එය මහ කකුලුවා ඇදේට යන අතර පොඩි කකුලුවන්ට කෙලින් එන්න කියන්නාක් වගෙයි. තරගාවලියේ කළමනාකරුවන්, පුහුණුකරුවන් හා ක්‍රීඩක කළමනාකරුවන් අතර සිදුවන සිද්ධි රැසක් පිලිබදවත් Lankasportsnews අපට අනාවරණය වී තිබෙනවා. ඒ සියල්ල ඉදිරියේදී ඔබ හමුවේ තැබීමට අප සූදානම්. ක්‍රීඩාවේ සීමාවන් ඔබ්බේ සිට ක්‍රීඩාව ගැන දැනගන්න රැදෙන්න අප සමගම.


    ඉන්දීය ක්‍රිකට් බුකියෙක් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) මිලට ගනී - Exclusive Exposed




    No comments