හෙලිදරව්වක් ඵල දරයි - ආර්.බී වික්‍රමසිංහ ඉවතට
අට්ටික්කා ගහේ මල් පිපුණා වගේ පුදුම විය යුතු දෙයක් කලකට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයේ සිදුවුණා. මීට සති කිහිපයකට පෙර සිදුවූ එය අප වාර්තා නොකර බලා සිටියේ කොකා බක තපස් රැක්මක්දැයි තහවුරු කර ගැනීම සදහායි. එහෙත් එය Lankasportsnews අප අනාවරණය ඵල දැරීමක් බව ක්‍රීඩා අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා. ඒ අන් කිසිවක් නොව ක්‍රීඩා අමාත්‍යාංශයේ අක්‍රමිකතා රැසකට දායක වූ එහි ක්‍රීඩා අධ්යක්ෂ ආර්.බී වික්‍රමසිංහට විශ්‍රාම ගන්නා තුරු ලබා දී ඇති ස්ථාන මාරුවයි. ක්‍රීඩා සංගම් නියෝජිතයන් හා අමාත්‍යාංශයේ නිලධාරීන් එම මාරුව සිදුකළ මීට සති කිහිපයට පෙර Lankasportsnews අප මාධ්‍යවේදීන්ට එය දැනුම් දුන්නා. ක්‍රීඩා අමාත්‍යාංශයේ කාර්යක්ෂමතාව නිසා එය මාධ්‍ය නිවේදනයක් මගින් නිල දැනුම්දීමට සති ගණනාවක් ගතවුණා. මේ දිග හැරෙන්නේ එම කතාවයි.
ක්‍රීඩා අමාත්‍යාංශයට කලින් කලට ඇමතිවරු පත්වනවා. එවිට ඔවුන් සිය දේශපාලන බල ප්‍රදේශයට සේවය කිරීමට එය භාවිතා කරනවා. ඒ සිය ඡන්ද පදනම වැඩි කර ගැනීම සදහායි. ක්‍රීඩා අමාත්‍යධූරයෙන් ඇමතිවරුන්ට කැපී පෙනීමට හැකි බව කීමට හොදම උදාහරණය දයාසිරි ජයසේකරයි. ඔහු සිය ඡන්ද දායකයන්ට සේවය කිරීම වෙනුවෙන් අමාත්‍යාංශයේ මුදලින් ප්‍රදේශයට ක්‍රීඩා පිටි ඉදිකරන අතර ජාතිය තලයේ ක්‍රීඩාව නැංවීමටත් පියවර ගත්තා. මේ හේතුවෙන් ඉතිහාසයේ හොදම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වාර්තා සටහන් කිරීමට ඔහුගේ අමාත්‍ය කාලය සමත් වුණා. පදක්කම් සදහා අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය සෘජුව බලපාන බව තහවුරු කළේද දයාසිරි ජයසේකරයි. ඒ ඔහුගේ නික්ම යාමෙන් මාස කිහිපයකට පසු පැවති ආසියා ක්‍රීඩා උළලේ අති දැවැන්ත පසුබෑමකට ශ්‍රී ලංකාව ලක්වීමයි. එහි විශේෂත්වය වූයේ ඊට එක්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද හිස් අතින් ඒමයි. එමෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සමුගත් දයාසිරි ජයසේකර ඊට කෙටි කලකට පසු මෙරට ප්‍රධාන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් ලෙස පත්වුණා. එවන් ගමනක් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ භාරගත් අමාත්‍ය නාමල් රාජපක්ෂ ආරම්භයේදීම කැපී පෙනෙන තීරණ රැසක් ගත්තා.
පිට කුණු සුද්ද කිරීමට පෙර අමාත්‍යාංශයේ කුණු සුද්ද ගොඩ සුද්ද කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ ආරම්භ කරනු ලැබුවේ ක්‍රීඩා අධ්යක්ෂ ආර් බී වික්‍රමසිංහ මාරු කිරීමත් සමගයි. එන එන ඇමතිවරු ඇන්දීම කලාවක් නම් එහි පිකාසෝ වී සිටි වික්‍රමසිංහ මෙලෙස දොට්ට විසිවීමට එකම හේතුව වූයේ Lankasportsnews අප ඔහු පිලිබද සිදුකළ අනාවරණයි. ඒවා පහත ලිපි තහවුරු කරනවා.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලිංගික අල්ලස් - Exclusive
රට බංකොලොත් කියා ක්‍රීඩක දීමනා කපයි - Exclusive Exposed
විරෝධතා යට ගැසූ දැල්පන්දු නිලවරණය කොලේ වසා 31 පැවැත්වීමට යයි - Exclusive Exposed
සාෆ් ප්‍රගති සමාලෝචන වාර්තාව අතුරුදන් - නිලධාරීන් අලුත් ඇමතිවත් අන්දයි
ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පුහුණුකරුවන් ලෙස සේවය කිරීම කලක සිට සිදුවනවා. එය අමතර ආදායම් මාර්ගයක් බවටයි ඔවුන් පත්කරගෙන ඇත්තේ. අප මෙහි කතා නායක ආර් බී වික්‍රමසිංහ එලෙස බර ඉසිලීමේ සංගමයේ ජාතික පුහුණුකරු ලෙස කටයුතු කරනවා. එලෙසම ක්‍රීඩා අමාත්‍යාංශයේ වරප්‍රසාද සමගින් පුහුණුකරුවන් සදහා හිමිවන දීමනාවන්ද ඔහු සාක්කුවට දා ගන්නවා. ඔහු ලෙසම ක්‍රීඩා අමාත්‍යාංශයේ තවත් ගුල්ලන් වන් නිලධාරීන් කිහිපදෙනෙක් ගැන සාක්ෂි සහිතව අනාවරණය කිරීමට අපට හැකියි. ඒ අතර ප්‍රධානියා වන්නේ ක්‍රීඩා විද්‍යායතනයේ අධ්යක්ෂ සජිත් ජයලාල් බව සටහන් කළ යුතුයි. එහි සේවය කරන දැකුම්කළු නිලධාරිනියක් සමගින් වැඩි හාදකමක් පෙන්වන ඔහු ක්‍රීඩකයන් අතර මේ සිදුවීම නිසාවෙන්ම ප්‍රසිද්ධව සිටින්නේ නාකි මනමාලයා ලෙසයි. සජිත් මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් ලෙසත් කලක සිට කටයුතු කරන්නේ මූලික යුක්ති මූලධර්ම උල්ලංඝනය කරමිනුයි. සජිත් ජයලාල්ගේ පැටිකිරිය ගැන සාක්ෂි සහිතව වෙනම පූර්ණ ලිපියක් ඉදිරියේදී Lankasportsnews අප ගෙන ඒමට තීරණය කර තිබෙනවා.
මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ මෙම ප්‍රධාන ගුල්ලන් වන් නිලධාරීන්ට එරහිව කටයුතු කිරීම ඔවුන්ගේ හා ක්‍රීඩාව විකුණන් කන අයගේ දෝශ දර්ශනයට ලක්ව තිබෙනවා. ඔවුන් තැන තැන අමාත්‍යවරයා ගැන ගතු කියමින් යන්නේ ක්‍රීඩාවට කිසිවක් නොකරන කටින් බතල හිටවන අමාත්‍යවරයෙක් බව පවසමිනුයි. බර ඉසිලීමේ ක්‍රීඩකයන්ට මහා සහනයක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදුන් පෝෂණ දීමනා යාවත්කාලීන නොවීම ඊට උදාහරණ ලෙස ඔවුන් පෙන්වා දෙනවා. එමෙන්ම ජාතික ක්‍රීඩා සභාවට කැපී පෙනෙන නිලධාරීන් පත් කළත් ඉන් කිසිවක් සිදු නොවන බව තවත් ඔවුන් මතු කරන්නක්. කෙසේ වෙතත් පසුගිය කාලය පුරා කිසිදු ක්‍රීඩා අමාත්‍යවරයෙක්ට නොහැකි වූ ක්‍රීඩා සංගම් භාර නිලධාරී ලෙස කටයුතු කළ ආර්.බී වික්‍රමසිංහ මාරු කිරීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කිරීම දූෂණයට එරෙහි වූවන්ගේ පැසසුමට ලක්ව තිබෙනවා. ඊට Lankasportsnews අප පවා අමාත්‍ය නාමල්ට තුති පිදිය යුතුයි.
මේ පළවන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයයි. ඉන් කියවෙන්නේ ගහට ගහක් මොරටුවේදී හමුවන ලෙසම ක්‍රීඩා හොරෙක්ට, හොරෙක් ක්‍රීඩා විද්‍යායතනයේදී හමුවූ බවයි.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් හා සම්මේලන භාරව රාජකාරී කටයුතු කළ සහකාර ක්‍රීඩා අධ්යක්ෂ ආර්.බී.වික්‍රමසිංහ මහතා ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් ස්ථානමාරු ලබා යාම හේතුවෙන් පුරප්පාඩු වූ එම තනතුරේ රාජකාරි කටයුතු සදහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර ක්‍රීඩා අධ්යක්ෂවරු දෙදෙනෙකු වන තිලක් අල්පෝන්සු මහතා හා ශීලා ද සේරම් මහත්මිය පත්කර ඇත.
ආර්.තිලක් අල්පොන්සු මහතා යටතේ ඇති ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන
01. ශ්‍රී ලංකා චෙස් සම්මේලනය
02. ශ්‍රී ලංකා කෝ - කෝ සංගමය
03. ශ්‍රී ලංකා කැරම් සම්මේලනය
04. ශ්‍රී ලංකා මූයිතායි සංගමය
05. ශ්‍රී ලංකා තුරඟ තරඟ සංගමය
06. ශ්‍රී ලංකා ත්‍රෝබෝල් සම්මේලනය
07. ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය
08. ශ්‍රී ලංකා ලෝන්බෝල් සම්මේලනය
09. ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනය
10. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය
11. ශ්‍රී ලංකා බෝල් බැඩ්මින්ටන් සංගමය
12. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය
13. ශ්‍රී ලංකා පවර්බෝට් සංගමය
14. ශ්‍රී ලංකා බොක්ෂිං සංගමය
15. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය
16. ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය
17. ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය
18. ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සම්මේලනය
19. ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය
20. ශ්‍රී ලංකා යුනිෆයිට් සම්මේලනය
21. ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමය
22. ශ්‍රී ලංකා ටයිකුන්ඩෝ සම්මේලනය
23. ශ්‍රී ලංකා රෝද සපත්තු සංගමය
24. ශ්‍රී ලංකා කුදෝ සම්මේලනය
25. ශ්‍රී ලංකා බේස්බෝල්/සොෆ්ට් සංගමය
26. ශ්‍රී ලංකා රයිෆල් සංගමය
27. ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුව
28. ශ්‍රී ලංකා ජුජිට්සු සම්මේලනය
29. ශ්‍රී ලංකා මේස පන්දු සංගමය
30. ශ්‍රී ලංකා කඳු නැඟීමේ සංගමය
31. ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය
32. ශ්‍රී ලංකා සුමෝ සම්මේලනය
33. ශ්‍රී ලංකා ටෙනිස් සංගමය
34. ශ්‍රී ලංකා ක්‍රිකට්
35. ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය
36. ශ්‍රී ලංකා ජිට්කුන්ඩෝ සම්මේලනය
ශීලා ද සේරම් මහත්මිය යටතේ ඇති ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන
1. ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය
2. ශ්‍රී ලංකා මෝටර් සයිකල් ක්‍රීඩා සංගමය
3. ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය
4. ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය
5. ශ්‍රී ලංකා ටෙක්බෝල් සම්මේලනය
6. ශ්‍රී ලංකා රෝල් බෝල් සම්මේලනය
7. ශ්‍රී ලංකා ප්‍රංශ සවාට් සම්මේලනය
8. ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය
9. ශ්‍රී ලංකා ඊ ස්පෝර්ට්ස් සංගමය
10. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය
11. ජාතික අංගම්පොර සම්මේලනය
12. ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය
13. ශ්‍රී ලංකා කැනොයින් සහ කායකින් සංගමය
14. ශ්‍රී ලංකා සර්ෆින් සම්මේලනය
15. ශ්‍රී ලංකා ස්කැබල් සම්මේලනය
16. ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමය
17. ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය
18. ශ්‍රී ලංකා ආධුනික සෙපැක්ටැක්රෝ සංගමය
19. ශ්‍රී ලංකා මොඩර්න් පෙන්ටැත්ලෝන් සම්මේලනය
20. ශ්‍රී ලංකා ජූඩෝ සංගමය
21. ශ්‍රී ලංකා සැම්බෝ සම්මේලනය
22. ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය
23. ශ්‍රී ලංකා බිලියඩ් සහ ස්නූකර් සංගමය
24. ශ්‍රී ලංකා මළල ක්‍රීඩා
25. ශ්‍රී ලංකා හොකී සම්මේලනය
26. ශ්‍රී ලංකා ෆෙන්සින්
27. ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගමය
28. ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය
29. ශ්‍රී ලංකා වූෂු සම්මේලනය
30. ශ්‍රී ලංකා පාරම්පරික කරාතේ සම්මේලනය
31. ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය
32. ශ්‍රී ලංකා රග්බි
33. ශ්‍රී ලංකා කබඩි සංගමය
34. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය
35. ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය
No comments