• Breaking News

    හම්බන්තොට කොරෝනා ක්‍රිකට් පොකුර සැගවීමට ගොස් මාට්ටු - ජනතාවත් පාරට බසී - Video


    ආදරයයි කැස්සයි හංගන්න බෑ කියනවා. එලෙසම කොරෝනා රෝගය සැගවීමට නොහැකි බව කියනවා. එහෙත් කොරෝනා ආසාධිත බව තහවුරු වීමෙන් පසු ප්‍රතිකාර කරන අතර තුර රෝහල්වලින් රෝගීන් පැන යාම ලංකාවේ සාමාන්‍ය සිදුවීමක් බවට පත්වෙමින් තිබෙනවා. ඒ නොදැනුවත්කම හා නීතියට වෙට්ටු දැමීමට අවශ්‍ය අය වීම හේතුවෙන් බව පැන ගිය කොරෝනා රෝගීන්ගේ දත්ත විශ්ලේෂණයෙන් පෙනී යනවා. මේ අතර තවත් පිරිසක් කොරෝනා රෝගය සැගවීම හේතුවෙන් රෝග වාහකයින් වී තිබෙනවා. ලෝකය පුරා කොරෝනා දෙවන රැල්ල නිර්මාණය කරන ලද්දේ ඔවුන් විසිනුයි. මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ආසාධිතයන්ව ක්‍රිකට් බලධාරීන්  සැගවීමට ගොස් හමුවීමත් සමග හම්බන්තොට උණුසුම් තත්වයක් ඇතිවුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ, කටේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරුන මෙම සිදුවීම පිලිබද මෙතැන් සිට දිග හැරෙනවා.


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලියේ දූෂණ මඩින්න කියා දුරකථන අංක දෙකක් හදුන්වා දුන්නා. එමෙන්ම තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් දෙදෙනෙක් දිවයිනට පැමිණ අධීක්ෂණය කරන බවත් නිවේදනය කළා. ඔවුන් සමග දේශීය නිලධාරීන්ද සහයෝගයෙන් කටයුතු කරන බවයි ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් පවසන්නේ. ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ පනත මගින් හිමිව ඇති නීතිමය ප්‍රතිපාදන ඔස්සේ ඔවුන් කටයුතු කරන බව සදහන්. මෙලෙස පැවැත්වීමට නියමිත තරගාවලිය ක්‍රීඩකයන්ට ආරක්ෂාකාරී විය යුතුයි. ඒ සදහා රජයෙන් කොරෝනා මාර්ගෝපදේශ පවා ලබා දුන්නා. එහෙත් ඒවාට පිටින් කොමිස් කුට්ටි සාක්කුවට දා ගැනීම පමණක් සිතන ක්‍රිකට් බලධාරීන් ක්‍රියාත්මක වෙමින් සිටිනවා.


    ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලියට මෙරටට පැමිණි ක්‍රීඩකයින් දෙදෙනෙක්ට හා තාක්ෂණ නිලධාරියෙක්ට කොරෝනා වැලදී ඇති බව පසුගියදා තහවුරු වී තිබෙනවා. ඒ පාකිස්තාන ක්‍රීඩක සොහෙල් තාන්වීර්, ඉන්දීය ක්‍රීඩක රවීද්‍රපාල් සිංට හා ඉන්දීයාවෙන් පැමිණි තාක්ෂණ නිලධාරියෙක්ටයි. ඔවුන්ට හම්බන්තොට සිටින කොළඹ නවලෝක රෝහලේ කාර්යය මණ්ඩලය ක්‍රිකට් බලධාරීන්ගේ උපදෙස් හේතුවෙන් රහසේම ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ වෛද්‍යවරුන්ද මේ පිරිස අතර සිටිනවා. ඔවුන් හදුනා ගත් මෙම කොරෝනා ආසාධිතයන්ව හම්බන්තොට රන්න ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ලබා තිබෙනවා. ඒ ලංකාවේ සෞඛ්‍ය නිර්දේශ අමු අමුවේ උල්ලංඝනය කරමින්. රජයේ කොරෝනා මාර්ගෝපදේශයන්ට අනුව කොරෝනා ආසාධිතයන් සියලුදෙනා රජයේ රෝහල් වෙත යොමු කළ යුතුයි. දිවයිනේ කිසිදු පෞද්ගලික රෝහලක් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ නැහැ. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත්කළ එම කොරෝනා මාර්ගෝපදේශ මෙම තරගාවලි කොමිස් කාක්කන් තඹ සතේකට මායිම් නොකිරීම කැපී පෙනෙනවා.


    ඉන්දීය ක්‍රිකට් බුකියෙක් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) මිලට ගනී - Exclusive Exposed


    කෙසේ වෙතත් රන්න හෝටලයේ ප්‍රතිකාර කරමින් සිටි මේ පිරිස පිලිබද එම ප්‍රදේශයේ ජනතාවටත් වසන් කිරීමට කටයුතු කිරීම කැපී පෙනෙනවා. එහෙත් අවධානයෙන් සිටින ප්‍රදේශවාසීන්ට මෙය වැඩි දිනක් සැගවීමට හැකි වුණේ නැහැ. සාමාන්‍යයෙන් කොරෝනා ආසාධිතයෙක්ගේ ආශ්‍රිතයින් සිටින නිවෙස් පවා දැන්වීම් මගින් මහජනතාවට දැනුවත් කිරීමට කටයුතු කරනවා. ඒ ජනතාව තව දුරටත් එම ආශ්‍රිතයින්ගෙන් ඈත් කර තැබීමටයි. එවන් නිවෙස් PHI විසින් අධීක්ෂණය කරනවා. එහෙත් එවැන් කිසිවක් නොකර මෙම තිදෙනාට රහසේම ප්‍රතිකාර කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඊට හේතු වී ඇත්තේ මෙම තිදෙනා තරගාවලියට එක්ව සිටින ක්‍රීඩකයින් හා නිලධාරීන් රැසක් සමග සමීපව කටයුතු කර තිබීම බව වාර්තා වනවා. මෙම තත්වය තුල ඔවුන් සියල්ල නිරෝදායනයට යොමු කළහොත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ලබන 26 වැනිදා ආරම්භ කිරීමට නොහැකි වනවා. ක්‍රීඩකයින් කොරෝනා වැලදී මියගියත්, ලබාගෙන ඇති කොමිස් කුට්ටි හේතුවෙන් තරගාවලිය කල් දැමීමට බලධාරීන්ට හැකියාවක් නැහැ. මේ හේතුවෙන් ඔවුන් මෙලෙස කටයුතු කර ඇතැයි වාර්තා වනවා. රජය මගින් දිනපතා නිකුත් කරන කොරෝනා රෝගීන් හමුවීමේ නිල නිවේදනයේත් හම්බන්තොටින් රෝගීන් මුණ ගැසුණු බවක් කියන්නේ නැහැ. ඒ තරමට සංවිධානාත්මකව මේ සිද්ධිය යට ගැසීමක් වෙනවා.


    පසුගියදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ විශේෂ පුහුණු කඳවුරට එක්වූ ක්‍රීඩකයින්ගේ බැගේජ් බෝයිට කොරෝනා ආසාධනය වී ඇති බව සියල්ලන්ට පෙර Lankasportsnews අප වාර්තා කළා. එහෙත් ඔහු කොරෝනා ආසාධිත බව තහවුරු වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල හා බොහෝ ස්ථානවල සංචාරය කර තිබුණා. ඒවා ගැන කිසිදු සදහනක් ක්‍රිකට් ආයතනය කරන්නේ නැහැ. මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ක්‍රීඩකයන් මූලික ඩ්‍රාෆ්ට් එක සදහා නම් කළ ආකාරය අදටත් ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්නගේ ලේකම්වරිය සිදුකිරීම නිසා බව Lankasportsnews අප අනාවරණය කළා. මේ අතර කණ්ඩායම් හැර යන ක්‍රීඩකයින්ට මේ දිනවල නව ක්‍රීඩකයින් ආදේශ වනවා. ඒ කෙලෙසදැයි කිසිවෙක් දන්නේ නැහැ. මේ සියල්ල සමගින් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය අන්තෝජටා බහීජටා වී තිබෙනවා.


    කොරෝනා ක්‍රිකට් පොකුරේ ආරම්භය පල්ලෙකැලේන්


    ලංකාව ඉතා හොදින් කොරෝනා පළමු රැල්ල පාලනය කළා. එහෙත් දෙවන රැල්ල ඇතිවූයේ බ්‍රැන්ඩික්ස් ඇගලුම් ආයතනයට පැමිණි ඉන්දීය ජාතිකයින් පිරිසක් නිවැරදි ලෙස නිරෝදායනය නොකිරීම නිසා බව මාධ්‍ය වාර්තා කළා. ඇගලුම් ආයතනයේ සේවකයින් අසනීප බව වාර්තා කරද්දීත් ඒ පිලිබද අවධානය යොමු කර තිබුනේ නැහැ. එහි පුනර්වර්ථනයක් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ සිදුවෙමින් තිබෙනවා. ඒ ක්‍රිකට් ආයතන බලධාරීන්ගේ උපදෙස් හා දැනුවත්ව වීම විශේෂයි. මෙය ලංකාවේ පාලනය කර ගැනීමට අපහසු කොරෝනා දෙවන රැල්ල කොළඹින් හම්බන්තොටට ගෙනයාමක් විය හැකියි. එවිට කොළඹට කොරෝනා, ගමටත් කොරෝනා ලෙස රටම වසා තැබීමට බලධාරීන්ට සිදුවනු ඇති. එදාට එහි වගකීම සෞඛ්‍ය ආරක්ෂාව නොතැකූ ජනතාව භාර ගත යුතු බව කියා අත පිහදා ගැනීමට රාජ්‍ය නායකයාට ඇතුලු රටේ වගකිව යුත්තන්ට නොහැකි වනු නියතයි. 







    No comments