LPL ක්‍රිකට් තරගාවලියේ දූෂණයට වැට බදින්න අර්ජුනගෙන් ක්‍රීඩා ඇමතිට ප්‍රශ්න පත්‍රයක්
ලංකාවේ ක්‍රිකට් කියන්නේ ආගමක් තරම් මිනිසුන්ට සමීප ක්‍රීඩාවක්. එහෙත් ක්‍රිකට් සභාපතිවරුන්ගේ අල්ලේ නටන රූකඩ ලෙසයි ඡන්දයෙන් පත්වන ක්‍රීඩා ඇමතිවරු කාලය ගෙවන්නේ. ඊට උදාහරණයක් අවශ්‍ය නම් වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ක්‍රියා කලාපය පෙන්වා දිය හැකියි. කොරෝනා වසංගතය නිසා රටම අකර්මණ්‍ය වී ඇති මොහොතක කඩි මුඩියේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට අමාත්‍ය නාමල් සූදානම් වනවා. ඒ රෝමය ගිණි ගනිද්දී නීරෝ වීනා වැයීම සිහියට නංවමිනුයි. ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය අඩුපාඩු රැසකින් සමන්විත දූෂණයට පාර කැපූ තරගාවලියක් බව Lankasportsnews අප අවස්තා රැසක තොරතුරු අනාවරණය කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක අර්ජුන රණතුංගත් මෙම තරගාවලිය පිලිබද ප්‍රශ්න පත්‍රයක් අමාත්‍ය නාමල් රාජපක්ෂට යොමුකර තිබෙනවා. අද දිග හැරුම ඒ පිලිබදවයි.
1996 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා ගැනීමට නායකත්වය ලබාදුන් අර්ජුන රණතුංග ක්‍රිකට් පිටියෙන් සමු ගනිමින් දේශපාලනයට පිවිසියා. අනතුරුව අමාත්‍යධූර දරමින් මෙරට දේශපාලන වේදිකාවේ දූෂණයට එරෙහිව ඔහු ප්‍රභල හඩක් නැගුවා. ක්‍රිකට් ආයතන දූෂණ අක්‍රමිකතා රැසක් අනාවරණය කරමින් පෙරලිකාර චරිතයක් ලෙස එදා මෙදාතුර කටයුතු කරනවා. එහෙත් ක්‍රිකට් දේශපාලන නිසා සෑම විටම ක්‍රිකට් ආයතන ඡන්ද සටනට පැමිණ පරාජය වැලද ගනිමින් ඔහු නික්ම යනවා. එලෙසම පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන්ද නොසිතූ පරාජයක් උරුම කරගත් අර්ජුන එදා මෙදා තුර වේදිකාවේ දක්නට ලැබුනේ නැහැ. එහෙත් එම නිහඩතාව බිදිමින් කල එලි බැසීමට හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග තෝරා ගෙන ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියයි. එහි දූෂණයට ඇති ඉඩ ඇහිරීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ප්‍රශ්න පත්‍රයක් යොමු කිරීමට අර්ජුන රණතුංග කටයුතු කර තිබෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානියා ලෙස පෙනී ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්රමරත්නයි. ඔහුට ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්තාවක් මගින්ම තරග පාවාදීම් චෝදනා එල්ල වී ඇති බව Lankasportsnews අප අනාවරණය කළා. එපරිද්දෙන්ම අර්ජුන රණතුංගත් මෙම රවීන් වික්‍රමරත්න පිලිබද ප්‍රශ්න කරනවා. ඊට අමතරව ප්‍රධාන ප්‍රශ්න කිහිපයක්ද යොමුකර තිබෙනවා.
01. මෙම තරගාවලිය අයි. සී. සීය විසින් අනුමත කර තිබේද ? එය ඍජු මැදිහත් වීමක්ද ?
02. මෙම තරගාවලිය අයි. සී. සී දූෂණ විරෝධී නිලධාරීන් අධීක්ෂණය කරන්නේද ?
03. අයි. සී. සී. දූෂණ විරෝධී නිලධාරීන් මෙම තරගාවලිය අධීක්ෂණය නොකරන්නේ නම් එම කාර්යය සිදුවන මෙරට ආචාර්ය ධර්ම පද්ධතිය කුමක්ද ?
04. ක්‍රීඩයින් තරගාවලිය සඳහා ගිවිසුම් අත්සන් කරන්නේ කවුරුන් සමඟ ද? ( ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ? කණ්ඩායම් හිමිකරුවන් සමඟ ද? )
05. මෙම තරගාවලිය පාලනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් තිබේද ? (එසේනම් ඒ කුමන අංශයෙන්ද ?)
06. කණ්ඩායම් හිමිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කර ඇති තක්සේරුව මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් ද ?
අර්ජුන රණතුංග යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙනවා.
මේ පිලිබද වීඩියෝව මෙන්න..
මෙවන් සිදුවීම් ජාතික තලයේ ප්‍රශ්න බවට මීට පෙර පරිවර්තනය කිරීමේ මාධ්‍ය දායකත්වයේ ප්‍රධාන කාර්යයක් සිදු කරනු ලැබුවේ ITN රූපවාහිනී නාලිකාවේ හිටපු ගවේෂණාත්මක මාධ්‍යවේදී හසිත අකලංක දෙයාලගේ බව නොරහසක්. එහෙත් ඔහුව සම්පූර්ණයෙන් ක්‍රීඩා ක්ෂෙත්රයෙන් පමණක් නොව මාධ්‍ය ක්ෂේත්රයෙන්ද ඉවත් කිරීමේ රජයේ මෙහෙයුම කළක සිට ක්‍රියාත්මක වනවා. එය පක්ෂ පාට භේදයකින් තොරව සිදුවීම කැපී පෙනෙනවා.
මේ අතර අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යටතේ පසුගිය ජූලි 31 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් ශානි අබේසේකර හා සමාන ලෙසම ITN රූපවාහිනී නාලිකාවේ හිටපු ගවේෂණාත්මක මාධ්‍යවේදී හසිත අකලංක දෙයාලගේවත් සිර භාරයට ගැනීමට සූදානම් වනවා. මේ වෙනුවෙන් හසිතට එරෙහිව නඩුවක්ද ගොනුකර තිබෙනවා. මෙලෙස හසිත අකලංක දෙයාලගේ අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට තීරණය කර ඇත්තේ රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරීමේ නඩුවේ පොලිස් විමර්ශන සදහා මෙන්ම CSN නාලිකාව පිලිබද සිදුකළ පොලිස් පරීක්ෂණ සදහා අසත්‍ය සාක්ෂි ලබා දීම බවයි lankasportsnews අප වෙත වාර්තා වන්නේ. මෙලෙස හසිත අකලංක දෙයාලගේ ලබාදුන් අසත්‍ය සාක්ෂි හේතුවෙන් එම සිදුවීම් වෙනම මානයකට යොමුව ඇතැයි සදහන්. මේ වෙනුවෙන් පැවරූ නඩුවට ඉදිරිපත් වන ලෙස හසිත අකලංක දෙයාලගේට සිතාසි ලබා දීමට උත්සාහ කළත් එය අසාර්ථක වී ඇතැයි වාර්තා වනවා. කෙසේ වෙතත් මාධ්‍යවේදී හසිත අකලංක දෙයාලගේවත් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීම සදහා අවශ්‍ය කටයුතු සිදුවනු ඇති. ඒ වෙනුවෙන් පොලීසිය අවශ්‍ය කටයුතු කරමින් ඇතැයි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් Lankasportsnews අප වෙත කියා සිටියා.
No comments