ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ඉවත්වන ක්‍රීඩකයන්ට එරහිව කොන්ත්‍රාත් මඩ ව්‍යාපාරයක් - Exclusive Exposed
කොරෝනා හේතුවෙන් රටම ගෙට වී සිටින සමයේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇති තදියම කලක සිට ප්‍රශ්න කෙරුණා. ඒ කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවිය හැකි අවධානම සලකායි. එහෙත් සල්ලි දෙයියන්ගේ මල්ලි යන්න යලිත් සනාථ කරමින් ක්‍රීඩකයින්ගේ ජීවිත අවධානමට ඇද දැමීමට බලධාරීන් තීරණය කළා. මේ අනුව ක්‍රීඩකයන් එකා පිට එකා කොරෝනා වැලද ගත්තත් තරගාවලිය පැවැත්වීමට බලධාරීන් සූදානම් වනවා. කෙසේ වෙතත් තරගාවලියේ ඇති අවධානම සලකා විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ නම් දැරූ ක්‍රීඩකයින් එකා දෙන්නා මග ඇරීම ආරම්භ කළා. එලෙස තරගාවලිය හැරයන ක්‍රීඩකයින් ඉලක්ක කර සංවිධානාත්මක මඩ ව්‍යාපාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට දියත් වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙන් සිදුවන මෙම මඩ ව්‍යාපාරය පිලිබද හෙලිදරව්වක් මෙතැන් සිට දිග හැරෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය අංශයේ නිලධාරීන් දෙදෙනෙක් හා එක්වූ පුංචි බොරැල්ලේ හිටපු ක්‍රිකට් සභාපතිගේ ලග සේවය කළ අයෙක් මෙම සමාජ මාධ්‍ය මෙහෙයුම ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අනුග්‍රහයෙන් සිදුකරන මෙම කටයුත්තේ ඉලක්කය වී ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දූෂණ අක්‍රමිකතා වසන් කිරීමයි. තරගාවලිය හැරයන ක්‍රීඩකයන් ඉලක්ක කර සංවිධානාත්මකව මඩ ගැසීමත් ඔවුන්ට පැවරී තිබෙනවා. එමෙන්ම මුදලට තරග පාවාදීම් පිලිබද ක්‍රීඩා අමාත්‍යාංශ වාර්තාවක චූදිතයකු කළ මෙම තරගාවලි අධ්යක්ෂ රවීන් වික්‍රමරත්න පිම්බීමත් ඔවුන් සිදුකළ යුතුයි. මේ වෙනුවෙන් අත දිග හැර මුදල් විසිකරමින් යූ ටියුබ් නාලිකා මෙන්ම Facebook Page ආරම්භ කිරීමත් සිදුව තිබෙනවා. මෙහි මුදලට සේවය කරන අයෙක් lankasportsnews වෙත කියා සිටියේ ණයට කහින පිරිසක් බිහිව සිටීම සිය කටයුතු පහසු කර ඇති බවයි. ක්‍රිකට් උමතුවෙන් පෙලෙන සැබෑ ක්‍රිකට් ලෝලීන් ණයට කහින පිරිස ලෙස ඔහු හැදින්වීම අප අනුමත කරන්නේ නැහැ. කෙසේ වෙතත් ඔවුන් අතින් කාල හරක් බලන බව පෙන්වාදීමට අප එය වාර්තා කළ බව ලිවිය යුතුයි.
එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලියම් ප්ලන්කට්, තුන් ඉරියව් ක්‍රීඩක රවී බොපාරා හා පාකිස්තාන ක්‍රීඩක සෆ්රාස් අහමඩ් මේ වන විට තරගාවලියෙන් ඉවත් වන බව පවසා තිබෙනවා. එලෙසම ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වූ ලසිත් මාලිංග, චමින්ද වාස් හා ක්‍රිස් ගේල් වැන්නවුන් ද ඉලක්ක කර Facebook Page මගින් මඩ ව්‍යාපාරය දියත් වනවා. ඒ පිලිබද තහවුරු කිරීමට අප මෙම ඡායාරූප උපුටා දක්වනවා.
ක්‍රීඩකයන් ප්‍රවාහනය කරන්නේ අපි කලින්ම සඳහන් කළ අකුරු තුනේ බස් රථවලින්. ඒවායේ අයිතිකරු ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ අතර එහි සිටින සෞඛ්‍ය කාර්යමණ්ඩලය ක්‍රිකට් ආයතනයේ උප සභාපති වරයකුගේ වීමෙන් මෙහි ගැහිල්ලේ තරම පෙන්නුම් කරනවා. අලි වැටවල් හදන්නේත් බස්නාහිර හා ඌව පළාත් සංගම් ලේකම්ලා වීමත් විශේෂත්වයක්. මේ සඳහා ක්‍රිකට් ආයතනයේ පරිපාලන නිලධරියාද එක්ව සිටින්නේ ගැහිල්ල තවත් වැඩි කර ගන්නයි. Lankasportsnews අප සෑම විටම අනාවරණය කරන්නේ මෙම තරගාවලියේ දූෂණ අක්‍රමිකතායි. එය නිවැරදි ලෙස රටට කීර්තියක් ගෙනදිය හැකි තරගාවලියක් ලෙස පැවැත්විය හැකිව තිබූණා. එහෙත් කොමිස් සාක්කුවට දා ගත් පිරිසට රටේ කීර්තිය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන තැකීමක් නොවීම ගැන වගකිවයුතු මාධ්‍යක් ලෙස Lankasportsnews අප මෙලෙස කරුණු දක්වනවා. මෙතෙක් දිනක් අප සිදුකළ සියලු අනාවරණයන් සාක්ෂි සහිතව සිදුකළා. ඉදිරියටත් අප විදෙස් සංචාර හා සන්තෝසමට යටවූ වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් සිදු නොකරන සැබෑ මාධ්‍ය වගකීම ඉටු කිරීමට බැදී සිටිනවා.
No comments