• Breaking News

    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ගැන හඩපටයක් ලීක් වෙයි - Exclusive Exposed


    හඩපට ලීක් වීම පිලිබද ලංකාවට ඇත්තේ කීර්තිමත් ඉතිහාසයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. පසුගියදා කාන්තාවන් තිදෙනෙක්ගේ ආන්දෝලනාත්මක හඩපට තුනක් එලෙස නිකුත් වුණා. පිරිසක් මේවා ආන්ඩුවේම වැඩක් බවට චෝදනා කළේ ජනතා ප්‍රශ්න අමතක කිරීමට ලබාදුන් කෙටිකාලීන බෙහෙතක් බව කියමිනුයි. ලීක්වීම ගැන කතා කරන විට කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා රූපවාහිනී නාලිකාවක හිමිකරුවෙක්ගේ බිරිදකගේ වීඩියෝ පටය ලීක් වීම  ගැනත් අමතක කරන්න බැහැ. මේ කියන්න යන්නේ එලෙසම ලීක් වු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පිලිබද ජාතික ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ හඩපටය පිලිබදවයි.


    ක්‍රිකට් ක්‍රීඩකයන් බිලිදෙන ලංකා ප්‍රිමියර් ලීග් අර්බුද රැසක - Exclusive Exposed



    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 21 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. පළමුව කණ්ඩායම් පහක් තරග වදින තරගාවලිය කොළඹ, දඹුල්ල, හම්බන්තොට හා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිවල පවත්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. එහෙත් එය අවසනයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියට සීමා කිරීමට මේ වන විට සූදානම් වනවා. මෙලෙස තරගාවලිය පැවැත්වීම පිලිබද අවිනිශ්චිත තත්වයක් මතුව තිබියදී ඒ පිලිබද ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් අතර ඇතිවූ සංවාදයක් Lankasportsnews අප වෙත ලැබී තිබෙනවා. මෙතැන් සිට පළවන්නේ එම සංවාදයයි. එම එක් ක්‍රිඩකයෙක් පන්දුවාර විස්සයි විස්ස, එක්දින හා ටෙස්ට් ක්‍රිකට් යන තරග අංශ තුනෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කරන ජේෂ්ඨයෙක්. අනෙක් ක්‍රීඩකයා තවමත් ජාතික කණ්ඩායමට නවක ක්‍රීඩකයෙක් වනවා.


    යොවුන් ක්‍රීඩකයන් අන්දන LPL ක්‍රිකට් ප්‍රෝඩාව - Exclusive Exposed


    නවක ක්‍රීඩකයා - හලෝ ...... අයියේ.

    ජේෂ්ඨ ක්‍රීඩකයා - ආ ..... මල්ලි කොහොමද ?

    නවක ක්‍රීඩකයා - අයිය කතා කරන්න පුලුවන් තැනකද ?

    ජේෂ්ඨ ක්‍රීඩකයා - කියපන් බං. මොකක්ද වෙන්න ඕන.

    නවක ක්‍රීඩකයා - අයියේ LPL ගහයිද ?

    ජේෂ්ඨ ක්‍රීඩකයා - මම නම් මුලින් හිතුවේ මේක අර කියන්න වගේ ලංකා පෝස්පෝන්ඩ් ලීග් නිසා මේ පාරත් කල් යයි කියලා.

    නවක ක්‍රීඩකයා - ඒකනේ අයියේ. මේ පාර ගහන සීන් එකක් නේද තියෙන්නේ.

    ජේෂ්ඨ ක්‍රීඩකයා - ඔව් බං. ලොක්කොන්ගේ සාක්කු පුරෝ ගන්න අපිව ඇමට දාන සීන් එකක් තියෙන්නේ.

    නවක ක්‍රීඩකයා - ඒ කිව්වේ අයියේ.

    ජේෂ්ඨ ක්‍රීඩකයා - බලපන් තාම කණ්ඩායම් ගත්ත උන් කවුද කියල වත් දන් නෑ.

    නවක ක්‍රීඩකයා - එකක් ඩයස් පෝරාවේ එකෙකුත් අරන් කියනවා නේද ?

    ජේෂ්ඨ ක්‍රීඩකයා - ඒකනේ බං. අනිත් ටික අරන් තියෙන්නේ ෆික්සිං උන්ලු. ටූනමන්ට් එකම ගත්ත අනිල් මොහාන් කියන්නෙත් එහෙම එකෙක් බං.

    නවක ක්‍රීඩකයා - අප්පට හුඩු.  අනිලට පාකිස්තානෙත් කේස් එකක් තිබ්බා නේද පොලු තියලා. අපිටත් කේස් එකක් වැටෙයිද අ‍‍‍‍‍‍‍‍‍‍යියේ.  

    ජේෂ්ඨ ක්‍රීඩකයා - මොකක් උනත් මතක ඇතුව කම්ප්ලේන් කරපන්. නැත්නම් මේ ගූ හැත්ත අපිටම බෝලේ කරකවයි.

    නවක ක්‍රීඩකයා - අඩුම මැච් 23 ක් ගහන්න වෙනවනේ. කොහොමද අයියේ එක ග්‍රවුන්ඩ් එකේ ඔක්කොම ගහන්නේ.

    ජේෂ්ඨ ක්‍රීඩකයා - ක්‍රිකට් බෝඩ් එකේ ඉන්නේ පිස්සෝ බං. උන් ක්‍රිකට් විකුණන වෙලෙන්දෝ මිසක් මැච් ගහන විදිහ, ටර්ෆ් හදන විදිහ දන් නැති ගොබිලෝ බං.

    නවක ක්‍රීඩකයා - ඒකනේ අයියේ. අන්තිම වෙනකොට බෝලේ දණිස්සට වත් උඩ එන එකක් නෑ.

    ( දෙදෙනාම සිනා සෙයි )

    ජේෂ්ඨ ක්‍රීඩකයා - තව මරු සීන් එකක් තියෙනවා. ඔක්කොටම ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ කාමර වල තමයි.

    නවක ක්‍රීඩකයා - ඒකනේ අයියේ. ඒ ලග වෙන ටර්ෆ් තියෙන ග්‍රවුන්ඩ් නෑ නේද ?

    ජේෂ්ඨ ක්‍රීඩකයා - මුන් ඒ කොන්ත්‍රාත් එක එල්.එස්.ආර් එකට දීල ඇති. ඉතින් අපිට ගාල්ලට මාතරට ට්‍රැවල් කරලා ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ.

    නවක ක්‍රීඩකයා - මැච් ගහනව. බස් එකට නගිනවා. ප්‍රැක්ටිස් යනවා. ඇවිත් ආයේ මැච් ගහනවා. මරු. හෝටලේ රෙන්..යි පොඩි වොශ් එකක් දා ගන්නයි විතරයි. බස් එකේම නිදා ගන්න වෙන්නේ.

    ජේෂ්ඨ ක්‍රීඩකයා - ආ හොද නැද්ද ? ( සිනා වෙමින් )

    නවක ක්‍රීඩකයා - එක අතකින් ගානක් ලැබෙන නිසා අවුලකුත් නෑ නේද අයියේ.

    ජේෂ්ඨ ක්‍රීඩකයා - ( සිනා වෙමින් ) ලැබෙයි ලැබෙයි. බලන් ඉදපන්.

    නවක ක්‍රීඩකයා - ඇයි අයියේ ?

    ජේෂ්ඨ ක්‍රීඩකයා - උබටයි මටයි නෙමෙයි බං. ඇමතිටයි කුක්කෝ සෙට් එකටයි නම් මේ වෙනකොටත් ලොකුවට ලැබිලා ඇත්තේ.

    නවක ක්‍රීඩකයා - මට ඒත් හිතුනා. මේ දෙවනි රැල්ල දරුණුයි දරුණුයි කියන අස්සේ මේකට දත කන සීන් එක දැක්කහම.

    ජේෂ්ඨ ක්‍රීඩකයා - බලපන් උබේ, මගේ මේ අවුරුද්දට කන්ට්‍රැක් එකවත් තාම දුන් නෑ. මේකට දෙනවා දෙනවා කිව්වට තාම කන්ට්‍රැක් මොකුත් නෑ.

    නවක ක්‍රීඩකයා - ඒ අස්සේ ඉන්දියාවෙනුත් සෙට් එකක් එනවලු නේද ?

    ජේෂ්ඨ ක්‍රීඩකයා - ඒ බං ටෙක්නිකල් ස්ටාෆ්. උන්ට නවතින්න දෙන්නෙත් අපේ අස්සෙම කියන්නේ.

    නවක ක්‍රීඩකයා - දෙවන රැල්ලේ බ්‍රැන්ඩික්ස් එකට කොරෝනා ආවෙත් ඉන්දියාවෙන් කියනවා නේද ?

    ජේෂ්ඨ ක්‍රීඩකයා - ඒකනේ බං. මේක ඉවර වෙනකොට හම්බන්තොට ක්‍රිකට් පොකුර කියලා එකක් හැදුන් නැත්නම් තමයි පුදුමේ.

    නවක ක්‍රීඩකයා - මේව ඇමතිටවත් තේරෙන් නැද්ද අයියේ.

    ජේෂ්ඨ ක්‍රීඩකයා - ඌ රගර් ගහුවට ක්‍රිකට් ගහල නෑනේ. එක බෝලෙට මඩ ගොඩේ පොරකාල පුරුදු නිසා මඩ ගා ගත්තට අවුලක් නෑ කියලා හිතනවා ඇති බං. සාක්කුව බරට පිරෙන නිසා.

    ( දෙදෙනාම උස් හඩින් සිනා සෙයි )

    නවක ක්‍රීඩකයා - අයියේ ඔයාල සවුත් ඇෆ්‍රිකා ටුවර් එක යන්නත් ඕන නේද ?

    ජේෂ්ඨ ක්‍රීඩකයා - ඇයි උබ යන් නැද්ද ? 

    නවක ක්‍රීඩකයා - මාව ඉතින් කැපිලා යයිද දන් නෑනේ.

    ජේෂ්ඨ ක්‍රීඩකයා - අනේ පල යන්න. දිම්මා විතරනේ බං මේකට නැත්තේ. අනිත් ඔක්කොම ඉන්නවා.

    නවක ක්‍රීඩකයා - 17 මෙහෙ ඉවර වෙලා 18 එහෙ යන්න ඕන නේද අයියේ ? සිලෙක්ට් උනොත් ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ ෆ්ලයිට් එකේදි තමයි.

    ජේෂ්ඨ ක්‍රීඩකයා - ඒක නෙමෙයි බං ගේම. මෙහේ ඩේ ඇන්ඩ් නයිට් සුදු බෝලෙන් ගහලා එහේ ටෙස්ට්, රතු බෝලෙන් ගහන එකයි බං ගේම වෙන්නේ.

    නවක ක්‍රීඩකයා - පු.. ඉරෙන සීන් එකක් තියෙන්නේ. මුන්ට ලොකු LPL උනේ කොහොමද අයියේ ?

    ජේෂ්ඨ ක්‍රීඩකයා - අපි මලත් මුන්ට ඕන සල්ලි බං.

    නවක ක්‍රීඩකයා - අයියේ... කලින් SLPL ගහපු වෙලාවේ කොහොමද ?

    ජේෂ්ඨ ක්‍රීඩකයා - වැඩි වෙනසක් තිබ්බේ නෑ බං. කොරෝනා නොතිබිච්ච එක විතරයි. එකපාරක් අපි සල්ලි දෙන්නේ නැතුව මැච් එකක් ගහන්නත් බෑ කිව්වා. ඒකයෑ බං.. බුකිකාරයො මෙහෙට රිංගුවේ ඒකෙන් පස්සේ බං.

    නවක ක්‍රීඩකයා - අපෝ. අපේ අම්මවයි තාත්තවයි කාලෙකට දකින්න වෙන් නෑ. මේක ඉවර උනත් ගෙදර නොගිහින් නිරෝදායනය වෙන්න ඕන.

    ජේෂ්ඨ ක්‍රීඩකයා - ඒ ගෙදර යන්න හිටියොත්නේ බං. මේ යන විදිහට මුන් අපි ඔක්කොටම කොරෝනා හදලා මරන්න යන්නේ. මේ මම තියෙන්නම් ...... උබත් කෝප්ප හෝදන්න මරු ....තේ.

    නවක ක්‍රීඩකයා - ජය අයියා. තෑ..ටීක්... ටීක්.. (දුරකථනය විසන්ධි විය)


    LPL නොකෙරෙන දීගය විදෙස් ක්‍රීඩකයින් එකිනෙකා හැර යයි - මෙන්න තවත් සැගවුණ නොකී කතා - Exclusive Exposed


    මෙහි හඩ පටය නීති උපදෙස් හේතුවෙන් පළ නොවන බව සලකන්න. නමුත් ඉදිරියේදී හඩ වෙනස් කිරීමකින් පසු පල කිරීමට සැලසුම් කර ඇත. වැටත් නියරත් ගොයම් කෑම නිසා කිසිවෙක්ට මේ ගැන පසු සටහන් දමා වැඩක් නැත. ලංකාවේ නිරෝදායනය නීතිය වෙනස් කරමින් පිරිසකට එය දින හතකට අඩු කර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට කඩි කුලප්පුවක් සෑදී ඇති බව නම් සටහන් කළ යුතුමය. මේ ක්‍රීඩකයන්ට කොරෝනා වැලදුනහොත් එහි වගකීම ගන්නේ කවුද ? තරගාවලියට අවසර දුන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට මුට්ටියක් බෙල්ලේ බැදන් සමග ගගට පනින්න නොවනු ඇතැයි කීමට හැක්කේ කාටද ? තරගාවලිය පැවැත්වීම නිසා අවාසනාවන්තව එකදු හෝ ක්‍රීඩක කොරෝනා මරණයක් වුවහොත් එහි වගකීම භාර ගැනීමට එකිනෙකා වෙත ඇගිල්ල දික් කර ගැනීමෙන් පලක් නොවන බව පමණක් අවසන් ලෙස සටහන් කළ යුතුයි.


     

    ලංකා ප්‍රිමිය ලීග් (LPL) යට සැගවුණු ඇත්ත කතාව - Exclusive Exposed








    No comments