ක්‍රිකට් ක්‍රීඩකයන් බිලිදෙන ලංකා ප්‍රිමියර් ලීග් අර්බුද රැසක - Exclusive Exposed
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොරෝනා වෛරසය සාර්ථකව ජයගත් රාජ්‍ය නායකයන් අතරට පැමිණි බව මෙරට රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය වාර්තා කළා. බැලුමක් දිය යට සගවා සිටිය හැක්කේ කෙටි වේලාවක් ලෙසම එය පැවතියේ දින කිහිපයක් පමණයි. සියල්ල උඩි යටිකුරු කරමින් මතුවූ කොරෝනා දෙවන රැල්ල ඇතිවූ ආකාරය මෙතෙක් සොයා ගැනීමට නොහැකිවී තිබෙනවා. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකුට අයත් බ්‍රැන්ඩික්ස් ඇගලුම් ආයතනයෙන් දෙවන රැල්ලේ පළමු ආසාධිතයා මතු වුණා. එහෙත් එය දෙවන රැල්ලේ ආරම්භය නොවන බව මේ වන විට සනාථ වී අවසන්. යුරෝපයේ දෙවන රැල්ල පරිදිම ශ්‍රී ලංකාව තුල ආසාධිතයින් ගණන දෙගුණ තෙගුණ වීමට ගතවෙමින් ඇත්තේ අඩු කාලයක්. මේ නිසා රටම දැඩි අවධානමකට මුහුණ දී සිටිනවා. බස්නාහිර පළාත සමගින් පාසල් ආරම්භයත් දින නියමයක් නැතුව කල් යමින් තිබෙනවා. එහෙත් රෝමය ගිණි ගනිද්දී නීරෝ වීනා වැයූ ලෙසම ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයේ කට මුලටම හිර වී සිටියදී ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට අවශ්‍ය වී ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොරෝනා දෙවන රැල්ල මැඩලීමට වෙහෙස වන විට අමාත්‍ය නාමල්ට ක්‍රිකට් උණක් හැදුණු ආකාරය මෙතැන් සිට දිග හැරෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ලබන 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා වූ කාල සීමාවේදී පල්ලකැලේ සහ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් පවසනවා. කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය යන නගර මුල් කරගනිමින් කණ්ඩායම් 5 ක් මෙම තරගාවලිය නියෝජනය කරනු ලබනවා. දින 15 ක කාලයක් පුරා විහිදෙන තරගාවලිය අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 23 කින් සමන්විත බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. එහෙත් මීට ක්‍රීඩකයින් තෝරා ගත් ආකාරය රහසක් ලෙස පවතිනවා. ඒ මෙම තරගාවලි ප්‍රධානී හා කළමනාකරු ලෙස පෙනී සිටින රවීන් වික්‍රමරත්න සිය හුරතල් ලේකම්වරිය වන ජැකීගේ මෙම කණ්ඩායම් තේරීම රහසක් ලෙස තබා ගනිමින්. එමගින් ශ්‍රී ලංකාවේ පන්දුවාර විස්සයි විස්ස සැබෑ දක්ෂයින් රැසකට මෙම තරගාවලිය අහිමි වූ බව අප වාර්තා කළා. එය අමතක අය පහතින් එම කතාවත් බලන්න.
යොවුන් ක්‍රීඩකයන් අන්දන LPL ක්‍රිකට් ප්‍රෝඩාව - Exclusive Exposed
ශ්‍රී ලංකා වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලි අවසන් පූර්ව හා අවසන් මහා තරග මෙන්ම අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය කොරෝනා නිසා දින නියමයක් නැතුව කල් දමා අවසන්. එහෙත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සියළු දෙනා ලහි ලහියේ සූදානම් වනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙම තරගාවලිය පැවැත්වීමට සූදානම් වන ලෙස නිකුත් කළ පණිවිඩය සමගින් ඇතුලේ සිදුවෙමින් ඇති කොමිස් මගඩි රැසක් ගැන තොරතුරු එලියට ආවා. ජනාධිපති ගෝඨාභයව හා යුධ හමුදාපති ශවේන්ද්‍රව අන්දා ක්‍රීඩකයින් බිල්ලට දෙමින් තරගාවලිය පැවැත්වීමට සූදානම් වන්නේ මේ එය පැවැත්වීමට වලිකන පිරිසට හිමිවන කොමිස් කුට්ටි හා පවුලේ ව්‍යාපාර ගොඩ දා ගැනීම වෙනුවෙන් බව වැඩිදුරටත් වාර්තා වනවා.
මෙම තරගාවලියට අනුග්‍රාහක ලෙස එක්ව ඇත්තේ IPG සමාගම ප්රමුඛ අනිල් මොහාන්. අනිල් කලක් ටෙන්ස්පෝර්ට් ක්‍රීඩා නාලිකාවේ තාක්ෂණ නිලධාරියෙක් ලෙස සේවය කළා. එම කාලයේ මෙම තරගාවලි ප්‍රධානී රවීන් වික්‍රමරත්න හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා ඔහුගේ මිතුරන් වී තිබෙනවා. බුකීකරුවන් වේලි වේලි සිටින කාලයේ මෙම තරගාවලිය පැවැත්වීමට අනිල් මොහාන් ඉදිරිපත්ව ඉදිරි වසර 8 සදහාම මෙම තරගාවලියට ගිවිසුම් ගත වනවා. ඊට ටෙන්ඩර් කැදවීම හා ඉදිරිපත් වූ සෙසු ටෙන්ඩර් මොනවාද යන්න තවමත් කිසිවෙක් දන්නේ නැහැ. කොලේ වසා මිතුරාට මෙම තරගාවලිය ලබා දී ඇති බව පැහැදිලියි. එහෙත් මෙතෙක් ඔවුන්ට ඊට අදාල මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදීමට හැකිව නැහැ. පසුගියදා පැය 24 ක් තුල මූලික ගෙවීම කරන ලෙස දැනුම් දුන්නත් මෙතෙක් ඔවුන් සතයක්වත් ලබා දී නැහැ. අනිල් මොහාන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ නිරෝදායනය වෙමින් සිටිනවා. මේ පළවන්නේ එම මුදල් ඉල්ලූ ලිපියයි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට පෙර බුකීකරුවන් ලංකාවේ තවත් ක්‍රිකට් තරගාවලි දෙකක් බුකී පැවැත්ම වෙනුවෙන් පැවැත්වීමට උත්සාහ කළා. එහෙත් ඒවා මාධ්‍ය අනාවරණයන් සමගින් නතර කිරීමට කටයුතු කෙරුණා. එවර උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු කොරෝනා රැල්ල පරදවමින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි රැල්ල මතුවුණා. මේ අනුව බුකීකරුවන්ගේ දැඩි ග්රහනයට හසුවූ රටක් මෙන්ම ලොව දූෂිතම ක්‍රිකට් රට ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හදුන්වන ශ්‍රී ලංකාව පවත්වන්න යන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හා බුකී අතර සම්බන්ධයක් නැතැයි කීමට හැක්කේ කාටද ? මෙම තරගාවලි ප්‍රධානී රවීන් වික්‍රමරත්න තරග පවාදුන් බවට ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්තාවක් මගින්ම සනාථ කර ඇති බවත් සිහිපත් කළ යුතුයි. අමාත්‍ය නාමල් රාජපක්ෂගේ උපදෙස් මත ඒ පිලිබද යලිත් තවත් පොලිස් විමර්ශනයක් මේ දිනවල සිදුවෙමින්ද පවතිනවා. මේ ඒ පිලිබද අප වාර්තා කළ පෙර ලිපියයි.
ලංකා ප්‍රිමිය ලීග් (LPL) යට සැගවුණු ඇත්ත කතාව - Exclusive Exposed
මෙම තරගාවලිය පැවැත්වීමට එහි ආදායමෙන් සියයට 60 ක් වෙන් වන සිට ඉතුරු සියයට 40 කොමිස් ලෙස බෙදා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇතැයි වාර්තා වනවා. එහි ලොකුම කුට්ටිය නාමල් රාජපක්ෂට ලබා දීමට තීරණය කර ඇතැයි සදහන්. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙනුවෙන්ද තවත් ලොකු සන්තෝසමක් ඇතැයි සදහන්. ඒ සියලු සෞඛ්‍ය නිර්දේශ නොතකා තරගාවලිය පැවැත්වීමට අවසර ලබාදීම වෙනුවෙන්. තරගාවලි සියළු ප්‍රවාහන සේවා හා හෝටල් පහසුකම් ලබා දී ඇත්තේ අමාත්‍ය නාමල්ගේ මාමන්ඩිය වන තිලක් වීරසිංහගේ LSR ආයතනයට බවත් වාර්තා වනවා. මේ අතර හම්බන්තොට ශැන්ග්‍රිල්ලා හෝටලයයෙන් කාමර 200 ක් වෙන් කිරීමට අද සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇනවුම් කර තිබුණා. එහෙත් හෝටල් සේවකයින් පිලිබද මතුවූ ගැටළුවක් නිසා එය තවත් දින 5 ක් ඉදිරියට ගොස් තිබෙනවා. එම වෙන් කිරීම් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටම මුදල් ගෙවන ලෙසයි හෝටල් කළමණාකාරීත්වය දැනුම් දී ඇත්තේ. ඒ කණ්ඩායම් මිලදී ගත්තවුන් එය තවමත් සිදු නොකිරීම හේතුවෙන්.
ක්‍රිකට් ආයතනයේ දැන් ඉන්න පාවාදීමේ ලොක්කා මෙන්න - සාක්ෂි - Exclusive Exposed
මේ අතර තරගාවලිය ලබාගත් IPG ආයතයේ අනිල් මොහාන් සිටින්නේ ඩුබායි නගරයේයි. ඔහු මෙතෙක් කණ්ඩායම් හිමිකරුවන් ගැන ක්‍රිකට් ආයතනයට නිල දැනුම් දීමක් කර නැහැ. මේ අතරයි යාපනය කණ්ඩායම දෙමළ ඩයස් පෝරාවට සම්බන්ධ රසල් ආනල්ඩ්ගේ එංගලන්තයේ වෙසෙන ඥාතීයෙක් මිලදීගෙන ඇත්තේ. එම කණ්ඩායමට ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රභලම ක්‍රිකට් නායකයෙක්ද සම්බන්ධ වී සිටිනවා. ඔහු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සමගින් මේ දිනවල ලගින්ම කටයුතු කරන්නෙක් ලෙස සටහන් කළ හැකියි. එම කණ්ඩායම දෙස බැලූ විටම බුකීකරුවන් හා සබදතා තිබූ බවට චෝදනා එල්ල වූ කිහිපදෙනෙක්ම සිටින බව දැකිය හැකියි. කණ්ඩායම් හිමිකරුවන් ගැන සදහනක් නැතුවා වාගේම පුහුණුකරුවන් ගැනත් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසමත්ව තිබෙනවා.
LPL නොකෙරෙන දීගය විදෙස් ක්‍රීඩකයින් එකිනෙකා හැර යයි - මෙන්න තවත් සැගවුණ නොකී කතා - Exclusive Exposed
මෙලෙස නිරෝදායන නීති බල්ලට දා පවත්වන්න යන තරගාවලිය පෙන්වන රූපවාහිනී නාලිකාව පිලිබද තවමත් කිසිදු සදහනක් නැහැ. ක්‍රීඩා පිටිය තුලට පැමිණ තරග නැරඹීමට ප්‍රේක්ෂකයාට ඉඩක් හිමි නොවන බව සක් සුදක් සේ පැහැදිලියි. එසේ නම් තරගාවලිය පවත්වන්නේ බුකී උවමනාව වෙනුවෙන් බව යලිත් ඉදිරියට එනවා. තරගාවලියට එක්වන ක්‍රීඩකයින් සදහා PCR පරීක්ෂණ කොපමණ සිදුකළ හැකිද ? විදෙස් ක්‍රීඩකයන් එන්නේ නම් ඔවුන්ව නිරෝදායනය කරනේ නැද්ද ? 21 තරගාවලියට එක්වීමට නම් ඔවුන් මේ වන විට දිවයිනට පැමිණ සිටිය යුතුයි. ඔහුන්ගේ නිරෝදායන කාලය දින 14 ට වඩා අඩුකර සියලුම ක්‍රීඩකයින් හා ආශ්‍රිතයින්ගේ ජීවිත අනතුරේ දානවාද ? රටට පැමිණීමට නොහැකිව ලතවෙන හා පැමිණ නිරෝදායනය වූ රට විරුවන්ට වඩා විශේෂයක් සිදුකිරීමට මෙම තරගාවලියට එන ක්‍රීඩකයින්ට හැකිද ? කට්ටියකගේ සාක්කු පිරවීමට මෙරට ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් ජීවිතය පරදුවට තබීමට ඉදිරිපත් වේවිද ? ජනාධිපතිවරයා කොරෝනා දෙවන රැල්ලත් සාර්ථකව මැඩලූ බවට වන කීර්තිය නැති කිරීමටද ක්‍රීඩා අමාත්‍යවරයාට අවශ්‍යතාව ඇත්තේ ? ජනාධිපති ගෝඨාභය බාප්පා ඇමති නාමල් පුතාගේ පදේට නටන රූකඩයක් පමණද යන්න මේ සියළුම ප්‍රශ්න වලට වඩා ප්‍රධානව ඔබේ සිතේ නැගී ඇතුවාට සැකයක් නැහැ.
ලෝකල් ප්‍රිමියර් ලීග් වෙන රවීන්ගේ ලංකා පෝස්පෝන්ඩ් ක්‍රිකට් ලීග් - Exclusive Exposed
LPL යනු ලංකා ප්‍රිමියර් ලීග් නොව ලංකා පෝස්පෝන්ඩ් ලීග් බව අප ඔබට මෙලෙස කිව්වා මතක ඇති. එමෙන්ම මෙම තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජිකයින් අතර සාකච්ජා වෙමින් තිබෙනවා. ඒ අඩුම තරමේ LPL ලෝකල් ප්‍රිමියර් ලීග් බවටවත් පත් නොකරමින් බව වාර්තා වනවා. කෙසේ වෙතත් බුකීකරුවන්ගේ ග්රහනයට ලක්ව මෙම තරගාවලිය පවත්වා ලොව දූෂිතම ක්‍රිකට් රට ලෙස නම් කිරීම සනාථ කරනවාට වඩා එය යහපත් වනවා. එහෙත් මේ සියල්ල තීරණය කරමින් කැරකෙන්නේ බුකීකරුවන්ගේ මුදල් බව බොහෝ දෙනෙක් පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ බුකීකරුවන්ගේ අවශ්‍යතාවට තරගාවලි පවත්වන රටක් ලෙස ශ්‍රී ලංකාව හැදින්වීමට මෙම තරගාවලියම පමණක් ප්‍රමාණවත් වනවා. ඊට ඉඩ දෙමින් උඩ බලන් කෙල ගැසීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉඩ දේවිද නැද්ද කියන්න දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණයි. නැති ක්‍රීඩා ආර්ථිකයක් ගැන කියා මෙම තරගාවලිය ගැන පම්පෝරි ගහන්න ගොස් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අමාත්‍යධූරයද අනා ගන්නා දිනය වැඩි ඈතක නොවන බව අවසන් ලෙස සටහන් කළ යුතුයි.
No comments