තේරීම් කමිටුවක් නැතුව හොර පාරෙන් අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් - Exclusive Exposed
බල්ලගේ වැඩේ බූරුවා කලා වාගේ යන කියමන ජන ව්‍යවහාරයට ආවේ අදාල නැති වැඩ අදාල නැති කෙනෙක් කිරීමට යාම ගැන කීමටයි. ඊට උදාහරණයක් සපයන ලෙස කීවොත් ඔබට මතක් වන්නේ කුමක්ද ? ඒ සියල්ල අතර පළමු තැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිමිකර ගන්නා බව බොහෝ දෙනෙක් කියනු ඇති. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ දුර්වල පරිපාලනය හේතුවෙන් ඔහුගේ බලයත් ක්‍රිකට් ආයතනය ආරූඩ කරගෙන සිටිනවා. දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම තේරීම එලෙස හොර පාරෙන් සිදුවූ ආකාරය මෙලෙස දිග හැරෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවීමකින් තොරව එහි ක්‍රියාකාරීත්වයට එරෙහිවූ එකම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දයසිරි ජයසේකර ඉතිහාස ගතව සිටිනවා. ඒ වරක් ක්‍රිකට් සංචාරයක් සදහා ගුවන් යානයටත් නැග සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් යලි කැදවීම හේතුවෙන්. එම කණ්ඩායම අමාත්‍ය අනුමැතිය නැතුව තරගාවලියට එක්වීමටයි සූදානම් වූයේ. ඊට එරෙහි වෙමින් ගුවන් යානයයේ අසුන්ගෙන සිටි කණ්ඩායම යලි කැදවමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩිව අවවාද කිරීමට එවර අමාත්‍ය දයාසිරි කටයුතු කළා. එහෙත් අනෙක් කිසිදු ක්‍රීඩා අමාත්‍යවරයෙක් එලෙස ක්‍රිකට් ආයතනයට එරහිව තීන්දු තීරණ ගන්නේ නැහැ. ඒ ක්‍රිකට් සල්ලි කන්දට යටවීම හේතුවෙන් බව රහසක් නොවේ. වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ බලයට පැමිණීවිට බොහෝ දෙනෙක් සිතුවේ ඔහු නොබියව තීන්දු තීරණ ගනු ඇති බවයි. එහෙත් මේ වන විට ඔහු නකුට වනමින් ක්‍රිකට් ආයතනය පස්සෙන් යන රූකඩයක් තැනට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිල කාලය මීට මාස දෙකකට පෙර අවසන් වුණා. ඒ වන විට එහි සභාපති ලෙස සිටි අසන්ත ද මෙල් හා කමිටු සාමාජිකයින් ලෙස විනෝදන් ජෝන් මෙන්ම චමින්ද මෙන්ඩිස් කටයුතු කළා. පුරප්පාඩු වූ තේරීම් කමිටුවට මේ හිටපු තිදෙනා සමග ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ නමද ක්‍රිකට් ආයතනය විසින් අමාත්‍යවරයා වෙත යොමු කර දැන් මාස දෙකක් පමණ වෙනවා. ඒ නව තේරීම් කමිටුව පත් කිරීම සදහායි. එහෙත් බාලගිරි දෝසයට එම පත්කිරීම් අසුව තිබෙනවා. තවමත් ඒ නම් අමාත්‍යවරයාගේ මේසය උඩ අනුමැතිය නොදී පල් වෙනවා. මේ අතර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ලබන මස 17 වැනිදා දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් ඇතුලත් මෙම තරගාවලිය ඉලක්ක කර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද සිට විශේෂ පුහුණු සැසියකට එක්ව සිටිනවා. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කර පැවැත්වෙන ඊට ක්‍රීඩකයන් 22 නෙක් තෝරාගෙන ඇතැයි ක්‍රිකට් ආයතනය පවසනවා. දින 10 ක් පුරා පැවැත්වෙන මෙම විශේෂ පුහුණු කඳවුර කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ජෛව ආරක්ෂිත බුබුලකට ( Bio Secure Bubble ) අනුව පැවැත්වෙන බව සදහන්.
මෙම විශේෂ පුහුණු කඳවුර අවසන් වූ විගස ලංකා ප්‍රිමියර් ලීග් ( LPL ) ක්‍රිකට් තරගාවලියට එක්වන ක්‍රීඩකයින් සෘජුව හම්බන්තොට බලා පිටත්ව යනවා. සෙසු ක්‍රීඩකයින් ලබන 22 වැනිදා නිවෙස් වෙත යන බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ. කෙසේ වෙතත් ක්‍රිකට් තේරීම් කමිටු බලාත්මක නැති මොහොතක මෙලෙස ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ඉලක්ක කර ජාතික කණ්ඩායම තෝරා ගත්තේ කවුද ? මෙම තේරීම් සදහා වෙනත් පාරශ්රවයකට ඇමති බලය ලබා දුන්නාද යන ප්‍රශ්න මතු වනවා. මේ නිසාවෙන් අද සිට පුහුණු කඳවුර පවත්වන බව ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළත් ඊට එක්වන ක්‍රීඩකයින් ගැන කිසිදු සදහනක් කරන්නේ නැහැ. මෙලෙස ඔවුන් ක්‍රීඩකයන් සදහන් නොකරන්නේ කොලේ වසා ගැසීමටයි. මේ අතර මෙම විශේෂ පුහුණු කඳවුරට එක්ව සිටින එක් උඩින් පාත් වූ ක්‍රීඩකයෙක් ගැනත් කතා බහක් ඇතිව තිබෙනවා. මෙම පැරිෂුට් ක්‍රීඩකයා වන්නේ ක්‍රීඩකයන් අතර හැපී ඩැඩ් ලෙස ප්‍රසිද්ධ සංතුෂ් ගුණතිලකයි. ඔහු ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම හෝ නියෝජනය නොකළ පියාගේ මුදල් බලයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ලෙසයි සෙසු ක්‍රීඩකයන් අතර ප්‍රසිද්ධව සිටින්නේ. වෙන්න කලින් අනාවැකි නිවරදිව පළ කරන Lankasportsnews අප මෙම අඩව්ව ඇල්ලීමට පෙර ක්‍රීඩකයා පිලිබද තොරතුරු මෙලෙස වාර්තා කළා. පහත දැක්වෙන්නේ එම ලිපියයි.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලබන මස 17 වැනිදා ( දෙසැම්බර් 17 ) දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් පළමුව එක්වන්නේ තුන් දින පුහුණු තරගයකටයි. දකුණු අප්‍රිකා ක්‍රිකට් ආරාධිත XI කණ්ඩායම සමග එම තරගය ලබන මස 20 වැනිදා බෙනෝනිහිදී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන මස 26 වැනිදා හෙවත් බොක්සිං දිනයේදී සෙන්චූරියාහි සුපර් ස්පෝර්ට් පාර්ක් පිටියේදී ආරම්භ වනු ඇති. ජොහැන්නස්බර්ග් හි වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2021 ජනවාරි 03 වැනිදායි. මේ අනුව මෙම තරගාවලිය ඉලක්ක කර විශේෂ පුහුණු කඳවුරට එක්වූ සංචිතය තරගාවලියට එක්වන අවසන් කණ්ඩායම වීමට බොහෝ ඉඩ තිබෙනවා. තේරීම් කමිටුවක් නැතුව හොර පාරෙන් තෝරා ගත් ජාතික කණ්ඩායමක් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් නියෝජනය කළ පළමු අවස්තාව ලෙස එය ඉතිහාස ගතවනු ඇති. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ අසාර්ථක පරිපාලනයේ කැඩපත මෙය බවටත් පෙන්වා දිය හැකියි. මීට පෙරත් අමාත්‍යංසය සත පහකට නොගෙන ඩුබායි වෙත කණ්ඩායමක් යැවූ ඈෂ්ලි ද සිල්වා මෙවරත් එලෙසම කටයුතු කර තිබීම කැපී පෙනෙනවා.
මෙලෙසම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් නම් කළ බව Lankasportsnews අප අනාවරණය කළා ඔබට මතක ඇති. එමෙන්ම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ආරම්භය ලබන 26 වැනිදා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසන් ලෙස නිවේදනය කළා. ඊට එක්වන කාර්යමණ්ඩලය අද සිට නිරෝදායනය විය යුතුයි. දින 14 සම්පූර්ණ වන්නේ එවිට තරගාවලි ආරම්භය සිදුවන 26 වනදාටයි. එහෙත් මෙතෙක් එවැන්නක් සිදු කිරීමට කිසිවක් සිදුකර ඇතැයි වාර්තා වන්නේ නැහැ. මේ අනුව LPL යන්න Lankasportsnews අප පැවසූ ලෙසම යලිත් ලංකා පෝස්පෝන්ඩ් ලීග් බව සනාථ කරනු ඇති. අපට අවශ්‍ය වූයේ දූෂණ අක්‍රමිකතා නොමැතිව මෙම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමයි. එහෙත් ක්‍රිකට් ආයතනයට අවශ්‍ය වූයේ තරගාවලිය නොපැවැත්වීමට බව දැන් ඔබට පැහැදිලි ඇති. LPL ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කීමට ඉතිරිව ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණක් බව අවසන් ලෙස සටහන් කළ හැකියි.
No comments