ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක වීසා මගඩියේ ලංකාවේ ඒජන්තයා මෙන්න - Exclusive Exposed
ඕස්ට්‍රේලියා වීසා මගඩියක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් යොදාගෙන ඇති ආකාරය ගවේෂණාත්මක වාර්තාවක් ලෙස එරට ජාතික පුවත්පතක් වන හෙරල්ඩ් සන් පුවත්පත පසුගියදා අනාවරණය කළා. එහිදී කියවුනේ ඕස්ට්‍රේලියාවට පැමිණීම සදහා වීසා ලබාගැනීම වෙනුවෙන් මෙය කලක සිට සිදුකර ඇති බවයි. එහිදී කියවුනේ එක් ශ්‍රී ලාංකිකයෙක්ගෙන් ඇමරිකා ඩොලර් 10,000 ක් දක්වා මුදලක් ලබාගෙන ඇති බවයි. පසුගිය කාර්තුවේ පමණක් 70 ක පිරිසක් මෙලෙස ඕස්ට්‍රේලියාවට ඇතුලු වී ඇති බවයි එහි දැක්වුනේ. සැමී ලෙස හදුන්වන සමන් කන්දගේ මෙහි ඕස්ට්‍රේලියා ඒජන්තවරයා ලෙස කටයුතු කර තිබෙනවා.
මෙම වාර්තාවට අනුව පළමු පෙළ ක්‍රීඩා නොකළ අය පළමු පෙළ ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයන් බවට දැක්වෙන බව සදහන්. ඔවුන්ගේ වීසා ලබාගැනීම වෙනුවෙන් ඒ පිලිබද දත්ත ඇතුලත් ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩවියෙන් මාස තුනකට පසු ඒවා ඉබේ මැකී යන ලෙස සකස් කර ඇතැයිද දැක්වෙනවා. එමෙන්ම මේ සදහා ව්‍යාජ තොරතුරු ඇතුලත් ව්‍යාජ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලිපි ශීර්ෂ යොදාගෙන ඇති බවත් සදහන්. එලෙස ව්‍යාජ තොරතුරු ලබාදී ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩා වීසා ලබාගන්නා ඔවුන් එරටදී අධ්‍යාපන කටයුතු සදහා ඇතුලත් වනවා. ඊට ඇමරිකා ඩොලර් 7000 ක මුදලක් වැය කළ යුතු බවයි දැක්වෙන්නේ. එම කටයුතු වෙනුවෙන් කොළඹ, ගාල්ල, මාතර හා මහනුවර ශාඛා ඇතැයි සදහන් ටින්ගෝ එඩියුකේෂන් ඕස්ට්‍රේලියා ආයතනයේ කසුන් ගම්ලත් නැමැත්තෙක් අතරමැදියා ලෙස කටයුතු කරන බව සදහන්. මෙලෙස ඕස්ට්‍රේලියාවට යන පිරිස කාමර තුනක් තුල 17 දෙනෙකු සිටින බවයි හෙරල්ඩ් සන් පුවත්පත වාර්තා කර ඇත්තේ. එම පුවත ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා කළ ආකාරයයි මේ.
මෙම ගවේෂණාත්මක ප්‍රවෘත්තිය ලංකාවේ බොහෝ මාධ්‍යට තවත් එක් වාර්තාවක් පමණක් වුණා. ඒ වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පිරිස අසා ලිවීම හා කියනවිට ලිවීම සිදුකරන පිරිසක් පමණක් වී සිටීම නිසයි. එහෙත් සලකුණු පෙන්වූ විට පුද්ගලයා හඹායාම Lankasportsnews අප සෑම විටම සිදුකළා. ඒ අනුව මෙහි මෙතෙක් අනාවරණය නොවූ ශ්‍රී ලංකාව තුල සිටින ඒජන්තවරයා සොයා මෙහෙයුම් අප ආරම්භ කළා. හද පෙන්වූ විට ඇගිල්ල ගැන කවි හා කතා ලියන සමාජයක එය පහසුවූයේ නැහැ. එහෙත් Lankasportsnews අපට එය අපහසු වූයේද නැහැ. මෙතැන් සිට දිග හැරෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හා ශ්‍රී ලංකාවම අපකීර්තියට පත් කළ මෙම වංචාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල සිටින ඒජන්තවරයා ගැන තොරතුරුයි.
ඕස්ට්‍රේලියා වීසා මගඩියට සම්බන්ධ මහ මොළකරු සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුලයි. ඔහු තරගාවලි සම්බන්ධ රාජකාරියක් සිදු කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දත්ත හා තරග සටහන් තබාගැනීමේ රාජකාරිය ඔහු සිදු කරනවා. පසුගිය කාලයේ තරග ලකුණු සටහන් වෙනස් කිරීමේ චෝදනාව ඔහුට නිතර එල්ලවුණා. ජල්තර සදහා ප්‍රසිද්ධ මෙම පුද්ගලයා ඕස්ට්‍රේලියා ඒජන්තවරු හා එක්ව ලංකාවේ මුදල් එකතු කරමින් ව්‍යාපාරය සිදුකරන්නා වනවා. මේ වෙනුවෙන් ඔහු සිය මුදල ලෙස එක් ක්‍රීඩකයකු වෙනුවෙන් රුපියල් 50,000 සිට 100,000 ක් දක්වා මුදලක් ලබාගෙන ඇතැයි වාර්තා වනවා. මොහු කලක් ලෝකයම පිලිගත් ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩවියක සේවය කර තිබෙනවා. එහිදී ගොඩ නගාගත් සබදතා යොදා ගනිමින් ඔහු මෙම වංචාව පසුගිය කාලයේ සිදුකිරීමට උපයෝගී කර ගත්තා. ඒ වෙනුවෙන් එම වෙබ් අඩවියේ මිතුරන් සදහාත් අත දිග හැර මුදල් ලබාදී ඇතැයි වාර්තා වනවා.
වරක් පෞද්ගලික ක්‍රිකට් තරගාවලියක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම පුද්ගලයාගේ නිල කටයුතු සදහා ලබාදුන් ලැප්ටොප් පරිඝණක ගෙන ගොස් නැතිකර ගත්තා. එම තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යට ගැසීම නිසා පරීක්ෂණයක් නැතුවම ඔහු නිදහස් වුණා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා සිදුකරන හොර වැඩ සදහා නිරන්තරයෙන් ඔහු ලබාදෙන සහය හේතුවෙන් බව සදහන්. කූඨ ලෙස මුදල් ඉපැයීමට ඔහු කීර්තියක් උසුලනවා. මෙලෙසම ඔහු රැකියා සදහා කොරියාවේ මිනිසුන් යවන ඒජන්තවරයෙක් ලෙස කලක් කටයුතු කළා. එහිදී කොරියා යවන බව කියා එක් පුද්ගලයෙක්ගෙන් රුපියල් ලක්ෂ 5 ක් ලබාගෙන තිබෙනවා. එහෙත් කොරියා රැකියාවත්, රුපියල් ලක්ෂ 5 ත් නැතිවූ අයෙක් මේ පිලිබද පොලීසියට පැමිණිලි කර තිබුණා. එවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුලටම පැමිණ අප කතා නායක මෙම පුද්ගලයාව අත් අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා. එම නඩුව තවමත් අධිකරණයේ විභාග වනවා.
මෙලෙස ජල්තර වැඩ රැසකට සම්බන්ධ මෙම පුද්ගලයා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වාගේ CCC ක්‍රීඩා සමාජ කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්තාව බල්ලට දමමින්. ව්‍යවස්තාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයන් සදහා ක්‍රීඩා සමාජ වැටුප් ලබන තනතුරු දැරීමට හැකියාවක් නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දත්ත හා ලකුණු සටහන් කරන නිලධාරියා මෙලෙස සභාපතිගේ ක්‍රීඩා සමාජ කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කිරීම ගැන ක්‍රීඩා සමාජ පැමිණිලි රැසක් සිදුකර තිබෙනවා. එහෙත් වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ අවනඩුව කියන්නාක් මෙන ඒ සියල්ල ගගට කැපූ ඉණි වී අවසන්. කුණු ගොඩට එකතු වන්නේ කුණු ලෙස මෙම පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වාට එක්ව ඇතැයි ඔබට දැන් සිතනවා ඇති.
SLC ඇතුලේ ඉන්න බුකී ඒජන්තලා මෙන්න
මේ අතර මෙම පුද්ගලයා පසුගිය වසරේ බස්නාහිර පළාත් ක්‍රිකට් කණ්ඩායමක් යැයි කියමින් නුගේගොඩ ක්‍රිකට් ක්‍රීඩා සමාජය ජපානයේ සංචාරයකට ගෙන යාමට මුල් වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රහසිගතව නිවාඩු ගෙන මොහුද ඊට එක්වුණා. බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් කිහිපදෙනෙක්ද මෙම කුජීත ජපන් සංචාරයට එක්කර ගත්තා. මෙම සංචාරයට එක්වූ ක්‍රීඩකයන්ගෙන් මුදල් එකතු කිරීමටත් ඔහු කටයුතු කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් ලබාදී තිබියදීයි. එමෙන්ම අප කතා නායකයා සතුව පසුගිය කාලයේ ක්‍රිකට් ආම්පන්න අලෙවිසැලක් තිබුණා. එය බංකොලොත් වීම නිසා මේ වන විට වසා දමා තිබෙනවා. මේ ඔහුගේ ජල්තර වැඩ කිහිපයක් පමණයි. තවත් තොරතුරු රැසක් අප සතුයි. ඒවා ඉදිරියට නම් ගම් සමගින් ගෙන ඒමට Lankasportsnews අප තීරණය කර තිබෙනවා.
කෝප් කමිටුවෙන් අත්හිටුවූ ක්‍රිකට් ඒඩ් උපාලිට තාම පින් පඩි - ඇමති නොදකින හොර ගුහාව
වංචා හා දූෂණ ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිහඬ සේම ඔවුන් රැකීමටද ඉදිරිපත් වන්නේ පාවඩ ද එලමිනුයි. ඊට නොදෙවෙනි සේවයක් ක්‍රීඩා අමාත්‍යාංශය ඉටු කරනවා. කෙසේ වෙතත් මෙම සිදුවීමේ පරීක්ෂණ සදහා සෘජුව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සම්බන්ධ නිසා ඔවුන් ශ්‍රී ලංකාවට වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන ලෙස බලපෑම් කර ඇතැයි වාර්තා වනවා. මේ අනුව ගැල විජ්ජාවක් ලෙස මෙම පුද්ගලයාට ලිහිල් ලබාදිය හැකි අඩුම දඩුවම ලබාදෙනු ඇති. ක්‍රිකට් ආයතනය ගැන කටයුතු කිරීමේදී අඳ, ගොලු, බිහිරි ලෙස සිටින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙම කටයුත්තේදීවත් එලි බසී දැයි සැවොම බලා සිටියා. එහෙත් ජාත්‍යන්තර මාධ්‍යක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිරුවත් කර ඇති මෙම සිදුවීමේදීත් තවමත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පරීක්ෂණයක් හෝ පැවැත්වීම ඉදිරිපත්ව නැහැ. ඒ මෙහි කොමිස් මුදලක් ඔහුට ගිය නිසා යැයි ඇතමුන් කීම සත්‍යක් නිසාද ? Lankasportsnews අප එය විශ්වාස කරන්නේ නැත්තේ ඒ පිලිබද කිසිදු සාක්ෂියක් නොවීම හේතුවෙනුයි. එහෙත් මෙම කතාවන්ගෙන් කුජීත වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනාගතය බව පමණක් අවසන් ලෙස සටහන් කරන්නට කැමතියි.
No comments