• Breaking News

    ක්‍රීඩකයන් කොරෝනා මර බියෙන් කාමරයට කොටු වෙයි - Exclusive Exposed Video


    බය කියන්නේ ඕනෑම සතෙකුට පොදු ධර්මතාවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහෙත් මනසින් උසස් මිනිසුන් බය වීමට අවධානම් ගන්නේ නොගෙනම බැරි තැනකදී පමණයි. අහක යන නයි ඇදල අරන් රෙද්ද අස්සේ දා ගන්න එපා කියන කියමන මේ නිසාවෙන් නිර්මාණය වූවක්. එහෙත් එලෙස අහක යන නයෙක් රෙද්ද අස්සට දැමීම නිසා කනෝ කනෝ කීමට සිදුවේදැයි බයෙන් පසුවන පිරිසක් මේ දිනවල හම්බන්තොට සිටිනවා. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීම සදහා මේ වන විට හම්බන්තොට ශ්‍රැන්ග්‍රිල්ලා හෝටලයේ සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් හා නිලධාරීන් ඒ පිරිසයි. කොරෝනා මර බියෙන් ඔවුන් සලිත වී සිටින හා ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ නවතම තොරතුරු රැසක් අපට වාර්තා වුණා.


    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ලබන 26 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. කණ්ඩායම් පහක් තරග වදින තරගාවලිය පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි. ඒ සදහා එක්වන සියලුම කණ්ඩායම් මේ වන විට හම්බන්තොට ශ්‍රැන්ග්‍රිල්ලා හෝටලයේ නවාතැන් ගෙන සිටිනවා. ඊට එක්වීමට පෙර එළඹෙන දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර විශේෂ පුහුණු කඳවුරක් මේ දිනවල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙනවා. ඊට නියමිත ක්‍රමයට පිටින් තෝරාගත් ක්‍රීඩකයින් 23 දෙනෙක් එක්ව සිටිනවා. ඔවුන්ගේ සහය කාර්යය මණ්ඩලයේ ( බැගේජ් බෝයි ) ජැකී නම් සේවකයාට කොරෝනා වැලදී ඇති බව පසුගියදා තහවුරු වුණා. මේ නිසාවෙන් එම ක්‍රීඩකයන් සියලුදෙනා සිටින්නේ බියෙන් සලිතවයි. ඔහුට කොරෝනා වැලදීම වාර්තා කළ පළමු මාධ්‍ය වූ Lankasportsnews අප ලිපිය පහතින් දැක්වෙනවා.




    මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියට එක්වීමට පැමිණි කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ කැනඩා ක්‍රීඩක රවීන්ද්‍රපාල් සිංට කොරෝනා වැලදී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ අනුව ඔහුව ප්‍රතිකාර සදහා යොමුකර අවසන්. ඔහු පැමිණි ගුවන් යානයෙන්ම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල් දිවයිනට පැමිණියා. මේ අනුව ඔහුද මේ වන විට සිටින්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේයි. රසල්ද ඇතුලුව සියලුම ක්‍රීඩකයන් නවාතැන් ගෙන විටින හම්බන්තොට ශ්‍රැන්ග්‍රිල්ලා හෝටලයේ මේ නිසාවෙන් පවතින්නේ දැඩි හුදකලා බවක්. ඒ ක්‍රීඩකයින් දොරෙන් එලියට යාමට බියෙන් කාමරයටම කොටුවී සිටීම හේතුවෙන්. ක්‍රීඩකයන් මේ දිනවල සිටින්නේ ක්‍රිකට් අවධානයෙන් නොව කොයි වෙලාවේ PCR කරන්න ඒදෝ අවධානයෙන් බවයි Lankasportsnews අප වෙත වාර්තා වුණේ. හම්බන්තොට කොරෝනා ක්‍රිකට් පොකුරක් නිර්මාණය වනු ඇතැයි Lankasportsnews අප ක්‍රීඩක සංවාදයක් උපුටා දක්වමින් සියල්ලට පෙර මෙලෙස වාර්තා කළා.


    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ගැන හඩපටයක් ලීක් වෙයි - Exclusive Exposed


    කෙසේ වෙතත් කොතරම් පිරිසකට කොරෝනා වැලදුනත් ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලිය පවත්වන බව එහි අධ්‍යක්ෂ, ක්‍රිකට් උප සභාපති රවින් වික්‍රමරත්න පවසනවා. ප්‍රතිකාර කිරීමට ඇති සූදානම ගැන ඔහු උදම් අනනවා. එහෙත් සිදුවිය යුත්තේ කොරෝනා වැලදීම වැලැක්වීමයි. කොරෝනා වැදදී සුව වුවත් එවැන්නන්ට පසුව රෝග 15 කට අධික සංඛ්‍යාවක් වැලදීමේ අවධානමකට මුහුණ දීමට සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විටත් අනතුරු අගවා අවසන්. එහෙත් කොමිස් සාක්කුවට දාගෙන අවසන් නිසා කොරෝනා වැලදුන රෝගීන් එකා පිට එකා වැටුනත් තරගාවලිය පැවැත්විය යුතුම වනවා. ක්‍රීඩකයින්ට කොරෝනා වැලදෙන තුරු රවීන් බලා සිටින බව කියන්නේ මෙලෙසයි.


    මේ අතර ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක කොරෝනා නිරෝදායන නීති බිද දමමින් ක්‍රීඩකයින් කොරෝනා වෙත වැඩි දුරටත් සමීප කිරීමේ තීරණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන තිබෙනවා. කොරෝනා සදහා විදේශයක සිට පැමිණෙන ඕනෑම කෙනෙක් දින 14 ක රජයේ නිරෝදායනය සම්පූර්ණ කළ යුතුයි. එහෙත් මෙම තරගාවලියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවති සාකච්ජාවකින් පසු එය දින 7 ක් දක්වා අඩු කර තිබුණා. ජනාධිපතිවරයාටත් උඩින් සිටින මෙම තරගාවලි සංවිධායක කොමිස් කාක්කන් සෙට් එය එය මේ වන විට දින 3 ක් දක්වා අඩුකර ඇතැයි වාර්තා වනවා. තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයන්ට එලෙස දැනුම් දී ඇතැයි සදහන්. මේ අතර එලෙසම නිරෝදායන නීති සාම්ප්‍රදාය වෙනස් කරමින් කණ්ඩායම් හිමිකරුවන්ට ලබන 21 දිවයිනට පැමිණ 26 වැනිදා ආරම්භ කිරීමට නියමිත සමාරම්භක උළෙලට එක්වීමට ඉඩ ලබා දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වනවා. ඒ තරගාවලිය අතරතුර කොරෝනා පොකුරු, පොකුරු නිර්මාණය වීමට ඉඩ ලබා දෙමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ සෙල්ලම් කරන්නේ ක්‍රීඩකයින්ගේ ජීවිත සමග බව යලි යලිත් මතක් කළ යුතුයි.

     


    No comments