• Breaking News

    ප්‍රජාතන්ත්‍රවාදය හරීන්ගේ රෙද්ද අස්සෙන් බේරේ


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මස 07 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඊට අදාල කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. එහෙත් ක්‍රීඩා අමාත්‍යදූරයට පත්වූ විගසම අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ක්‍රිකට් ආයතනය සදහා අතුරු කමිටුවක් පත්කරන බවයි. ඒ සදහා අවසර ලබා ගැනීමට ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පසුගියදා ගියත් අවසරය හිමිවූයේ නැහැ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත්තේ ඔවුන්ගේ විධායක කමිටුව රැස්ව ඒ සදහා අවසරදීමට එකගවිය යුතු බවයි. ලබන 10 වැනිදාට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක කමිටුව රැස්වන බවත් ඔවුන් දැනුම්දී තිබෙනවා.
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරට ක්‍රිකට් නිලවරණය පවත්වන ලෙස මාස අටක් පුරා මෙරට ක්‍රීඩා බලධාරීන්ට බලපෑම් කළා. අවසානයේ ඉන් පලක් නොවූ තැන අවසන් රතු නිවේදනය නිකුත් කරමින් ලබන මස 09 වැනිදාට පෙර ක්‍රිකට් නිලවරණය පැවැත්විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා. එසේ තිබියදී නැවත මෙරට ක්‍රිකට් නිලවරණය සදහා දින ලබානොදෙනු ඇති බවයි වාර්තා වන්නේ.
    නිලවරණයක් යනු ප්‍රජාතාන්ත්‍රවාදී අයිතියක්. එය ගෙන එන බව කියමින් මහින්ද පලවා හරිමින් දෙවන වරටත් එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණියා. යුක්තියේ හඩ ඔවුන් බවයි පැවසුවේ. එහෙත් මෙතෙක් තහවුරු වී ඇත්තේ එය මුසාවක් බවයි. පලාත් පාලන ආයතන ජන්ද කල් දැමීමෙන් ආරම්භ කළ ක්‍රියාවලිය පසුව ක්‍රීඩා පාලයටද ගෙන ආවා. ක්‍රිකට් / බැඩ්මින්ටන් හා කායවර් ධන ඇතුලු සංගම් නිලවරණ බාලගිරි දෝසයට මේ අනුව ලක්වුණා. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ යුත්තේ යලි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති දූරයට ගෙන ආවාක් මෙන් ක්‍රිකට් ඇතුලු කල් මරමින් ඇති නිලවරණ පැවැත්වීමයි. සිය හිතවතුන් අතුරුකමිටු පාලනයට ගෙන එමේ ප්‍රයත්නය නවතා ක්‍රීඩා සංගම් නියෝජිතයින්ට ප්‍රජාතාන්ත්‍රවාදය ගෙන ඒමයි. ඒ දිනය උදාවන තුරු අප මෙරට ක්‍රීඩාශීලී ජනතාව සමගින් බලාසිටින බව කවුරුන් හෝ ඇමතිතුමට කියා දෙන්න. ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් මුදා ගැනීමට එක්වෙමු.

    No comments