ලංකාවෙන් ලංකාවට එරහිවම පෙත්සමක් - උඩ බලන් මැක්සි කෙල ගහලා
උඩ බලන් කෙළ ගහ ගන්න එපා යැයි කියන්නේ කට කහනවට
නොවේ. එහෙත් ජාතික ඔලිම්පික් කමිටුව පසුගිය කාලය පුරා සිදුකරනු ලැබුවේ එයයි. ඊට
එරෙහිව කිසිදු මාධ්‍ය ආයතනයක් හෝ මාධ්‍යවේදියෙක් කථාකරන්නේ නැත්තේ කලු ගලේ ඔලුව ගසා
ගැනීමට ඇති බව නිසාවෙනුයි. එහෙත් පසුගිය කාලය පුරා අප එය සිදුකරනු ලැබුවා. ඒ සැබෑ
මාධ්‍යවේදියා සමාජයේ පෙර ගමන්කරු යැයි කියන පොතේ කරුණු මුල් කර ගනිමින් නොව තමාට පෙර
රට යන තේමාව පෙරදැරි කර ගනිමින්.
ජාතික ඔලිම්පික් කමිටුවේ නවතම ජවනිකාව වී ඇත්තේ
ජාතික පිහිනුම් හා ජල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දකුණු ආසියා පිහිනුම් හා ජල ක්‍රීඩා
තරගාවලියට යාමේ අවස්ථාව අහිමිකිරීමයි. ජාතික සංගමයේ හිටපු සභාපති මහින්ද ලියනගේ
මහතා ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී වත්මන් සභාපති හා ලේකම්ගේ සුවච කීකරු
කුක්කෙක් ලෙස කටයුතු කල බව ඇතමුන් පවසනවා. එහෙත් ඔහුට වැඩි කලක් මෙම තනතුරේ කටයුතු
කිරීමට නොහැකි වූයේ දූෂණ හා අක්‍රමිකතා එලියට ඒම හේතුවෙනුයි. මේ අනුව එවකට ක්‍රීඩා
අමාත්‍යවරයා සංගමය ත්‍රිපුද්ගල අතුරු කමිටුවක් යටතට පත්කළා.
එම අතුරු කමිටුව නිමා වූ කනිෂ්ඨ හා ජේෂ්ඨ පිහිනුම්
හා ජල ක්‍රීඩා තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිත ගත කරනු ලැබුවා.
ඒ ලබන 22 වැනිදා සිට බැංගලෝරයේ පැවැත්වීමට නියමිත දකුණු ආසියා පිහිනුම් හා ජල ක්‍රීඩා
තරගාවලිය ඉලක්ක කර ගනිමින්. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 111 දෙනෙකු මෙම සංචිතයේ කටයුතු
කළා. ඔවුගෙන් රුපියල් 45 000 බැගින් එකතුකර ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමට
මෙම අතුරු කමිටුව කටයුතු කරනු ලබනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා අවශ්‍ය සියළු
පහසුකම් ලබාදීමට දෙමාපියන් කටයුතු කරන්නේ තම දරුව දකුණු ආසියා පදක්කමකින් ගෙල සරසා
ගනු ඇතැයි අහින්සක බලාපොරොත්තුව ඇතිවයි.
එහෙත් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා දෙමාපියන්ගේ
සිහින බොද කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර
පිහිනුම් හා ජල ක්‍රීඩා සංගමයට මෙරට නීති විරෝධී කණ්ඩායමක් දකුණු ආසියා ක්‍රීඩා
උළෙල සදහා එක්වන බව පවසමින්. මේ අනුව ජාත්‍යන්තර සංගමය තරගාවලි සංවිධායකයින්ට පවසා
ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග කිරීමට අවස්ථාව නොදෙන ලෙසයි. මෙම තරගාවලියට රටවල්
06 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වීමට නියමිතව සිටියා. එහෙත් වැඩිම
පිරිසක් එක්වීමට නියමිතව සිටියේ ඉන්දියාවෙන් හා ශ්‍රී ලංකාවෙන්. ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්
එක්කර නොගන්නා ලෙස දැනුම්දීමත් සමග තරගාවලි සංවිධායකයින් කබලෙන් ලිපට වැටී
තිබෙනවා. ඒ වැඩිම පිරිසක් තරගාවලියට එක්නොවීම හේතුවෙන්. මේ අනුව දින නියමයක්
නොමැතිව තරගාවලිය කල් දැමීමට සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.
මේ පිලිබද ජාතික ඔලිම්පික් කමිටු ලේකම්
මැක්ස්වෙල් ද සිල්වා දැනුවක් කර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා දෙමාපියන් සහනයක්
බලාපොරොත්ත වී තිබෙනවා. එහිදී ඔහු පවසා ඇත්තේ බලයෙන් පහකළ දූෂණ හා අක්‍රමිකතා
චෝදනා එල්ල වී ඇති හිටපු සභාපති මහින්ද ලියනගේ මහතා මෙම තරගාවලියට නිලධාරියක් ලෙස
එක්කර ගන්නේ නම් තත්වයට මැදිහත් විය හැකි බවයි. රටට ලබා ගත හැකිව තිබූ දකුණු ආසියා
පදක්කම් අහිමි කරමින් ජාතික ඔලිම්පික් කමිටුවට අවශ්‍යව ඇත්තේ හොරෙක් රට වන්දනා
සවාරියකට යැවීමටයි. ජාතික ඔලිම්පික් කමිටුව අලි බබා වී හොරු රැකීමේ නිරතව සිටීම
කණගාටුදායකයි. රටකට ජාතික ඔලිම්පික් කමිටුවක් අවශ්‍ය වන්නේ හොරු රැකීමටද නැතහොත්
ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකීමට දැයි ගටළුවක් පවතිනවා. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු
මහතා ජාතික ඔලිම්පික් කමිටුව නම් හොර ගුහාව සුද්ද කළ යුතුයි. එහෙත් පසුගිය ක්‍රීඩා
ඇමතිවරු එය පවසමින් පැමිණියත් අවසානයේ සිදුකළ කිසිවක් නොවූ බව මතක් කළ යුතුයි.
No comments