• Breaking News

    විශ්ව ටෙස්ට් ක්‍රිකට් පිටියට


    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට නවක වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු ඇතුලත් කර තිබෙනවා. ඒ ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප් වෙනුවටයි. රුමේෂ් රත්නායක වේග පන්දු යැවීමේ පුහුණුකරු නවක වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර කෙරෙහි ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි බලාපොරොත්තුවක් තබා ඇතැයි පවසනවා. ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායම සමගින් අනිද්දා ආරම්භවීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පිලිබද අදහස් පළකරමින්. එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ සැලැස්මක් ඇති බවයි.
    කුසල් ජනිත් පෙරේරා මේ වන විට පාදයේ ආබාදයකට ලක්ව සිටිනවා. එහෙත් ඉදිරි දින දෙක තුල ඔහු පූර් ණ සුවය ලබනු ඇති බවයි රුමේෂ් රත්නායක කියා සිටියේ. වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස ඔහුට ලබාදෙන බවත් ඔහු කියා සිටියා. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි. එහිදී භාවිතයට ගන්නේ රෝස පැහැති පන්දුවක්. රාත්‍රීයේ පන්දුවේ දෝලනය වැඩි වීම හා ඉලිප්පීම පිලිබද පිතිකරුවන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි රුමේෂ් වැඩි දුරටත් කියා සිටියේ.

    No comments