ජයග්රහණ බන්දේසියක තබා නවසීලන්තයට පූජා කළ හේතුව
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින ක්රිකට්
තරගාවලිය තරග 03 ට බින්දුවක් ලෙස නවසීලන්තය ජය ගත්තා. තරගාවලියේ තුන්වන හා අවසන්
එක්දින තරගය අද පැවැත්වුනේ දිවා තරගයක් ලෙසයි. මෙම තරගයට ශ්රී ලංකා කණ්ඩායම පිවිසියේ
වෙනස්කම් 03 ක් සමගයි. දිනේෂ් චන්දිමාල් / සීකුගේ ප්රසන්න හා අසේල ගුණරත්නට කණ්ඩායමේ
ස්ථානය අහිමි වී තිබුණා. ඒ වෙනුවට ධනංජය ද සිල්වා / දසුන් ශානක හා දුෂ්මන්ත
චමීර කණ්ඩායමට එක්කිරීමට කටයුතු කර තිබුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට
ලසිත් මාලිංග තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන්ට
ලකුණු අතරට පිවිසීමට හැකිවූයේ නැහැ. ආරම්භක පිතිකරුවන් දෙදෙනා මුළු ලකුණු 31 ලෙස
සටහන්ව තිබියදී තරග නරඹන්නන් බවට පත්වුණා. කෙසේ වෙතත් මැදපෙළ ශක්තිමත් කරමින් රොස්
ටේලර් ලකුණු 137 ක් හා හෙන්ඩ්රි නිකොල්ස් නොදැවී ලකුණු 124 ක් ලබා ගත්තා. මේ අනුව
නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 364 ක් ලබා ගැනීමට
නවසීලන්ත කණ්ඩායම සමත්වුණා. පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩුලු 03 ක් දවා ගත්තා.
පිලිතුරු ඉනිම ඇරඹූ ශ්රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ
පිතිකරුවන් කණ්ඩායම ජයග්රහණයට කැදවාගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුණා. ආරභක
පිතිකරුවන් වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 46 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 36 ක් ලබා
ගත්තා. කුසල් ජනිත් පෙරේරා ලකුණු 43 ක් රැස් කළා. මැදපෙළ ශක්තිමත් කරමින් තිසර පෙරේරා
වේගවත් ලකුණු 80 ක් ලබා ගත්තා. අනෙක් මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට
පිවිසීමට හැකිවූයේ නැහැ. ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41 යි පන්දු 04 ක් අවසානයේ
සියළුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 249 ක් පමණයි. මේ අනුව ලකුණු 115 ක ජයක්
නවසීලන්තයට හිමිවුණා.
මෙම තරගාවලියේ පරාජයන් රැල්ලට හේතුවූයේ
පිතිකරුවන් වගකීම් සහගත නොවීමයි. ඔවුන් අසාර්ථක වීම හේතුවෙන් කණ්ඩායමට පන්දුවාර
50 ම ක්රීඩා කිරීමට නොහැකිවුණා. ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණය කිරීමට නම්
කණ්ඩායම් හැගීමෙන් යුතුව සියළුදෙනා ක්රීඩා කළ යුතු වනවා. සියළුම ක්රීඩකයින් සිය
වගකීම ඉටුකරන දිනයක ශ්රී ලංකා කණ්ඩායම ජයගනු ඇති.
No comments