ක්‍රිකට් නිලවරණය කල් දැමීමට නීතිපති උපදෙස්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මස 07
වැනිදා පැවැත්වීමට සැලසුම් කරනු ලැබුවා. එහෙත් නිලවරණය පැවැත්වීමට නිලවරණ කමිටුව
පත්කිරීමේ සිට එය සිදුව ඇත්තේ නියමිත ක්‍රියා පටිපාටියට අනුව නොවේ. එවක ක්‍රීඩා
අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තෆා මහතා ක්‍රීඩා නීතියට පටහැනිව ක්‍රිකට්
නිලවරණය පැවැත්වීමට කටයුතු කරනු ලැබුවේ කිසිදු වග විභාගයකින් තොරවයි.
2018 සැප්තැම්බර් මස 22 වනදා නිකුත් කළ ක්‍රීඩා
සංගම් රෙගුලාසි අමුඅමුවේ උල්ලංඝනය කිරීමට එවක අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා. ඒ බව
තහවුරු වුනේ ක්‍රිකට් ආයතනයේ නිලවරණය කැදවා ඇත්තේ නීතිවිරෝධීව බව ක්‍රීඩා අමාත්‍යාංශයට
අද ලිඛිතව දැනුම්දීමත් සමගයි. නිලවරණය සදහා නිලවරණ කමිටුව පත්කිරීමේ සිට
නීතිවිරෝධී තත්වයක් පවතින බව එහි සදහන් වනවා. ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයා Lanka Sports News වෙත කියා සිටියේ නීතිපතිවරයා ලබාදී ඇති උපදෙස් මත
ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස
ඉදිරි පැය කිහිපයේදී අවශ්‍ය කටයුතු කරනු ඇති බවයි. ඒ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු
මහතාගේ උපදෙස් මතයි. ක්‍රීඩා අමාත්‍යවරයා පත්වූ විගස පළමුව කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ
නිලවරණය කල් දැමීමට කටයුතු කරන බවයි. එය ඉටුකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
හරහට හිටියා. එහෙත් මේ වන විට මතුව ඇති තත්වයත් සමග නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ
ක්‍රිකට් නිලවරණය කල් දැමිය යුතු බවයි. ඒ යලි නීත්‍යානුකූල ලෙස නිලවරණය පවත්වන තුරු
පමණක් බවත් වාර්තා වනවා.
පෙර ලිපි
No comments