• Breaking News

    ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් සංචිතයෙන් දොට්ට


    ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ධනුෂ්ක ගුණතිලක ඉවත්කර තිබෙනවා. ඒ නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අසාර්ථක වීම හේතුවෙන්. නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ ඉනිම 04 දී ඔහු ලබාගෙන ඇත්තේ ලකුණු 16 ක් පමණයි. ඔහුගේ තැන හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නටයි.
    නවසීලන්ත ටෙස්ට් තරගාවලියේදී ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියෙන් ඉවත්කර තිබෙනවා. ඒ ශරීර යෝග්‍යතාව පිලිබද සැලකිල්ලට ගනිමින්. මෙම තරගාවලිය මැතිව්ස්ට අහිමි වන බව අප වෙබ් අඩවිය සියල්ලන්ට පෙර ඔබට කිව්වා මතක ඇති. මැතිව්ස්ගේ තැන හිමිව ඇත්තේ කුසල් ජනිත් පෙරේරාටයි. කුසල් පසුගිය වසරේ පැවති ටෙස්ට් තරග 03 ක ඉනිම 06 කට එක්ව රැස්කරගෙන ඇත්තේ ලකුණු 92 ක් පමණයි. මේ අනුව නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ඔහුට අහිමි වුණා. එහෙත් නවසීලන්ත එක්දින තරග 03 දී කුසල් ජනිත් පෙරේරා ලකුණු 149 ක් ලබාගෙන තිබෙනවා. එය මෙවර ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියට ඔහු ඇතුලත් වීමට හේතුව වූ බව තේරීම් කමිටු සාමාජිකයකු Lanka Sports News වෙත කියා සිටියා.
    ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්ව සිටියද නවසීලන්ත ටෙස්ට් තරගාවලියේදී අවස්ථාවක් හිමි නොවූ ලහිරු තිරිමාන්න / සදීර සමරවික්‍රම / ලක්ෂාන් සදකැන් හා නුවන් ප්‍රදීප් මෙම තරගාවලියටද ඇතුලත්. සෙසු ක්‍රීඩකයින් වන්නේ නායක දිනේෂ් චන්දිමාල් / කුසල් මෙන්ඩිස් / ධනංජය ද සිල්වා / රෙෂේන් සිල්වා / නිරෝෂන් දික්වැල්ල / දිල්රුවන් පෙරේරා / සුරංග ලක්මාල් / ලහිරු කුමාර / දුෂ්මන්ත චමීර හා කසුන් රජිතයි. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 24 වැනිදා බ්‍රිස්බෙන්හිදී ආරම්භවීමට නියමිත අතර දෙවන තරගය ලබන මස 01 වැනිදා කැන්බරා හිදී ආරම්භවීමට නියමිතයි.

    පෙර ලිපිය

    මැතිව්ස්ට අමාරුයි - ක්‍රිකට් මාධ්‍ය ඒකකය නිදි

    No comments