• Breaking News

    පරාජයේ දුක පහකළ තිසරගේ හුදකලා සටන


    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා. ඒ දෙරට අතර පැවති දෙවන එක්දින තරගය ලකුණු 21 කින් ජය ගැනීමත් සමගයි.
    බේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කිසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායම තීරණය කළා. පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයටද ක්‍රීඩා කළා. නවසීලන්ත පිතිකරුවන් වගකීමෙන් ඉනිම ගොන නංවන ආකාරයක් දක්නට ලැබුනා. මේ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 319 රැස්කිරීමට සමත්වුණා. නායක ලසිත් මාලිංග කඩුලු 02 ක් දවා ගත්තා.
    පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටිමින් ඉනිම ගොඩ නැගීමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පිතිකරුවන් 07 දෙනෙකුට ලකුණු 09 සීමාව පසුකිරීමට හැකිවූයේ නැහැ. මංගල එක්දින ශතකය වාර්තා කළ තිසර පෙරේරා හුදකළා සටනක නිරත වෙමින් සිය හොදම ලකුණු සංඛ්‍යාව වු ලකුණු 140 ක් ඉනිමට එක්කළා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 71 ක් ලබා ගත්තා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46 යි පන්දු 02 ක් අවසානයේ සියළුදෙනා දැවී ලබා ගත හැකිවුනේ ලකුණු 298 ක් පමණයි.

    No comments