හරීන් බලුවෙයි - ක්‍රීඩාව හොරාට භාරදෙයි ?
වක්කඩේ හකුරු හැංගීමට බොහෝ දේශපාලුවන් දක්ෂ බව
අමුතුවෙන් කිව යුතු නැහැ. ක්‍රීඩා අමාත්‍යාංශය තරුණ දක්ෂ ඇමතිවරයෙක්ට මෙවර හිමිව
ඇති බව ඇතමුන් හරීන් ප්‍රනාන්දු වැඩ භාර ගන්නා විට සිතන්නට ඇති. එහෙත් ක්‍රීඩාව
පිලිබද කිසිවක් නොදත් හරීන් සියළු පත්වීම් දෙස බලන්නේ දේශපාලන කෝණයෙන් බවට චෝදනා
එල්ල වනවා. එය පනින රිලවුන්ට ඉනිමං බැදීමක් බවට ක්‍රීඩාවෙන් යැපෙන ක්‍රීඩාව වනසන
හොරු රැල සිතා සිටින බවයි වාර් තා වන්නේ. කන බත් පතේ පහරන මෙම නිලධාරීන් හරීන්ව
ඇන්දීම ආරම්භ කර තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධාන අනුබද්ධ ආයතනය වන්නේ
ක්‍රීඩා සංවර් ධන දෙපාර් තමේන්තුවයි. එහි ප්‍රධානියා වන ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්
යනු ක්‍රීඩාවේ ඇති ප්‍රධානම හා බලවත්ම තනතුරක්. එය කලක් දරා දූෂණ හා අක්‍රමිකතා
හේතුවෙන් ඉවත්කළ බව කියූ සමන් බණ්ඩාර මහතා නැවත එම තනතුරට පැමිණීමට සූදානම් වන බව
අප අනාවරණ කළා. ඔහුට එම තනතුර නැවත ලබාදීමේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇතැයි
වාර් තා වනවා. එය සිදුවුවහොත් බහුතර ක්‍රීඩා සංගම් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු
මහතාට එරෙහි වනු ඇති අතර හොරෙක් රජකරවූ අණුවන පාලකයෙක් ලෙස ඉතිහාසයට එක් කිරීමටද
කටයුතු කරනු ඇති. ඇමතිගේ ගමේ කෙනෙකු වූ පමණින් මෙම කර් මයට හරීන් කර ගසනු ඇත්දැයි
අපි බලන් සිටිමු.
Lanka Sports News වෙබ් අඩවිය මෙතරම් හිටපු අධ්යක්ෂ සමන් බණ්ඩාරට
විරුද්ධ ඇයි දැයි ඔබට ප්‍රශ්නයක් ඇතිව ඇති. එයට පිලිතුරු දීම කලයුතුයි. කෝප් කමිටුව
මේ වන විට ඔහුගේ පරිපාලන සමයේ ගිණුම් වාර් තා පිලිබද පරීක්ෂණයක් සිදුකරනවා.
එම කාලය තුල තරග අවසන් කිරීමේදී ජයග්‍රහණය තීරණය කළ
හැකි ෆයිනල් රිසාල්ට් සොලියුෂන් නම් උපකරණ කට්ටලයක් ගෙන්වා තිබෙනවා. ඊට වැය කර ඇති
මුදල රුපියල් මිලියන 06 කට අධිකයි. එහෙත් මේ වන තුරු ඉන් ප්‍රයෝජනයක් ගෙන නැහැ. ඒ
මෙම උපකරණ කට්ටලයේ බොහෝ උපකරණ නොවීම හේතුවෙන්. ඇත්තේ පරිඝණකය හා උපාංග කිහිපයක්
පමණයි. ප්‍රතිඵල තරග නිමාවත් සමග පෙන්වන මෙම උපකරණයේ අත්‍යවශ්‍ය උපංගය වන පුළුල්
තිරය ඇතුලු උපාංග රැසක් ඇත්තේ නැහැ. මේ හේතුවෙන් ක්‍රීඩා සංවර් ධන දෙපාර් තමේන්තුවේ
ගබඩාගාරයේ ගොඩ ගසා ඇත්තේ පුස් බැදීමට ඉඩ හරිමින්. ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්
ලබාදීමට තිබූ තරග ප්‍රතිඵල ගුණාත්මක හා නිවරදි කිරීමේ උපකරණය මෙලෙස දූෂණය හා
වංචාවට හසුව තිබෙනවා.
මහජන මුදල් මෙලෙස කා දැමූ කාවෙක් නැවත ගැනීමට ක්‍රීඩා
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කළහොත් ඔහුට වැඩ කලක් ක්‍රීඩා අමාත්‍යධූරයේ
රැදී සිටීමට නොහැකි වනු ඇති. මේ වන විට අසාර් ථකම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කිරුළු
දිනා සිටින ෆයිසර් මුස්තෆා මෙන්ම හොරෙක්ට ඔටුනු පැලදවූ ඇමතිවරයා ලෙස හරීන්ට කරුළු
දිනා ගැනීමට හැකිවනවා නොඅනුමානයි. රටට අවශ්‍ය දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යවරයා
වැනි ඉතිහාසය වෙනස්කළ ඇමතිවරයෙක් බව බොහෝ දෙනෙකු කියන්නට පටන්ගෙන ඇත්තේ මෙම
තත්වයත් සමගය.
No comments