• Breaking News

    ක්‍රිකට් නිලවරණයට නැවතත් නඩු ?


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මස 07 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එහි සභාපති තනතුරට ඉදිරිපත් වූ සියළුදෙනාට විරෝධතා ඉදිරිපත් කර ඇති බව ක්‍රිකට් නිලවරණ කමිටුව පවසනවා. කේ මතිවානන් මහතාට ඉදිරිපත් කළ විරෝධතාව තිලංග පාර්ශ්වයෙන් ගොනුකර ඇත්තේ කිසිදු පදනමකින් තොරවයි. එහි දැක්වෙන්නේ මතිවානන් මහතා උප සභාපති ලෙස කටයුතු කිරීමේදී සේවය පැහැර හැරි නිලධාරියෙක් බවයි. කෙසේ වෙතත් මෙම චෝදනාව සිදුකරන පාර්ශ්‍වයේ ප්‍රධානී හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පත්කිරීමේදී කියා සිටියේ ඊට ප්‍රධාන කාර්යභාරය සිදුකළේ මතිවානන් මහතා බවයි. ඒ හතුරුසිංහ සමගින් නිරතුරුව සාකච්ජා කරමින් තනතුර භාර ගැනීමට පෙලබවීම වෙනුවෙන් ස්තූති කරමින්.
    ශම්මි හා මොහාන්ට රණතුංග පාර්ශ්වයෙන් ගොනුකර ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රති නිරෝදතා ගොනුකිරීම ලබන 07 වැනිදා සිදුකරන ලෙස ක්‍රිකට් නිලවරණ කමිටුව පවසා තිබෙනවා. ඉන් පෙන්වා දී ඇත්තේ මෙම නිලධාරීන් දෙදෙනා සභාපති තනතුර දැරීමට නොසුදුසු බවයි. සභාපති තනතුරට තිලංග හා රණතුංග පාර්ශ්ව දෙකෙන්ම විරෝධතා ගොනු නොකළ සභාපති අපේක්ෂක වන්නේ ජයන්ත ධර්මදාස මහතායි. ඒ ජයන්තට ක්‍රිකට් ව්‍යවස්ථාවට ක්‍රීඩා පනතට අනුව නිලවරණයට ඉදිරිපත් විය නොහැකි බව පවසමින්.
    ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී තමන් ක්‍රීඩා කර ඇති පළමු පෙළ තරග පිලිබද ලේඛණයක් සහිත පොරමයක් පිරවිය යුතුයි. එහෙත් ජයන්ත ක්‍රීඩා කර නැතිවීම හේතුවෙන් මෙම පොරමය පුරවා නැහැ. මේ අනුව අසම්පූර්ණ අයදුම්පතක් යොමුකිරීම හේතුවෙන් ජයන්තගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප විය යුතු බවයි දෙපාර්ශ්වයම පෙන්වා දෙන්නේ. මෙම හේතුව මුලකර ගනිමින් ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප නොකර ඊට හේතු විමසීම සදහා ජයන්ත ධර්මදාස මහතාට ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙස ක්‍රිකට් නිලවරණ කමිටුව දැනුම් දී තිබෙනවා. එය ලබන 07 වනදා වන විට සිදුකළ යුතු වනවා. සෘජුව නාමයෝජනාව ප්‍රතික්ෂේප නොකර අසම්පූර්ණ අයදුම්පතක් පිලිගැනීම කාගේත් කථාබහට ලක්ව තිබෙනවා. ජයන්ත යනු නවලෝක රෝහලේ හිමිකරුවායි. මෙම සිදුවීමත් සමග සල්ලි දෙයියන්ගේ මල්ලි බව ඇතමුන් කියන්නට පටන්ගෙන තිබෙනවා.
    කෙසේ වෙතත් ජයන්ත ධර්මදාස මහතා ක්‍රීඩා නීතිය උල්ලංඝනය කර නැතැයි ඔප්පු කිරීම සදහා ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ රටේ ඉහළම නීතිඥයෙක් පෙනී සිටිනු ඇතැයි වාර්තා වනවා. එය නිලවරණ කමිටුව පිලිගත්තේ නැතහොත් යලි ක්‍රිකට් නිලවරණයට එරහිව අධිකරණයට ගොස් වාරණයක් ගනු ඇති. එවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියමයට අනුව පෙබරවාරි 09 ට පෙර නිලවරණය පැවැත්වීමට නොහැකිව යනවා.

    No comments