ආබාධ ශ්‍රී ලංකා කණ්ඩායම සොයා එයි
ආබාධ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අසීරු අඩියකට
ඇද දමා තිබෙනවා. පාදයේ ආබාධයකට ලක්ව සිටින ලහිරු කුමාරට දකුණු අප්‍රිකා ක්‍රිකට්
තරග සංචාරයද අහිමිව ගොස් තිබෙනවා. ඕස්ට්‍රේලියාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට්
තරගයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර එක් කඩුල්ලක් දවා ගත්තා.
එහෙත් පන්දු යැවීමේ නිරතව සිටියදී ඔහු පාදයේ ආබාධයකට ලක්වුණා. අනතුරුව ශ්‍රී ලංකා
දෙවන ඉනිමේ පිතිකරණයේ යෙදීමට ඔහු පිටියට පිවිසියේ නැහැ.
මෙම තරගාවලිය අතරතුර ශ්‍රී
ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නකු පාදයේ ආබාධයකට ලක්වුනේ දෙවන වරටයි. පළමුව නුවන්
ප්‍රදීප් පාදයේ ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වුණා. ලහිරු කුමාරට සති 06 ක්
විවේක ගැනීමට සිදුවනු ඇතැයි නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. මේ අනුව ලබන මස 13 වැනිදා
සිට ඩර්බන්හිදී ආරම්භවීමට නියමිත දකුණු අප්‍රිකා ක්‍රිකට් තරග සංචාරයද ලහිරුට
අහිමිවනු ඇති.
මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරද ආබාධයකට ලක්ව සිටින බව
චන්දිමාල් වැඩිදුරටත් කියා සිටියා. එහිදී ඔහු පෙන්වා දුන්නේ ඉදිරියේදී ශ්‍රී ලංකා
කණ්ඩායමට වේග පන්දු යවන්නන් 02 දෙනෙකු අවශ්‍යව ඇති බවයි. මේ අතර ලකුණු අතර සිටි
ඇන්ජලෝ මැතිව්ස් ද නිමාවූ නවසීලන්ත ක්‍රිකට් තරග සංචාරයේදී පාදයේ ආබාධයකට ලක්ව
කණ්ඩායමෙන් ඉවත් වුණා. ආබාධ ශ්‍රී ලංකා කණ්ඩායම සොයා ඒම යලි ආරම්භ කර ඇති ආකාරයක්
දක්නට ලැබෙනවා. පසුගිය වසරේදී කණ්ඩායමේ ක්‍රීඩකයින් 15 කට ආසන්න පිරිසක් විටින්
විට ආබාධයන්ට ලක්ව කණ්ඩායමෙන් ඉවත්වුණා. එය ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාවරභාවයට දැඩි
හානියක් පැනවූ බව නොරහසක්.
No comments