ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අමාරුවේ වැටුනු හැටි
ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන
පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දෙවන දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවී
ලකුණු 17 ක් ලබා සිටිනවා. බ්‍රිස්බෙන්හි පැවැත්වෙන මෙම දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට්
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියළුදෙනා
දැවී ලබාගත හැකිවුනේ ලකුණු 144 ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින්
නිරෝෂන් දික්වැල්ල ලකුණු 64 ක් ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා
කණ්ඩායම සියළුදෙනා දැවී ලකුණු 323 ක් ලබා ගැනීමට සමත්වුණා. එහිදී සුරංග ලක්මාල්
කඩුලු 05 ක් බිද දැමුවා.
මේ අනුව ඉනිමක පරාජයෙන් බේරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම
දෙවන ඉනිමේදී ලකුණු 180 ක් ලබා ගත යුතුයි. එම ඉලක්කය හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දෙවන දිනය නිමාවන විට
එක් කඩුල්ලක් දැවී ලකුණු 17 ක් ලබාගෙන සිටියා. ලකුණු 03 ක් ලබාගෙන සිටි දිමුත්
කරුණාරත්නයි එලෙස ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ. තරගයේ අද තුන්වන දිනයයි.
ක්‍රිකට් විචාරකයින් පවසන්නේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩි වගකීමක් පවතින බවයි. ඒ පිටියේ වැඩි වේලාවක් නොදැවී කඩුල්ලේ රැදී සිටිමින් ලකුණු රැස් කිරීමයි. තරගයේ කාසියේ වාසිය දිනාගත් පසු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් කියා සිටියේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේ ඉතිහාසය වෙනස්කිරීමට බවයි. ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායම එරටදීම පරාජයට පත්කරමින්. ඒ සදහා ශ්‍රී ලංකා පිතිකරුවන් එක් ඉනිමක ලකුණූ 300 සීමාව පසුකිරීම ප්‍රමාණවත් බවයි ඔහු කියා සිටියේ. සිය සැලසුමට ඔහුටද සාදාරණයක් ඉටුකිරීමට හැකිවූයේ නැහැ. ඒ පළමු ඉනිමේදී පිතිකරුවන් 07 දෙනෙකු ලකුණූ 09 සීමාව පසුනොකරම තරග නරඹන්නන් බවට පත්වෙමින්.
No comments