ක්‍රීඩා ගැටළු විසදීමට විශේෂ ඒකකයක්
ක්‍රීඩා අමාත්‍යාංශයේ මහජන දිනය වඩාත් කාර්යක්ෂමව නව මුහුණුවරකින්
පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් තීරණය කර තිබෙනවා. මේ අනුව
ක්‍රීඩා සම්බන්ධ ගැටළු ඉදිරිපත් කිරීම සදහා සෑම බදාදා දිනයකම ක්‍රීඩා අමාත්‍යතුමන්
මුණගැසීමට බලාපොරොත්තු වන ක්‍රීඩා සංගම් / සම්මේලන නිළධාරීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට
තම ගැටළු කඩිනමින් විසදා දීම සදහා නව ක්‍රියා පටිපාටියක් සකස් කර ඇතැයි සදහන්. මෙම
නව ක්‍රමවේදය මගින් විශේෂයෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටළු එම අවස්ථාවේදීම අදාල
අංශ වෙත යොමු කොට එදිනම විසදුම් ලබාදීම මෙහි අරමුණ වනවා. ජනවාරි 16 වෙනි දින සිට විශේෂ ඒකකයක් හරහා ක්‍රියාත්මක
කෙරෙන මෙම වැඩපිළිවෙල අනුව ප්‍රශ්ණ විසදීම කඩිනම් කිරීම සදහා අදාල නිළධාරීන්ට යොමු
කිරීම එම අවස්ථාවේදීම සිදු කිරීමට නියමිතයි.
No comments