මුදලට තරග පාවාදුන් අය ගැන විශේෂ හෙලිදරව්වක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මස 21
වැනිදා පැවැත්වීමට දින නියම කළ බව අප ඔබට ( ඊයේ - 16 ) සියල්ලන්ට පෙර අනාවරණය කළා. එහි සභාපති අපේක්ෂකත්වයට
තිලංග පාර්ශ්වය හා රණතුංග පාර්ශ්වය නියෝජනය කරමින් අපේක්ෂකයින් 04 දෙනෙකු ඉදිරිපත්ව
සිටිනවා. මෙම පාර්ශ්ව දෙකම වෙන වෙනම අද මාධ්‍ය හමු පවත්වමින් ක්‍රිකට් සංවර්ධනය
කිරීමට ඇති සැලසුම් මාධ්‍ය වෙත ඉදිරිපත් කළා. ඒ අතර ආන්දෝලනාත්මකම මාධ්‍ය හමුව බවට
පත්වුනේ ජයන්ත ධර්මදාස මහතාගේ මාධ්‍ය හමුවයි. එහිදී මුදලට තරග පාවාදීම් සදහා ආධාර
අනුබල ලබාදෙමින් කටයුතු කළ අය සමාව දිය නොහැකි වරදක් සිදුකළ
බව හිටපු උප සභාපති ජයන්ත ධර්මදාස මහතා කරුණු සහිතව අනාවරණ කළා. එම මාධ්‍ය හමුවේ
හිටපු සභාපතිවරයාට අභියෝගයක් සිදු කිරීමටද ජයන්ත ධර්මදාස මහතා කටයුතු කළේ මෙලෙසින්.
No comments