ක්‍රීඩා අමාත්‍යාංශයට හොරු පනී - මෙන්න ගෙනිච්ච බඩු සෙට් එක
පසුගිය වසර මෙරට ඉතිහාසයේ වැඩිම ක්‍රීඩා අමාත්‍යවරුන්
සිටි වසර ලෙස ඉතිහාසයට එක්ව තිබෙනවා. වසර ආරම්භ කරන විට දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා
අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. අවතුරුව ඔහුගේ ඉවත්වීමෙන් ෆයිසර් මුස්තෆා මහතා ක්‍රීඩා
අමාත්‍යධූරය භාර ගත්තා. වසර අවසානයේ සිදු වූ බලපෙරලියත් සමගින් හරීන් ප්‍රනාන්දු
මහතාට ක්‍රීඩා අමාත්‍යධූරය ලබා දුන්නා. මෙම පෙරලි අස්සේ ක්‍රීඩා අමාත්‍යාංශයට හොරු
ඇතුළු වී තිබෙනවා. එහි ඇති සෝචනීයම තත්වය වන්නේ හොරු ඇතුළුව ඇත්තේ කවදා කොහෙන්දැයි
නොදැන සිටීමයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ වැදගත් ලියවිලි රැසක් හොරු
ගෙනගොස් තිබෙනවා. එම ලියවිලි පසුගිය කාලයේ වෙන්දේසි වී ඇත්තේ අධික මුදලකට බවයි
වාර්තා වන්නේ. එලෙස අමාත්‍යාංශයෙන් අතුරුදන්ව ඇත්තේ ක්‍රීඩාව නාමයෙන් යැපුණු
කම්බහොරු රැලකගේ පරීක්ෂණ වාර්තා වීම කැපී පෙනෙනවා. ඇතමුන් ක්‍රීඩා සංගම් බලය
අල්ලාගෙන සිටියේ ක්‍රීඩා පනත තබේකට මායිම් නොකරමින්. ඔවුන්ට එරෙහිවූවන්ගෙන් පලි ගැනීම
සාමාන්‍ය තත්වයක් වීම හේතුවෙන් බොහෝ දෙනෙකු මුනිවත හොදයි දෙබසින් ප්‍රශ්න වැඩිවන
හින්දා යැයි පවසමින් නිහඩව සිටියා.
මෙලෙස නිහඩතාව බිදීමෙන් නීතිවිරෝධීව සභාපති
තනතුරේ රැදී සිටි ජාතික පිහිනුම් හා ජල ක්‍රීඩා සංගමයේ සභාපති මහින්ද ලියනගේට තනතුර
අහිව ගියා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශය පැවැත්වූ විදිමත් පරීක්ෂණයකින් අනතුරුවයි. එවකට
ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ෆයිසර් මුස්තෆා මහතායි. කෙසේ වෙතත් මෙම
පරීක්ෂණයේ තොරතුරු ඇතුලත් ලිපිගොනුව ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අතුරුදන්ව තිබෙනවා. ඒ බව
අනාවරණය වූයේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට වර් ථමානයේ පිහිනුම් හා ජල ක්‍රීඩා
සංගමයේ ඇතිවී තිබෙන තත්වය පිලිබද දෙමාපියන් සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ සොයා
බැලීමකදීයි.
වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පිහිනුම්
හා ජලක්‍රීඩා සංගමයේ අතුරුකමිටුව ඉවත්කර නිලවරණය පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඊට හිටපු අමාත්‍යවරයා පරීක්ෂණයකින් පසු ඉවත්කළ මහින්ද ලියනගේ ඉදිරිපත්වීමට
සූදානම් වනවා. ඒ බූතයෙක් ලෙස මෙම සංගමයට ඔහු අරක්ගෙන සිටීම හේතුවෙන්. වාරණයක් හෝ තහනමක් නැති බවින් තමන්ට නිලවරණයට ඉදිරිපත් විය හැකි බව ඔහු පවසන බව වර්ථාවනවා. ඊට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශයේ අතුරුදන් වූ අනෙකුත් දේ පිලිබද තවමත් සොයාගෙන නැහැ.
ක්‍රීඩා අධ්යක්ෂ
ජනරාල්ධූරය හොරෙක්ට ලබාදීමට යන්නාක් මෙන් අමාත්‍යවරයා අනෙකුත් සංගම් තුලටද හොරු
පිසාචයින් හා මංපහරන්නන් ඇතුළුවීමට ඉඩ
හරිනු ඇතැයි සැකයක් මතුව තිබෙනවා. එය සිදුවුවහොත් හොරු රජකරවූ ක්‍රීඩා අමාත්‍යවරයා
බවට හරීන් ප්‍රනාන්දු මහතා පත්වනු ඇති. දොරටුපාලයා රජවීම වැනි ක්‍රියාවක් ක්‍රීඩා
අමාත්‍යාංශයේ අද සිදුව ඇතැයි ඇතමුන් පවසනවා.
No comments