ධනුෂ්ක ගුණතිලක විස්සෙනුත් හැලේ
නවසීලන්තය සමග රාත්රී තරගයක් ලෙස හෙට පැවැත්වීමට
නියමිත පන්දුවාර 20 යි 20 තරගය ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට අහිමි
වී තිබෙනවා. දෙරට අතර පැවති අවසන් එක්දින තරගයේ පන්දු රැකීමේ නිරතව සිටියදී ගුණතිලක
වම්පාදයේ ආබාදයකට ලක්වුණා. මේ අනුව ඔහුට පන්දුවාර 20 යි 20 තරගය අහිමිව යනවා. කෙසේ
වෙතත් නායක ලසිත් මාලිංග පවසන්නේ කණ්ඩායම මෙම තරගයට හොද සූදානමකින් පසුවන බවයි.
කණ්ඩායම් දෙකම තරගය වෙනුවෙන් පුහුණු සැසි සදහා අද එක්ව තිබෙනවා. මෙම තරගය ශ්රී
ලංකා වේලාවෙන් උදෑසන 11.30 ට ආරම්භවීමට නියමිතයි.
නවසීලන්තයේ මේ දිනවල පවතින්නේ අධික ශීත කාලගුණයක්. එය ශ්රී ලංකා කණ්ඩායමට අහිතකර ලෙස බලපානු ඇති. මේ හේතුවෙන් කාසියේ වාසිය ජයගෙන පළමුව පන්දුවට පහරදීම ශ්රී ලංකාවට වාසිදායක වනු ඇති බවයි ක්රිකට් විචාරකයින් පවසන්නේ.

No comments