රෙද්ද අස්සේ අමාත්‍ය හරීන් නයි දා ගනී ?
ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්යක්ෂ
ජනරාල්දූරය යලි හිටපු ක්‍රීඩා අධ්යක්ෂ සමන් බණ්ඩාර මහතාට ලබාදීමට සූදානම් වන වාර්තා වනවා. ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයකු කියා සිටියේ දේශපාලන පලිගැනීමක්
ලෙස අධ්යක්ෂ ජනරාල්දූරයෙන් ඉවත්වීමට සිදුවූ බව පෙන්වීමට ඔහු කටයුතු කිරීම ඊට හේතුව බවයි. සමන් බණ්ඩාර මහතා පත්කිරීම
හා ඉවත්කිරීම සිදුකරනු ලැබුවේ දයාසිරි ජයසේකර මහතායි. සමන් බණ්ඩාර මහතා බදුල්ල දිස්ත්‍රික්කය
නියෝජනය කරනවා. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නියෝජනය කරන්නේද බදුල්ලයි.
ජාතික ඔලිම්පික් කමිටුවේ දූෂණ අක්‍රමිකතා යට
ගැසීමට මුල් වූයේ හිටපු ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා බවට මතයක් පවතිනවා.
ඒ විදෙස් තරගාවලි සංචාර හා එහිදී විශේෂ පහසුකම් ලබාදීම හේතුවෙන් බවයි පැවසෙන්නේ. මෙමගින්
ඔහු විශාල මුදලක් වංචා ලෙස උපයාගෙන ඇතැයිද ඔවුන් පෙන්වා දෙනවා. මෙරට තුල ක්‍රීඩා
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ද මෙලෙසම අක්‍රමිකතා සිදුකර ඇතැයි චෝදනා
එල්ලවනවා. මේ පිලිබද කිසිවක් නොදත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හොරෙක්
යලි ගෙනඒමට සූදානම් වන බවයි ක්‍රීඩා අමාත්‍යාංශයේ පැතිර යන රාවය බවට පත්ව ඇත්තේ. නයි
රෙද්ද අස්සේ දමාගෙන කනවෝ කනවෝ කීමෙන් පලක් නොවන ඇතැයිද ඔවුන් පෙන්වා දෙනවා.
No comments