වසර 27 ක වාර් තාවක් බිදවැටේ - ඉනිමේ කඩුලු 10 ම මාලින්ද දවා ගනී
ප්‍රිමිය ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මොරටුව
ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේ පැවති තරගයේ සැරසන්ස් කණ්ඩායමේ දෙවන ඉනිමේ කඩුලු
10 ම දවා ගැනීමට සී සී සී ක්‍රිකට් ක්‍රීඩා සමාජ කණ්ඩායම නියෝජනය කළ මාලින්ද
පුෂ්පකුමාර සමත්වුණා. මේ අනුව දේශීය ක්‍රිකට් තරග ඉතිහාසයේ ඉනිමක කඩුලු 10 ම දවා
ගත් ක්‍රීඩකයින් අතර හොදම 13 වැනි ක්‍රීඩකයා බවට ඔහු පත්වුණා. 1992 වසරේදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෙම වාර්තාවම පිහිටුවා තිබුනේ කලුතර ක්‍රීඩා සමාජ සමාජයට එරහිවයි. මේ අනුව මාලින්ද පුෂ්පකුමාර
වසර 27 ක් පැරණි වාර්තාවක් මෙලෙස බිද වැටුණා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා සී සී සී කණ්ඩායම
පළමුව පන්දුවට පහරදෙමින් සියළුදෙනා දැවී ලකුණු 238 ක් ලබා ගත්තා. ඊට පිලිතුරු ලෙස සැරසන්ස්
කණ්ඩායමට ලබාගත හැකිවුනේ ලකුණු 169 ක් පමණයි. ඉනිමේ කඩුලු 06 ක් මාලින්ද
පුෂ්පකුමාර දවා ගත්තා. මේ අනුව ලකුණු 69 ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹූ සී
සී සී කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණූ 279 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය
කළා. මේ අනුව සැරසන්ස් කණ්ඩායමට ලකුණු 349 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවුණා. එය හඹායාමට
පිටියට පිවිසි සැරසන්ස් කණ්ඩායමේ එකින් එක කඩුලු ඩැහැ ගැනීමේ කඩුලු දඩයමක මාලින්ද
නිරතවුණා.
ආරම්භක පන්දුවාරයේ සිට පන්දුවාර 18 යි පන්දු 04
ක් යොමුකර ලකුණු 37 ක් ලබා දී කඩුලු 10 ම දවා ගැනීමට මාලින්ද සමත්වුණා. අනෙක්
අන්තයෙන් පන්දු යවන්නන් 04 දෙනෙකු පන්දු යැවීමේ නිරත වුවද ඔවුන්ට කිසිදු කඩුල්ලක්
දවා ගැනීමට මාලින්ද ඉඩ තැබුවේ නැහැ. මේ අනුව සී සී සී කණ්ඩායමට ලකුණු 236 ක ජයග්‍රහණයක්
හිමිවුණා.
ග්රැහැම් ලැබ්රෝයිගේ හිටපු තේරීම් කමිටුව පැවසුවේ
මාලින්ද යනු රංගන හේරත්ගේ අවතාරය බවයි. රංගන ක්‍රිකට් පිටියට සමුදීමෙන් පසු එම තැන
ගැනීමට සිටින්නේ මාලින්ද පුෂ්පකුමාර බව ඔහු මාධ්‍යහමුවේ පැවසුවා. එහෙත් වත්මන් තේරීම්
කමිටුව මාලින්ද කෙරෙහි විශ්වාසය තබා නැහැ. මේ හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන
නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය මාලින්දට අහිමි වුණා. ඊට මාලින්ද කඩුලු දඩයමක නිරත
වෙමින් ප්‍රතිචාර දැක්වීම කැපීපෙනෙනවා.
No comments