• Breaking News

    ඇන්ජලෝ නවසීලන්තයේදී ලැබ්රෝයිට ගහපු හැටි - Video


    නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සදහා තරගයේ හතරවන දිනය නිමාවන විට කඩුලු 03 ක් දැවී ලකුණු 259 ක් ලබා ගැනීමට සමත්වුණා. වෙලින්ටන් හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට නවසීලන්ත කණ්ඩායම තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 282 ක් පමණයි.
    පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ලකුණු 578 ක් ලබා ගත්තා. මේ අනුව ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 296 ක්. එය හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 03 ලකුණු 13 ක් වෙද්දී දැවී ගියා. මේ අනුව ඉනිමක පරාජය තහවුරු වූ ආකාරයක් දක්නට ලැබුණා.
    හතරවන කඩුල්ලට පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් වගකීම් සහගත පිතිකරණයක නිරත වුණා. තරගයේ හතරවන දිනය වූ අද තරගය නිමාවන තුරු කඩුල්ලේ රැදී සිටිමින් ඔවුන් දෙදෙනා වසර 32 ක් පැරණි හතරවන කඩුල්ලේ වාර්තාගත සබදතාව බිද දැමුවා. ඒ හතරවන කඩුල්ල සදහා හොදම දෙවන සබදතාව පිහිටුවමින්. ඔවුන් ගොඩ නැගූ නොබිදි වාර්තාව ලකුණු 246 ක්. ඇන්‍ජලෝ මැතිව්ස් සිය 09 වන ටෙස්ට් ශතකය වාර්තා කරද්දී සිය 06 වන ටෙස්ට් ශතකය ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් සමත්වුණා.

    තරගයේදී ශතකය ලබා ගැනීමෙන් අනතුරුව මැතිව්ස් තම ශරීර යෝග්‍යතාව පවතින බව කියා පෑවේ අපූරු අන්දමින්. ඒ පසුගිය කාලයේ ශරීර යෝග්‍යතාව නොමැති බව පවසමින් ඔහුව කණ්ඩායමෙන් ඉවත්කිරීමට හිටපු තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ප්‍රමුඛ තේරීම් කමිටුව ගත් ක්‍රියාමාර්ගයට පිලිතුරුක් ලෙසයි. මැතිව්ස්ට ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය හා එංගලන්ත තරගාවලිය අහිමි කිරීමට ඔවුන් කටයුතු කළා. එම වීඩියෝව පහතින්. ඉවත්කිරීමට පෙර බලන්න.


    No comments