එෂාන් පීරිස් කාර්ටින් පිටිය හොල්ලයි - Video
බ‍්‍රසීලයේ පැවති ජාත්‍යන්තර රොටැක්ස්
කාර්ටින් ශූරතාවලියේ විසිඑක් වැනි ස්ථානය දිනා ගැනීමට ශ‍්‍රී ලාංකීය
ධාවනශූර එෂාන් පීරිස් සමත්වුණා. මෙතෙක් ශ‍්‍රී ලාංකික කාර්ටින් ධාවන
ශූරයකු ලැබූ ඉහළම ජයග‍්‍රහණය ලෙස මෙය වාර්තා වෙනවා. ආසියානු කාර්ටින් ශූරතාව
දිනා ගැනීමට ද එෂාන් පීරිස් පසුගිය දා සමත්වුණා. බ‍්‍රසීලයේ පැල්ඩිනෝ ජාත්‍යන්තර
ධාවන පථයේ දී ජාත්‍යන්තර කාර්ටින් ශූරතාවලිය පැවැත්වුණා. රටවල් පනස්පහක
ජාතික ශූරයින් හැත්තෑ දෙදෙනෙකු මෙහි දී තරඟ වැදුණා. ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප‍්‍රංශය
ඇතුළු ලෝකයේ ප‍්‍රධාන පෙළේ රටවල ජාතික ශූරයින් මෙම තරඟාවලිය නියෝජනය කළා. වයස
අවුරුදු විස්සක් වන එෂාන් මෙම තරඟාවලිය නියෝජනය කළ ලාබාලත ම තරඟකරුවායි. ලෝකයේ ප‍්‍රමුඛ
පෙළේ තරඟකරුවන් අභිබවා ඔහු විසිඑක් වැනි ස්ථානය දිනා ගත්තා. ශ‍්‍රී ලාංකිකයකු කාර්ටින් ශූරතාවයක දී
දැක් වූ ඉහළ ම දක්‍ෂතාවය මෙයයි. ජාත්‍යන්තර කාර්ටින් ශූරාතවලියට සුදුසුකම් ලබනුයේ
වර්ෂය පුරා දක්වන දක්‍ෂතා පදනම් කරගෙනයි. මැලේසියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය
ලබන එෂාන් පීරිස් අනාගතයේ දී ෆෝර්මියුලා තරඟවලට එක්ව ශ‍්‍රී ලංකාවට ජයගෙන ඒමට
අපේක්‍ෂා කරනවා. ඔහු කොළඹ ශාන්ත තෝමස්
විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක්. මෙම තරගයේ වීඩියෝව පහතින්.
No comments