• Breaking News

    තිලංගව එලියට දැමූ SLC මෙහෙයුම


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි 07 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා නාමයෝජනා භාර ගැනීම අද අවසන් වුණා. සභාපති අපේක්ෂකත්වයට හතරදෙනෙකු නාමයෝජනා භාර දී තිබෙනවා. ඉන් දෙදෙනෙක් තිලංග සුමතිපාල පාර් ශ්වය නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටිනවා. ඒ කුමහෝ හේතුවකට එක් නාමයෝජනාවක් ප්‍රතික්ෂේප වූ විට අනෙක් පුද්ගලයාට අවස්ථාව පැවතීම හේතුවෙන්. මෙලෙස නාමයෝජනා ඉදිරිපත් කර ඇත්තේ මොහාන් ද සිල්වා හා ශම්මි සිල්වායි. හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා මෙවර ඉදිරිපත්වන්නේ නැහැ.
    ඔවුන් සමගින් තරගයට පොදු අපේක්ෂකයකු ලෙස කේ මතිවානන් මහතා ඉදිරිපත්ව සිටිනවා. ඔහු සමග එක්ව ලේකම් තනතුර සදහා නිෂාන්ත රණතුංග මහතා තරග වැදීමට නියමිතයි. ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජයන්ත ධර් මදාස මහතා ඉදිරිපත්ව සිටිනවා.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති අපේක්ෂකත්වයට තිලංග සුමතිපාල මහතා ඉදිරිපත්වීම වාරණය කරණ ලෙස ඉල්ලූ නඩුවක් මේ වන අධිකරණයේ විභාග වනවා. එමගින් පෙන්වා ඇත්තේ  සූදු ව්‍යාපාරයට සම්බන්ධයක් පැවතීම හේතුවෙන් ක්‍රිකට් ආයතනයේ සභාපති අපේක්ෂකත්වය නුසුදුසු බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස පසුගිය කාලයේ ඔහු කටයුතු කළා. එම කාලය තුල ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරින් දූෂිතම රට බවට පත්වූයේ මුදලට තරග පාවාදීම් ඉහවහා යාම හේතුවෙන්. සනත් ජයසූරිය ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට චෝදනා එල්ලවූයේ මේ යටතේයි. 2014 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකාව මේ වන විට 09 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. ඒ ඇෆ්ගනිස්ථානයටද පසුපසින් සිටිමින්. එක්දින හා ටෙස්ට් ක්‍රිකට් පිටියේදීද ශ්‍රී ලංකාවට ඇති හොදක් නැහැ.
    ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා භාරදුන් පිරිස මෙලෙස අප කැමරා කාචයේ සටහන් වුණා. 

    No comments