SLC රෙදි නැතුව තිලංගට කඩේ ගිය හැටි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය 2019 වසරේ
වසරේ පෙබරවාරි 07 වැනිදා පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇති බව පළමුවරට
අනාවරණය කළේ Lanka Sports
News අප බව
අමුතුවෙන් කිව යුතු නැහැ. අනතුරුව නාමයෝජනා භාර ගැනීමේ සිට නිලවරණය පවත්වන ආකාරය
හා දින අප සියල්ලන්ට පෙර නිවරදිව අනාවරණය කළා. එසේම නාමයෝජනා භාර ගන්නා අවසන් දිනය
කල් දමන බව හා අවසන් දිනය ලබන 21 වැනිදා බවත් අප වාර් තා කළා. ඊට අදාල සාකච්ජාවත්
ඊයේ ඊයේ දිනයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති බවත් අප අනාවරණය කළා. ඒ පිලිබද නිලවරණ
කමිටුවට ඉල්ලීමක් හෙට ( 14 ) ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා සිදුකරනු ඇති.
එසේ තිබියදී මෙම කිසිවක් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනය මාධ්‍ය දැනුවත් කිරීම සදහා කටයුතු කළේ නැහැ. අඩුම තරමින් ක්‍රිකට් නිලවරණය
පැවැත්වෙන දිනය හෝ නිවේදනය කිරීමට ඔවුන් කටයුතු කළේ නැහැ. එහෙත් නින්දෙන් නිගිට්ටාක්
මෙන් නිලවරණ කමිටුවේ විවේදනයක් මාධ්‍යවෙත යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය
අංශය අද සවස කටයුතු කළා. ඒ නිලවරණය සදහා නාමයෝජනා භාර ගන්නා දිනය කල් දමා ඇති බවට
පළවන වාර් තා පදනම් විරහිත බව පවසමින්. මීට පෙර කිසිදු අවස්ථාවක නිලවරණ කමිටුව
කිසිදු දැනුම්දීමක් සිදු නොකර තිබියදී හිටි හැටියේ මෙම කටයුත්ත සිදුකර ඇත්තේ හිටපු
සභාපති තිලංග සුමතිපාල මහතාගේ අවශ්‍යතාවක් ඉටුකිරීමටදැයි සැකයක් මතුව තිබෙනවා.
හිටපු සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ලොව දූෂිතම
ක්‍රිකට් ක්‍රීඩාකරන රට බවට පත්කිරීමේ නියමුවා බවට පත්වුණා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට්
කවුන්සිලය දූෂිතම රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුනේ පසුවන බව නිවේදනය කිරීමත් සමගයි.
ඔහු ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලැබීමට තනතුරු නිර් මාණය කරමින් ගෙන ආ පිරිස මේ වන
විට සිය හාම්පුතා වෙනුවෙන් කඩේ යාම ආරම්භ කර අවසන්.
කෙසේ වෙතත් ඔවුන් මාධ්‍ය නිවේදන නිකුත් කරද්දී ක්‍රීඩා
අමාත්‍යාංශය එම නිවේදනය තරයේ ප්‍රතික්ෂේප කිරීම කැපීපෙනෙනවා. ක්‍රීඩා අධ්‍යක්ෂ
ජනරාල් ධම්මික මුතුගල මහතා දිගින් දිගටම මාධ්‍යවෙත ප්‍රකාශ කර ඇත්තේ ක්‍රිකට්
නිලවරණය සදහා නාමයෝජනා භාර ගන්නා අවසන් දිනය ලබන 21 බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන
බවයි. මේ අනුව ක්‍රිකට් මාධ්‍ය ඒකකය තිලංගට කඩේ යන්නේ රෙදි ඇතුවදැයි සැකයක්
මතුවනවා.
පෙර ලිපි
No comments