• Breaking News

    නවසීලන්තයේදී ඉනිමක පරාජයක් අභියස


    සංචාරක ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය තරගයේ දෙවන දිනය නිමාවන විට කඩුලු 02 ක් දැවී ලකුණු 311 ක් ලබා ගැනීමට සමත්වුණා. වෙලින්ටන් හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට නවසීලන්තය ශ්‍රී ලංකාවට ආරාධනා කළා. මේ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියළුදෙනා දැවී පළමු ඉනිමට ලබා ගත හැකිවුනේ ලකුණු 282 ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමේ පිතිකරුවන් හත් දෙනෙකුට ලකුණු 03 සීමාව පසුකිරීමට හැකිවූයේ නැහැ. දිමුත් කරුණාරත්න ලකුණු 79 ක් / ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 83 ක් / නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 80 ක් හා දිල්රුවන් පෙරේරා ලකුණු 16 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ටිම් සවුති කඩුලු 06 ක් දවා ගත්තා.
    පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක නිරතවෙමින් සිටිනවා. ආරම්භක පිතිකරු ටොම් ලෙතම් නොදැවී ලකුණු 121 ක් ලබා සිටිනවා. නායක කෙන් විලියම්සන් ලකුණු 91 ක් ලබා ගත්තා. රොස් ටේලර් නොදැවී ලකුණු 50 ක් මේ වන විට ඉනිමට එක්කර තිබෙනවා. පන්දු යැවීමේදී ලහිරු කුමාර හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවා ගත්තා. පන්දු යවන්නන් හය දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් යොදා ගැනීම කැපී පෙනෙනවා. ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා නවසීලන්තය මේ වන විට කඩුලු 08 ක් අතැතිව ලකුණු 29 ක් ලබා සිටිනවා.
    මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවැනි තත්වයක් ඇතිවූයේ වේග පන්දු යවන්නන්ට නිසිලෙස පන්දුව පාලනය කිරීමට නොහැකිවීමයි. නවසීලන්තයේදී ලැබෙන මෙම අත්දැකීම් එළබෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇති.

    No comments