• Breaking News

    ක්‍රීඩා අරමුදලට විදලා


    ක්‍රීඩා අමාත්‍යාංශය අමාත්‍ය ෆයිසර් මුස්කෆා මහතා යටතට පත්කරනු ලැබුවේ දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා අමාත්‍යධූරයට පයින් ගසා ස්වාධීන වීමට ගත් තීරණයත් සමගයි. දයාසිරි යටතේ මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාව වැඩිම පදක්කම් සංඛ්‍යාව දිනා ගත්තා. තරගාවලිය නිමාවන විට දයාසිරි අමාත්‍යධූරයෙන් ඉවත්වී අවසන්. දයාසිරි එලෙස ඉවත්වී මාස 03 කට පසු පැවති ආසියා ක්‍රීඩා උළලේදී එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුලු ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු පදක්කමක් දිනා ගැනීමට හැකිවූයේ නැහැ.
    මේ අතර ක්‍රීඩා අමාත්‍යධූරයට පත්වූ ෆයිසර් මුස්තෆා මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ජන්දදායකයින් සදහා නොමසුරුව ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම සිදු කළා. ක්‍රිකට් තරග නැරඹීමට නොමිලේ ප්‍රවේශ පත්‍ර ලබාදෙමින් ජන්දදායකයින් පිනවූවා. මෙලෙස කොළඹ දිස්ත්‍රික්කයට සිදුකළ මෙහෙය හේතුවෙන් ක්‍රීඩා අරමුදල මේ වන විට හිදී ගොස් තිබෙනවා. ක්‍රීඩා අරමුදලට මුදල් ලැබෙන්නේ ලොතරැයි මණ්ඩලයෙන්. එම මුදල්ද මේ වන විට හිමි නොවන තත්වයක් මතුව ඇතැයි සදහන්. මේ හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සංචිත ගතව පුහුණුවීම් සිදුකිරීමට නොහැකි වී තිබෙනවා. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වියදම් කිරීමට සත පහක් ක්‍රීඩා අරමුදලේ නොවීම හේතුවෙන් බව සදහන්. 
    කවුරුත් වැරදිකරු නොවී ක්‍රීඩා අරමුදල මේ වන විට බංකොලොත් වී තිබෙනවා.

    No comments