• Breaking News

    හත් හැවිරිදි හදවත් රෝගී ආචි දැන් කියන දේ


    ඉන්දීය කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙය වීමේ සම වගකීම දරුණු හෘද රෝගයකින් පෙලෙන ආචි ශිලර් ට ලබාදීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම කටයුතු කළා. ඒ නිත්‍ය නායක ටිම් පෙයින් සමග එක්වයි. ආචි 07 වන වියේ පසුවනවා. මාස 06 සිට ශල්‍යකර් ම කිහිපයකටම ලක්කර ඇති ආචිට ඇත්තේ දුර් ලභ රෝගයක්. මෙම රෝගීන් කොතෙක් දිනක් ජීවත් වනු ඇත්දැයි වෛද්‍යවරුන්ට පවා කිව නොහැකියි. ඒ ඔවුන්ගේ ජීවිත කාලය කෙටිවීම හේතුවෙන්.
    ආචිගේ සිහිනය වූයේ කවදා හෝ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමයි. ඉන් ඔබ්බට ගොස් එම බලාපොරොත්තුව ඉටු කිරීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කළේ එරට ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ගේ ඉල්ලීමකට අනුවයි.
    ආචිගේ බලාපොරොත්තුව වී ඇත්තේ ඉන්දීය නායක විරාත් කෝලිගේ කඩුල්ල දවා ගැනීමයි. පිට දග පන්දු යවන්නකු ලෙස පන්දු යොමු කරන හත් හැවිරිදි ආචි ඊට පසුගිය සිතිය පුරාම ඔස්ට්‍රේලියා කණ්ඩායම සමගින් පුහුණුවී තිබෙනවා. ඔහුට වෙනම ඇදුමක් හා උපකරණ ලබාදීමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ.
    දරුවකුගේ අවසන් කැමැත්තට රටවල් දෙකක් මෙලෙස කටයුතු කිරීම අගය කළ යුතුයි. ආචිගේ ජීවිතය තවත් සති කිහිපයක් වුවත් එය බලාපොත්තු ඉටුවූ ලොවක් කථාකළ කාලයක් වනු ඇති. මුදලට තරග පාවාදෙන ක්‍රීඩකයින් හා පාලකයින් සිටින ශ්‍රී ලංකාවය මෙය වෙනස්ම අත්දැකීමක් බවට මේ වන විට පත්ව අවසන්.
    ආචිගේ සම නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියා කණ්ඩායම මේ දිනවල ඉන්දියාව සමගින් ක්‍රීඩා කරන්නේ බොක්සිං දින ටෙස්ට් ක්‍රිකට් තරගය සදහායි. නායකත්වය ලබාදීම හා ඉන් පසුව ඇතිවූ තත්වයන් සමග ආචි ලෝකයේ වැඩිම කථාබහට ලක්වන පුද්ගලයා වී තිබෙනවා. ඒ පිලිබද ඔහු මෙලෙස අදහස් පළකලා.

    No comments