• Breaking News

    අනුන්ට කැපූ වලේ වැටීම


    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ වැඩි වාසි මේ වන විට දිනා සිටින්නේ නවසීලන්ත කණ්ඩායමයි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය තමන් වෙත පෙරලා ගැනීමට හැකි බව පෙනී යනවා. ක්‍රයිස්චර් ච් හි පැවැත්වෙන තරගයේ තණතීරුව තණකොල සහිතව නිර් මාණය කර තිබෙනවා. එය වේග පන්දු යවන්නන්ට පරාදීසයක් බවට පළමු දිනා දෙක පත්වුනේ මෙම තත්වයත් සමගයි. එමෙන්ම පළමු දිනයේ පින්න සහිත තත්වය හේතුවෙන් තණතීරුවේ ක්‍රීම් වැනි ස්වභාවයක් තිබුණා.
    මෙම තරගයේ කාසියේ වාසිය සැබවින්ම වාසියක් බවට පත්වූ ආකාරය දක්නට ලැබුණා. ඒ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට දිනේෂ් චන්දිමාල් තීරණය කිරීමත් සමගයි. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට ලබා ගත හැකිවුනේ ලකුණු 178 ක් පමණයි. සුරංග ලක්මාල් සිය හොදම ටෙස්ට් පන්දු යැවීම සටහන් කර ගනිමින් මෙම තරගයේදී කඩුලු 05 ක් දවා ගත්තේ ලකුණු 54 කටයි.
    පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට ලබාගත හැකිවුනේ ලකුණු 104 ක් පමණයි. මේ අනුව ලකුණු 74 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ නවසීලන්ත කණ්ඩායමට ඉදිරිපෙළ පිතිකරුවන් වගකීමෙන් ක්‍රීඩා කරමින් ඉනිම ගොඩ නංවන ආකාරයක් දක්නට ලැබෙනවා. තරගයේ පළමු දිනයේ දක්නට ලැබුණු දෝලනය මේ වන විට දක්නට ලැබෙන්නේ නැහැ. හෙට දිනයේ උදෑසන වරුවේ තණතීරුවේ වාසිය ලබා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට හැකිවුවහොත් එය තරගයේ තීරණයට සෘජුව බලපානු ඇති. නවසීලන්තය මේ වන විට කඩුලු 08 ක් අතැතිව ලකුණු 305 ක් ඉදිරියෙනුයි සිටින්නේ. තරගයේ තුන්වන දිනයේ දිවා ආහාරයට පෙර නවසීලන්ත ඉන්ම අවසන් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලැස්ම වී ඇතැයි සදහන්.

    No comments