• Breaking News

    බන්දුලගේ ගැරිල්ල - බඩුත් එක්ක මෙන්න හොරු


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්දයාගේ නිධානය බවට පිරිසක් පත්කරගෙන ඇති බව අප අනාවරණ කළේ වරක් දෙවරක් නොවේ. පසුගිය තිලංග සුමතිපාල පාලනය තුල ක්‍රිකට් ආයතනය හිත මිතුරු සේවනයට යෙදවූ ගණිකාවක් මෙන් වුණා. ක්‍රිකට් ආයතනය තරග විකාශන කටයුතු ජංගම දුරකථනට ලබාදීම සදහා මෘදුකාංගයක් නිර්මාණය කළා. ඒ 2014 වසරේදීයි. මෙම මෘදුකාංගය ගණිකා වෘත්තියේ යෙදවීම ආරම්භ කළේ ක්‍රිකට් ආයතනයේ මුදල් කාබාසිනියා කර දමමින්.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මෘදුකාංගය වෙනුවෙන් වෙබ් රේඩියෝ අංශයක් ආරම්භ කළා. බන්දුල සමන් වතුරේගම එහි ප්‍රධානියා බවට පත්වුණා. එතැන්සිට ආදායමක් නොමැති මෙම කටයුත්ත වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වැයකිරීම ආරම්භ වුණා. ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවති ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මෙම වෙබ් රේඩියෝවට ක්‍රිකට් ආයතනය රුපියල් හැත්තෑදෙලක්ෂ අසූ පන්දහස් එකසිය සහසයක (7,285,116)  මුදලක් වැය කර තිබෙනවා. මෙම තරගාවලියේ නිවේදන කටයුතු සදහා ලෙඩ ඇදේ සිටින ප්‍රේමසර ඈපාසිංහ මුදල් ලබාගෙන ඇතැයි දක්වා තිබෙනවා. වාර්තාවන ආකාරයට එවැන්නක් ඔහු සිදුකර නැහැ. මේ අතර බන්දුල සමන් වතුරේගම නිෂ්පාදක ලෙස රුපියල් 50 000 ක මුදලක් ලබාගෙන තිබෙනවා. එන් සූරියාරච්චි නැමැත්තෙක් සදහා රුපියල් 8 ලක්ෂ 94 දහසක් ගෙවූ බව සදහන්. මේ අතර මාධ්‍යවේදීන් දෙදෙනෙකු වෙනුවෙන් 6 ලක්ෂ 64 දහසක් හා විස්තර විචාරකයින් දෙදෙනෙකුට තවත් රුපියල් 2 ලක්ෂ 41 දහසක් වැයකර තිබෙනවා. මෙම මාධ්‍යවේදීන් කවුරුන්දැයි දක්වා නැහැ. එමෙන්ම නම සදහන් නොකළ විස්තර විචාරකයින් දෙදෙනා කවුදැයි ඇත්තේ ප්‍රශ්නයක්. මෙලෙස ව්‍යාජ තොරතුරු සපයමින් වෙබ් රේඩියෝව නමින් මුදල් ගැරිල්ලක් සිදුව තිබෙනවා.
    නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති මෙම මහා මූල්‍ය දූෂණ රට හමුවේ අනාවරණය කිරීම සදහා පියරව ගනු ඇතැයි රටම බලා සිටිනවා. මේ සිදුවූ එක් මූල්‍ය දූෂණයක තොරතුරු පමණයි. ඉදිරියේදී තවත් තොරතුරු බලාපොරොත්තුවන්න.



    No comments