• Breaking News

    ක්‍රිකට් නිලවරණය හොර පාරෙන්



    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි 07 වැනිදා පවත්වන බව ක්‍රීඩා අමාත්‍යාංශය අද නිවේදනය කළා. කෙසේ වෙතත් නිලවරණය පැවැත්වීමට සූදානම් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් මාර්ගෝපදේශයට පිටින් වීම කැපී පෙනෙනවා. ඒ ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සිටියදී වීම කැපීපෙනෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කළ මාර්ගෝපදේශයට අනුව ක්‍රිකට් නිලවරණය ප්‍රකාශයට පත්කළ දින සිට දින 14 ක් නාමයෝජනා ලබාදීමට ලබාදිය යුතු වනවා. නිලවරණය අද ප්‍රකාශයට පත්කළ අතර මාර්ගෝපදේශයට අනුව නාමයෝජනා භාරගැනීමේ අවසන් දිනය ලබන 20 වැනිදා විය යුතුයි. එහෙත් නාමයෝජනා භාරගැනීම ලබන 14 හා 17 යන දෙදින පමණක් සිදුකරන බවයි නිලවරණ කමිටුව ක්‍රීඩා සමාජ වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ. එම නාමයෝජනා විවෘත කිරීම ලබන 17 වැනිදා සවස 04 ට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී සිදුකරන බව සදහන්.
    එම නාමයෝජනා සදහා විරෝධතා භාර ගැනීම ලබන ජනවාරි 01 වැනිදා හා 02 නදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා. අනතුරුව නිලවරණය සදහා ඉදිරිපත්වීමට සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් පිලිබද ප්‍රකාශයට පත්කිරීම ලබන ජනවාරි 14 වැනිදා සිදුකරන බව සදහන්. නිලවරණයේ ජන්ද හිමි ක්‍රීඩා සමාජ ජන්දය භාවිත කරන පුද්ගලයින් ජනවාරි 21 වැනිදාට පෙර සිදුකළ යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි 07 වැනිදා සිදුකරන බව අප ඊයේ අනාවරණ කළා. එම අනාවැකිය නිවරදි බව අද තහවුරු වුණා. ඒ අප වෙබ් අඩවියේ නිරවදි බව යලි තහවුරු කරමින්.
    පෙර ලිපිය


    No comments