• Breaking News

    පාකිස්ථානය එපාවූ පන්දු රැකීමේ පුහුණුකරු ලංකාවට


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ඉවත්කර ඕස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් රික්සන් පත්කර තිබෙනවා. ටෙස්ට් ක්‍රිකට් තරග 13 කට හා එක්දින තරග 06 කට ක්‍රීඩා කර ඇති ඔහු 65 වන වියේ පසුවනවා. රික්සන් නවසීලන්ත ක්‍රිකට් තරගාවලියට පෙර ජාතික කණ්ඩායම හා එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා. ඒ ලබන 25 වැනිදායි. 2019 ක්‍රිකට් ලෝක කුසලානය නිමාවන තුරු රික්සන් ජාතික කණ්ඩායම හා කටයුතු කිරීමට ගිවිසුම් ගතව තිබෙනවා. එක්සන් පාකිස්ථාන පන්දු රැකීමේ පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කළා. මෙම වසරේ ජූනි මාසයේදී ඔහු ඉන් ඉවත්වුනේ පාකිස්ථාන ක්‍රිකට් ආයතනය සමග කටයුතු කිරීම අපහසු බව පවසමින්. ඒ වන විට ඔහු වසර 02 ක් පාකිස්ථාන පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබුණා.
    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෙතෙක් කල් පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ මනෝජ් අබේවික්‍රමයි. ශ්‍රී ලංකා සංවර් ධන කණ්ඩායම සමගින් ඔහු ඉදිරියේදී කටයුතු කරනු ඇති. ඉහළ දක්ෂතා කළමණාකරණ ඒකකයට ඔහුව මාරුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මෙලෙස පුහුණුකරුට ස්ථාන මාරුවක් ලැබී ඇත්තේ ප්‍රධාන පුහුුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඔහුගේ සේවය පිලිබද ප්‍රසාදයකට ලක්නොවීම හේතුවෙන්. හතුරුසිංහ වැඩි රුචිකත්වයක් දක්වන්නේ ඕස්ට්‍රේලියා සම්බවයක් සහිත පුහුණුකරුවන්ටයි. මානසික වෛද්‍ය පුහුණුකරු ඕස්ට්‍රේලියා ජාතික ෆිල් ජොන්සිගේ සේවය ලබාගත්තේ ද ඒ යටතේයි.

    No comments