• Breaking News

    ආසියා ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව ඉල්ලූ දේ


    2020 ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය මෙවර හිමිව ඇත්තේ පාකිස්ථානයටයි. පසුගියදා බංග්ලාදේශයේ පැවති ආසියා ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී එම සත්කාරකත්වය තහවුරු වී තිබෙනවා. 2020 සැප්තැම්බර් මාසයේ මෙම තරගාවලියේ සියළු තරග පාකිස්ථානයේ පැවැත්වීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය යෝජනා කර තිබෙනවා. එහෙත් ඉන්දියාව ඊට කැමැත්තක් දක්වා නැහැ.
    2009 වසරේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයෙන් පසු කිසිදු රටක් පාකිස්ථානයේ සංචාරය කරන්නේ නැහැ. එහෙත් ඊට විරාමයක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායම පසුගියදා පාකිස්ථානයේ සංචාරය කළා. එම තරගාවලි ගෙනහැර දක්වමින් පාකිස්ථානය පෙන්වා දී ඇත්තේ එරට තුල ආරක්ෂාකාරී තත්වයක් මේ වන විට ඇතිව අවසන් බවයි. මෙම තත්වය සැලකිල්ලට ගනිමින් ආසියා කුසලානය පාකිස්ථානයේදී පැවැත්විමට අවසර ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත් 2020 ආසියා කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජයේ පැවැත්වීමට ඇති හැකියාව ඉන්දියාව පෙන්වා දී තිබෙනවා. ඒ මේ වන විටත් පාකිස්ථානය සත්කාරකත්වය දක්වන බොහෝ තරගාවලි අරාබියේදී පැවැත්වීම හේතුවෙන්.
    ආසියා ක්‍රිකට් කවුන්සිල රැස්වීමට ශ්‍රී ලංකාවෙන් එක්වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා කමල් පද්මසිරි හා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ඈෂ්ලි ද සිල්වායි. ඔවුන් දෙදෙනා යලි දිවයිනට පැමිණියද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම රැස්වීමේදී කිසිවක් සාකච්ජා කළ බවක් නිවේදනය කර නැහැ. ඒ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිවක් ඔවුන් ඉදිරිපත් නොකිරීම හේතුවෙන්. මෙරට ක්‍රිකට් දියුණු කිරීමට මෙවැනි සාකච්ජා යොදා ගත හැකියි. ලබන වසරේදීත් නිදහස් කුසලානය මෙරටදී පැවැත්වීමට සාකච්ජා කිරීමට තිබූ අනගි අවස්ථාවක් මෙලෙස ගිලිහී ගිය. ඒ අති දූර් වල පිතිකරුවන් දෙදෙනෙකු කඩුල්ලට යැවීමට වැනි ක්‍රියාවක්. එමෙන්ම අකිල ධංජයට පන්දුව දමාගැසීමේ චෝදනාවෙන් නිදහස් කර ගැනීමට ඉන්දියාවෙන් තාක්ෂණික දැණුම ලබා ගැනීමට සාකච්ජා කිරීමට තිබුණා. ඒ කිසිවක් සිදු නොවීම කණගාටුවට කරුණ. සංචාරක කුරුල්ලන් දෙදෙනෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් දෙදෙනා රට සවාරි ගසද්දී මෙරට ක්‍රීඩාවට අභසරණයි.

    No comments