• Breaking News

    මැතිව්ස්ට අමාරුයි - ක්‍රිකට් මාධ්‍ය ඒකකය නිදි


    නවසීලන්තය සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිමේ ලකුණු 22 ක් ලබා සිටියදී ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වුණා. වම් පාදයේ කලවා ප්‍රදේශයේ මෙම ආබාධය පවතින බව නායක දිනේෂ් චන්දිමාල් අද (30) පැවසුවා. මැතිව්ස්ගේ පාදය ස්කෑන් පරීක්ෂාවකට ඊයේ (29) ලක්කර තිබෙනවා. එහිදී වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ සති 04 ක කාලයක් විවේක ගන්නා ලෙසයි. මේ අනුව නවසීලන්ත එක්දින තරගාවලිය මෙන්ම එළඹෙන ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියද ඔහුට අහිමි වනු ඇති. එහෙත් නවසීලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගාවලියේ දෙවන ඉනිමේදී ශතකයක් වාර්තා කළ පසු මැතිව්ස් ඩිෆ් 10 ක් ගසා ලොවට පෙන්වූයේ තමන්ට ශරීර යෝග්‍යතාව ඇති බවයි. ඒ පසුගිය ක්‍රිකට් තේරීම් කමිටුව ශරීර යෝග්‍යතාව නොමැති බව පවසමින් මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත්කිරීමට පිලිතුරු ලෙසයි.
    ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වුවද ඔහුට සිදුවූයේ කුමක්දැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලක්ෂ 03 ක් හා 2.5 ක මාසික වැටුපක් ලබන කළමණාකරුවන් දෙදෙනා දැන සිටියේ නැහැ. ආබාධය හේතුවෙන් ඔහු තරගයෙන් ඉවත්වූ අතර එය ස්කෑන් පරීක්ෂණයකට ලක්කර තිබුනේද ඊයේ දිනයේදීයි. එහෙත් අද ( 30 ) රාත්‍රීය වනතුරුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ලොක්කන් දෙදෙනා නින්දක පසුවූවා. මේ හේතුවෙන් කිසිවක් නිල වශයෙන් මාධ්‍යට නිකුත් කෙරුනේ නැහැ. ක්‍රිකට් වෙබ් අඩවියක් නායක දිනේෂ් චන්දිමාල් උපුටා දක්වමින් මැතිව්ස්ගේ තත්වය විස්තර කර තිබුණා. එම වාර්තාවත් සමගිනුයි මෙම මාධ්‍ය ඒකක ලොක්කන් දෙදෙනා ඇහිරී ඇත්තේ. එම වෙබ් අඩවිය වාර්තා කර විනාඩි 45 කට පසු පේලි දෙකක මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ලොක්කෙක් කටයුතු කර තිබුනේ. එම නිවේදනය නිකුත් කර ඇත්තේද වෙබ් අඩවියේ වාර්තාව පදනම් කර ගනිමින් බව පෙනී යනවා. ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ කිසිදු විස්තරයක් නැහැ.
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තොරතුරු මෙලෙස මාධ්‍යට නිකුත් නොකරන වැටුප් ලබා ගැනීම පමණක් සිදු කරන මාධ්‍ය ඒකක ප්‍රධානීන්ගේ අවශ්‍යතාව කුමක්දැයි ඇත්තේ ගැටළුවක්. මෙම තරගාවලිය ආවරණය කිරීමට ශ්‍රී ලංකාවේ කිසිදු විද්‍යුත් නාලිකාවක් කටයුතු කරන්නේ නැහැ. එවන් තත්වයක් තුල එරට පැවැත්වෙන මාධ්‍යහමු තොරතුරු හා වීඩියෝ පට මෙටර මාධ්‍යට නිකුත් කිරීමේ වගකීම ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටයි. ඒ නවසීලන්තයේ සිදුවන දේ මෙරට ක්‍රිකට් ලෝලීන්ට දැනුවත් වීමට කිසිදු ක්‍රමයක් නොවීම හේතුවෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2014 වසරේදී මෘදුකාංගයක් නිර්මාණය කිරීමේ අරමුණ වූයේ මෙවැනි තත්වයන් තුලදී ප්‍රයෝජනයට ගැනීම සදහායි. එහෙත් හිටපු සභාපති තිලංග සුමතිපාල පාලන කාලය තුල සිදුවූයේ එය හිතවතුන් සිනසීමේ මගඩියක පැටලවීම පමණයි. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අවධානය යොමු කරමින් නිවරදි කළ යුත්තේ මෙවැනි මුදල් අවභාවිත වන ක්‍රිකට් පරිපාලනයේ තැන් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
    පෙර ලිපිය

    No comments