කොලේ වසා ගහන්න යන ක්‍රිකට් නිලවරණය - සාක්ෂි සහිත අනාවරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන
වසරේ පෙබරවාරි 07 වැනිදා පැවැත්වීමට මේ වන විට දින නියමකර අවසන්. ඒ සදහා නාමයෝජනා
භාර ගැනීම අද ආරම්භ වුණා. නාමයෝජනා භාර ගැනීමේ දිනය ලබන 17 වැනිදායින් අවසන් වනවා.
කෙසේ වෙතත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා කියා සිටියේ එම දිනය දින
නියමයක් නැතිව කල් දැමීමට පියවර ගන්නා බවයි. නිලවරණ කමිටුව ඒ සදහා මීට පෙර එකගතාව
පළකළා. කෙසේ වෙතත් ක්‍රීඩා සංවර් ධන දෙපාර් තමේන්තුවේදී අද පැවති සාකච්ජාවකදී
නිලවරණ කමිටුව එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ නිලවරණ දිනයට හානියක් නොවන ලෙස ලබන 21
දක්වා කල්දැමිය හැකි බවට වූ එකගතාව බිද දමමින්. මෙලෙස නිලවරණ කමිටුව කටයුතු කිරීමට
හේතුවී ඇත්තේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ බලපෑම බවට මතයක් පවතිනවා. ඔහුට
අවශ්‍යව ඇත්තේ විරුද්ධ පාර් ශ්වය එකාබද්ධව පොදු අපේක්ෂකයකු සමග පොදු සන්ධානයකින් ඉදිරිපත්වීම
වැලැක්වීමයි.
මේ අතර ක්‍රිකට් නිලවරණ නාමයෝජනා පත්‍ර සකස්කිරීමේදී
ද අඩුපාඩු රැසක් සිදුකර තිබෙනවා. නිලවරණයේ විනිසුරු කමිටුව හා තරගාවලි කමිටුව සදහා
නාමයෝජනා කැදවා නැහැ. මෙම කමිටු දෙකේ සභාපතිවරුන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය
කරනවා. එසේ තිබියදී නාමයෝජනා කැදවීමට පියවර නොගැනීම වැදීමෙන් හෝ හිතාමතා සිදුකර
ඇති ප්‍රධාන අඩුපාඩුවක්.
එමෙන්ම පසුගිය සැප්තැම්බර් 22 නිකුත් කළ අති විශේෂ
ගැසට් පත්‍රයට අනුව අංක 03 ( ඌ) වගන්තියට අනුව අභියාචනා සලකා බැලීමට අභියාචනා කමිටුවක්
පත්කළ යුතුයි. එය සිදුකළ යුත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින්. මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයකු
නොවීම හේතුවෙන් අභියාචනා කමිටුවක් පත්කර නැහැ. නිලවරණයේ ජන්ද හිමි නාමලේඛණයට
විරෝධතා දෙකක් මේ වන විට ගොනුකර තිබෙනවා. එහෙත් ඒවා සලකා බැලීමට කමිටුවක් ඇත්තේ
නැහැ. මේ අනුව නිලවරණය මෙවැනි අවස්ථාවක කැදවීම ගැටළුකාරී බව අමුතුවෙන් කිවයුතු
නැහැ.
මේ අතර නිලවරණයේ නාමයෝජනා පත්‍රවල සදහන් කර ඇත්තේ
2017 වසරේ නිකුත්කළ ගැසට්පත්‍රයට අනුව නාමයෝජනා සකස්කළ යුතු බවයි. මෙම නිලවරණ
කමිටුව පත්කිරීමට කටයුතු කළේ පසුගිය සැප්තැම්බර් 22 නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයට
අනුව වුවත් නාමයෝජනා පත්‍රයේ එය සදහන් වන්නේ නැහැ. මේ අනුව නිලවරණ කමිටුවේ තීරණ
අභියෝගයට ලක්කිරීමේ අවස්ථාව අහිමිව යනවා. මෙම වරද හිතාමතා හෝ වැරදීමෙන් සිදුකිර
ඇත්තේ මෙරට හිටපු ඉහළම අධිකරණ විනිසුරුවරන් දෙදෙනෙකු සාමාජිකත්වය දරණ නිලරවණ
කමිටුවකින් වීම කැපී පෙනෙනවා. නිලවරණ කමිටුව
නියෝජනය කරන්නේ හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක, හිටපු මහාධිකරණ
විනිසුරු අයි. එම්. අබේරත්න සහ අධ්‍යාපන අමාතාංශයේ හිටපු ලේකම්වරයෙකු වන සුනිල්
සිරිසේන යන මහත්වරුන්.
මෙම තත්වයන් සලකා බැලීමේදී පෙනී යන්නේ නිලවරණය කල්දැමීම පසුපස
අදිසි හස්තයක් ක්‍රියාත්මක බවයි. දැනුවත්ව නිලවරණය කල් දැමීම සදහා ඔවුන් කටයුතු
කරන ආකාරයක් මෙම කරුණු සලකාබැලීමේදී පෙනී යනවා. එය තහවුරු වන්නේ අභියාචනා භාර
ගන්නා දිනය කල් දැමීමට පළමුව එකග වූ නිලවරණ කමිටුව පසුව එය ප්‍රතික්ෂේප කිරීම
හේතුවෙන්. මේ පිලිබද වැඩිදුර තොරතුරු ඉදිරියේදී ගෙන ඒමට අප සූදානම්.
පෙර ලිපි
No comments